Monday, May 2, 2016

විට්ටර්ගේ කෑල්ල





මීට මාස පහකට පමණ ප්‍රථම ලියා පල කරන්නට යෙදුන "සනාගේ වික්‍රම" පෝස්ටුවද, මාස හතරකට ප්‍රථම ලියා පළකරන්නට යෙදුන "ගැලරියේ 31st Nightපෝස්ටුවද පිංසිදුවන්නට අද වනවිට පාසල් සමයේ හිටං මාගේ අඹ යාලුවා වූ සනා මා සමග කිසිදු ඇයි හොඳයියක් නැත. පාරිශුද්ධ වූ මිත්‍ර චේතනාවෙන්ම මුළු පවුලටම සුභපතා යවන ලද සිංහල අවුරුදු සුභ පතුමටද සනා ගොළුවත රැක්කේ මා පිළිඹඳ කේන්තිය පිරිමහන්නටදැයි මා දන්නේ නැත. සනාගේද මගේද බොක්කේ මිතුරෙකු වන සහ  දෙපැත්තටම තැලෙනා වර්ගයේ හිත හොඳ එකෙකු වන ඩුබායි හි ප්‍රසන්නයා කියන්නේ සනා මා එක්ක තරහවී නැති බවය. ඒත් සනා මාගේ ජංගම දුරකතනයෙන් ලැබෙන ඇමතුම් වලට පිළිතුරු දෙන්නේද නැත. 

සනාගේ ව්‍යාපාරික ජංගම දුරකථනයටද පුද්ගලික දුරකතනයටද එකම වෙලාවට අරුම පුදුම ලෙඩක් හැදිලාලුය. එම අරුම පුදුම ලෙඩය නම් මාගෙන් ලැබෙන ඇමතුම් පමණක්ම රින්ග් නොවීමේ අසනීපයය. එම දුරකථන දෙකේම අසනීපය ගැන දන්නා මා සනාගේ බිරින්දෑගේ දුරකතනයට ඇමතූ කල ඊට එහා අසනීපයක් සනාට හැදිලා සනා වරුවක් බාත්රූම් එකේලුය. එහෙමත් නැත්තම් ජංගම දුරකථන දෙකම ගෙදර තබා සනා හන්දියේ කඩයට ගිහින්ලුය. සියල්ල අවසානයේ මා තේරුම් ගත් සත්‍යය නම් සනාගේ දුරකථන දෙකට වැළඳුනා වූ රෝගාබාදය දරුණු ගනයේ අසනීපයක් වන බවය. අනෙක නම් මේ කියනා වූ හන්දියේ කඩය තිබෙන්නේ පේදුරු තුඩුවටත් එහා වන බවය, මන්ද දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ගොස් නැවත එන්නට යන කාලයටත් වඩා කාලයක් ඇතුලත දුරකථන ඇමතුම් සීයක් දුන්නද සනා හන්දියේ කඩයට ගොස් නැවත ගෙදර ඇවිත් නැති බැවින්ය.  මාගේ බ්ලොගය කියවනා පාඨක සැමට තම තමුන්ගේ ජංගම දුරකථන ආරක්සා කරගන්නා මෙන් ඉල්ලා සිටින්නට මා මෙය අවස්තාවක් කරගන්නේ එම භයානක අසනීපය ඔබලාගේ දුරකථන වලටද බෝවිය හැකි බැවින්ය. සමහර විට මේ වනවිටද සමහර දුරකථන වලට අසනීපය බෝවෙලා තිබෙන්නටද පුලුවනිය.

ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නට අම්බලංගොඩ අපිට අමුතුවෙන් උගන්වන්නට දෙයක් නොමැතිය. ඒ හින්දා මා ගත් අවසාන තීරණය නම් සනා නැවත යාලුකරගන්නට මත්තෙන් සනා ගැන ලියන්නට තිබෙනා සියලුම පෝස්ටු ලියා දමා අවසානයේ සනාව නැවතත් යාලුකරගැනීමටය. එසේ නොකළහොත් සනා ගැන ලියවෙනා පෝස්ටුවෙන් පෝස්ටුවට සනා මා සමග අමනාප වීමත් නැවත යාලුකරගන්නට ප්‍රයත්න දැරීමට සිදුවීමත් අප  දෙදෙනාටමත් අහිංසක ප්‍රසන්නයාටත් කරදරයක් වෙනවාය. 

මේ සිදුවීමට උක්ත වකවානුව එක්දහස් නවසිය අනූ අට හෝ අනූ නවය වසර බව ඉඳුරාම කිව හැක්කේ ඒම වකවානුවේ සනා සහ මම යන දෙදෙනාම රැකියා කලේ එකම ආයතනයේ වන බැවින්ය. එදින සෙනසුරාදා දිනයක් වූ අතර සනා සහ මම මරදාන දුම්රියපොලෙන් රුහුණු කුමාරියෙන් බැස කාර්යාලයට ආවේ මරදාන පල්ලිය අසල තිබෙනා ෂෝර්ට් ඊට් කඩයෙන් උදෑසන ආහාරයද බඩට දාගෙනය. මොනවා දමා හදනවාදැයි නොදන්නා නමුත් ඒ පුංචි කඩයේ පැටිස්, කට්ලට්, රෝල්ස්, දිව්‍යලෝක රසය. පැටිස්, රෝල්ස්, කට්ලට් හයක් හතක් කිසිම අමාරුවක් නොමැතිව අප දෙදෙනාගේ බඩට ධාවනය වන්නේ ඉඟුරු ප්ලේන්ටියක් එක්කය. අපගේ රැකියා ස්වභාවය අනුව ඊළඟ ආහාර වේල ගැනෙන්නේ ලංකාවේ කොයි කොනෙන්දැයි නොදන්නා නිසා ලැබෙන ආහාර වේල නාසය ගාවට වැළඳීම අපගේ සිරිතය. මා සමග රාජකාරි කර ලැබූ පළපුරුද්දට සවස හතර පසුවනතුරු දවල්ට කන්නට නොලැබෙන බව ඉන්තේරුවෙන්ම  දන්නා සනා මා සමග රාජකාරි කරනා දිනවලදී හතරදෙනෙකුට සෑහෙන උදෑසන ආහාරයක් ගැනීම සාමාන්‍ය සිරිතය. 

කෑම ගැන කතාබහ කරනා විට දින කිහිපයකට පෙර මියගිය මිතුරෙකුගේ අභාවය වෙනුවෙන් කල දුරකථන සංවාදයකදී ආහාර ගැනීමේ රටාව ගැන උපදෙස් කිහිපයක් දීමට මට සිදුවුයේ මාගේ හිතවත් මිත්‍ර බඩ තඩියා මහතාටයි. බඩ තඩියා මහතාගේ රුධිර පරීක්ෂණ වාර්තා ෆුල් ඔප්ෂන් තත්වයට කිරුළු දරා තිබුනේ මීට වසර දහයකට පමණ ඈත ඉතිහාසයේ සිටය. වසර කිහිපයට අසීරු උත්සාහයකින් අනතුරුව ඊයේ පෙරේදා එම තත්වය පත්වූ මමද ෆුල් ඔප්ෂන් කිරුල ලැබූ  සුභාරංචිය බඩ තඩි එකාගේ කනේ තබා මා ඔහුට දුන් අවවාදය නම් කෑම ටිකක් අඩු කරපන් යන්නය. කොත් පැලඳු බත් පතවල් තුනකට හිමිකම් කී මා මහත් අසීරුවෙන් එය බත් පතවල් දෙකකට සීමා කොට රාත්‍රී ආහාර වේල සදහටම අමතක කර දමු බවට පාරම් බාන විට බඩ තඩි එකා මට දුන් ප්‍රතිචාරය නම් මෙයයි..

"වේල් තුන දෙක කරගෙන උඹ මේ මගුලක් කියෝනව බන්.. මම මේ ෆුල් ට්‍රයි කරන්නේ වේල් පහ හය වේල් තුනකට බස්සගන්න බන්.."

කෑම ගැන ලියාගෙන යනවිට පෝස්ට් එක කැලේ පනින්නේ අහම්බෙන් වුවත් වේල් තුන දෙකකට අඩුකළ මා නිරන්තරයෙන් පසුවන්නේ බඩගින්නේ වන බැවින් කන්නට බැරි වුවද කෑම ගැන ලිවිල්ලද ෆුල් ආතල් නිසාය.

ඔන්න සනා සහ මම කාර්යාලයට පැමිණෙන්නේ නාසය ගාවට උදෑසන ආහාරය වළඳා අවසනය. අප දෙදෙනා කාර්යාලයට පැමිණෙන වෙලාව උදෑසන දහය වන නිසා සෑම දිනකම අපගේ හිතාදර මැනේජර් මහතා පළමුව බලන්නේ ඔහුගේ අත් ඔරලෝසුව දිහාය.

අයිසේ.. මේක කරන්න බෑනේ.. බලනවා වෙලාව කීයද කියල..

ඇයි සර්..

ඇයි කියන්නේ අයිසේ බලනවා දැන් වෙලාව දහයයි.. මේක වැඩට එන වෙලාවක්ද..

කෝච්චිය ටිකක් පරක්කු උනා සර්..

අයිසේ.. ඔය කෝච්චියට කලින් කෝච්චි තියනවනේ.. එයින් එකක එන්න තිබ්බනේ.. බලනවා.. අරෙහෙ ලොක්ක මාව කන්න හදනවා තමුසෙලා ගැන අහ අහ..

අපට "තමුසේ" "අයිසේ " කියා ඇමතුවද අමගේ කළමනාකාර තුමා ගැන අහිතක් නොසිතනා ලෙස මා පාඨක සැමගෙන් ඉල්ලා සිටිමි. එවකට රාජ්‍ය පරිපාලන සේවයෙන් විශ්‍රාමික වයස හැටපහ පසුකල පුද්ගලයකු වූ එතුමා බොහොමත්ම ආදරණීය සහ මිනිස්කම් වලින් සපිරි  මිනිසෙකි. සුද්දාගේ කාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගත් පුද්ගලයකු වූ එතුමා සුද්දගේ පුරුද්දට අයිසේ, තමුසේ කියා ඇමතුවද හදවතේ අපව පහත් කිරීමේ චේතනාවක් නොතිබූ පුද්ගලයකු වන අතර රටේ පිළිගත් උගත් ලොක්කෙකු වූ  අපගේ ලොක්කා සකස්කර එවන ඉංග්‍රීසි ලිපිද රතු පෑනෙන් ඉරි ඇඳ " මෙව්වා වැරදියි අයිසේ.. ලොක්කට කියනවා මේවා හදල ආයේ ටයිප් කරවල එවන්න කියල " යනුවෙන් පවසා ලොක්කාගේ ලේකම්ව නැවත හරවා යවන්නට තරම් කෙලින් කොන්දක් තිබු මගේ ජීවිතයේ මට හමුවූ සුපිරි ගනයේ මනුස්සයෙකි.

ඇයි සර් බාල්දියක්ද උදේ පාන්දර ..

තමුසෙලා දවල් දහයට වැඩට ආවාම බාල්දිය වැටෙන්නේ මටනේ ඉතින්. බලනවා දැන් මෙතනට කෝල් කීයක් ආවද..

කළමනාකාරතුමා යනු අපගේ එකම ගැලවුම් කරුවා බව අප සැම දන්නා බැවින් එතුමා සැපෙන් සතුටින් සුවෙන් තැබීම අපගේ වගකීමක්ය. එහෙයින් සනා කතාව මැදට පැන කලින් අත්හදා බැලූ ක්‍රමයක් අනුගමනය කරමින් අප දෙදෙනාවම ගලවාගන්නවාය.

එක නෙවී සර්.. අද කෝච්චියේ ආව මාර කෑල්ලක් ..

අයිසේ කෝච්චියේ ඉතින් ඕන තරම් ගෑනු ළමයි එනවනේ.. ඕක පුදුම දෙයක්ද ඉතින්..

පුදුමේ එක නෙවෙයි සර්.. මේකි ඇඳන් ආවේ මෙන්න මෙතනට සර්.. අඟල් හයක් නෑ සාය.. ෂෙහ් .. වැඩක් නෑ කියල..

නෑ .....................හ්

ඔව් සර්.. පිස්සු හැදෙනවා..

අඩෝ නිකම් හිටපන් සනා.. ඕව  සර්ට කියන්න එපා යකෝ.. 

මමද ඇඟිල්ලෙන් ඇන සනාව බොරුවට නවත්වන්නට අරාදිනවාය..

ඔයා ඉන්නකෝ පනින්නේ නැතුව ටිකක්.. කියන්න.. කියන්න.. ඉතින්.. මොකද උනේ..

කෝච්චිය සෙනග පිරීල සර්.. 

ඉතිං ඉතිං.. කියනවකො අයිසේ... අගේ නොකර..

කතාව ඉවර කරන්නට අනතුරුව දුරකථනය නාද වෙන්නේ සනාට  අතේ ගෙතු මුසාවාදය කර්ම පථයක් වන්නටම අඹරන්නට ඉඩ නොදෙමින්ය.. දුරකථන සංවාදයෙන් අනතුරුව කළමනාකාර තුමා අපට රාජකාරි උපදෙස් ලබා දෙන්නේ කොටට හැඳි දරිවිගේ කතාව සනාගෙන් පසුව අසාගන්නා පොරොන්දු සහිතවයි.

එදින පැවති රාජකාරි ස්භාවය අනුව ශල්‍ය උපකරණයක් කොළඹ අවට සායනයකට සවි කිරීමට මා වෙත භාරවී තිබු අතර, අලවි කටයුතු වෙනුවෙන් සහ මාගේ සහයකයා ලෙස සනා මා සමග එහි යා යුතු වීය. අපගේ නිල රථය රාත්‍රී නවතා තැබෙන්නේ ලොක්කාගේ නිවසේ වන බැවින් රථය රැගෙන යන්නට කාර්යාලයට මීටර් දෙතුන් සියයක් එහායින් තිබු ලොක්කාගේ නිවස වෙත මමද සනාද සැපත් උනෝය. 

වෑන් රථය තිබෙනා තැන ලවුස්පීකර් හෝර්න් කටවල් කිහිපයක් සහ එයට අදාළ උපකරණ බිම තබාගෙන අනාත වූ සේයාවෙන් බිම ඇණ තබාගෙන සිටිනා අන්කලයෙක්ය. බැලූ බැල්මට මූණ දිහා කෙලින් බලන්නට බැරි තරම් භයන්කාර පෙනුමක් ඇති අංකල් ජොන්සන් ඉන්නේ කුමක්දෝ කේන්තියකින් වග බැලූ බැල්මටම පෙනෙනවාය. ඊට අමතව තනියම මොනවාදෝ මුමුනනවාය. මුහුණට අබ ටිකක් දැම්මොත් පුපුරන තරමට මල පැන ඇති සෙයියාවකින් පසුවෙන අන්කලයා දිහා දැක්කා නොදැක්කා ගානට මම රථයේ රියදුරු අසුනට ගොඩවුනේ එවන් දසුන් අපගේ ලොක්කගේ නිවසේ මිදුලේ සුලභ බැවින්ය.

ආ ඔයාල යන ගමන් මෙන්න මෙයාවත් මාලිගාවත්තෙන් බස්සගෙන යන්න..

හෑ....මොකක්....

මේ මනුසයව මාලිගාවත්තෙන් බස්සන් පලයල්ලා බන්..

ඇයි උඹලාට වෙන වාහන නැද්ද..

කෑ ගහන්න එපා යකෝ.. ලොක්කට ඇහෙයි.. වාහන තිබ්බට ඩ්‍රයිවර්ලා නෑ.. මෙන්න මේ යකාව බස්සගෙන පලයන් බන්..

ඒ ඉල්ලීම ලොක්කගේ ගෝලයකුගෙනි.. ඩ්‍රයිවින් පුළුවන් එකෙකු අසුවුවහොත් ඩ්‍රයිවින් සීට් එක පස්ස පැත්තට දියවෙනතුරු වාහනයෙන් බසින්නට නොදෙන අපේ ලොක්කාගේ මිදුලේ වාහන සීයක් තිබුනද ඩ්‍රයිවින් පුළුවන් එවුන් මලාට නිස්කාරනේ ඒ පැත්තේ යන්නේ නැතිය.


මේ උන්නැහේ.. මේ දෙන්න ඔයාව ගෙදරින් බස්සයි.. දැන් හරිනේ..

අන්කලයා කිසිදු ප්‍රතිචාරයක් නොමැතිවම මාගෙන් කිසිදු අවසරයක් නොමැතිවම ලවුස්පීකර් උපකරණ ටික වාහනයට පටවා බල්ලහත්කාරයෙන්ම ඉදිරිපස අසුනට ගොඩවුනේය. ඒ කියන්නේ සනා නිතරඟයෙන්ම පස්සේ සීට් එකේය. රථය පදවනා මට මාගේ ආසනය තිබෙනා බැවින් මට සනා කොහේ උන්නත් කමත් නැතිය. මාලිගාවත්තෙන් මල පැනපු ලවුස්පීකරයා බස්සා අහවරවූ කල සනාට ඉස්සරහට ආ හැකිය.

අංකල් කොහෙටද බස්සන්න ඕන..

මේ හලෝ.. මට අංකල් කියන්න එපා අරිද.. පාඩුවේ යනවා  ඕයි මාලිගාවත්තේ හංදියෙන් දකුණට දාල..

සොරි අන්.. සොරි අයියෙ.. මොකද මේ කේන්ති ගිහින්..

කේන්ති යන්නේ නැද්ද ඕයි.. ඊයේ මීටිමක් තියනව කියල අලි දෙන්නං කොටි දෙන්නං කියල මගේ ලවුස්පීකර් සැට් එක ගෙනාව.. බලනවා අද උදේ වෙනකම් මේක ගෙදරට ගෙනියන්න වාහනයක් දුන්නේ නෑ.. කැත වැඩ ඕයි මේවා..

ඉතින් අන්...සොරි.. ඉතින් අයියෙ ත්‍රීවිල් එකක් අල්ලගෙන ගියානං ඉවරයිනේ..

ත්‍රීවිල්.. මොන ත්‍රීවිල්ද ඕයි.. මගේ කුලියවත් හම්බුනේ නෑ.. අරය දෙයි මෙයා දෙයි කියල අන්තිමේ හම්බුනේ කුලියෙනුත් භාගයයි.. ඒක ත්‍රීවිල් එකකට දෙන්න පුලුවන්ද ඕයි..

හරි හරි දැන් වැඩේ කෙරුනනේ.. අපි ගිහින් බස්සනවනේ..

අනේ මේ  මගෙන් කුණුහබ්බ අහන්නේ නැතුව ඉන්නවා ඕයි.. ඊයේ රෑ දහය වෙනකම් ඉඳලත් සල්ලි ගන්න බැරිවුන නිසා මේක මෙතන දාල ගියේ.. උදේ අටේ ඉඳන් මෙතන.. බලනවා ඕයි දැන් වෙලාව කීයද.. තාම උදේට කාලත් නෑ..

හරි හරි අංකල්..සොරි.. අයියෙ.. ඕවා ගණන්  ගන්න එපා.. මෙන්න මේක දාපන්  බන් සින්දුවක් අහන්න.. කතාව මැදට පැන්නා වූ සනා මා වෙත දුන් කැසට් පටියක් කැසට් ධාවන යන්ත්‍රයට ඇතුල් කල මා දැන් රථය මාලිගාවත්ත දිහාවට පදවනවාය. සින්දුවට පිංසිදුවන්නට අංකල් අයියා කටවහගෙන ගමනයේ යෙදෙනවාය.

රියදුරන් දෙතුන් සියයක් විසින් භාවිතා කරනා සී ටී බී බසයක් බඳු අපගේ ලයිට් ඒසය ඇතුලේ කැසට් පටි යනු ඉතා දුර්ලභ වර්ගයේ දෙයක් වන බැවින් සින්දුවක් අසාගෙන රථය පැදවීම ඉතා ආශ්වාද ජනකය. නොබෝ වෙලාවකින් රාජකාරී ස්ථානයට වාර්තා කල අප අපගේ රාජකාරිය අවසන් කර නැවතත් අපගේ කාර්යාලයට පැමිණියේ පැය දෙකකින්  පමණ අනතුරුවය.

සනා සහ මම කාර්යාලගේ දොර අරගෙන ඇතුලට යනවිට දුටු දර්ශනය ඉතාමත් භයන්කාරය. ඇඟ කිලිපොලායන වාතාවරණයක් එහි උද්ගතවෙලාය. මන්ද යත් ලවුස්පීකරයා යක්සාරූඩයෙන් මැනේජර් මහතාගේ ඉදිරිපස ආසනයේ විරාජමානව නොඇසූ විරූ කුණුහරුප මුමුනමින්  යුද්ධය ප්‍රකාශ කරනවාය. 

ආ මේ එන්නේ දෙන්න.. අයිසේ.. තමුසේ මෙතන කුණුහරුප කියන්න තියාගන්න එපා හරිද.. මේ මහත්තුරු ඒ වගේ ජරා වැඩ කරන උදවිය නෙවෙයි..

අනේ මේ උන්නැහේ.. තමුසේ මට මුන්ගේ හැටි කියල දෙන්න එපා.. මුන් මගේ කුලිය දුන්නෙත් බාගයයි..

අයිසේ මේ.. මම මෙතැන මැනේජර්.. මිනිස්සුන්ට නම්බු දීල කතාකරනවා හරිද.. තමුසෙගෙ කුලිය අඩුවෙන් හම්බුන එකට අපි පලිද .. ගිහින් ඉල්ලගන්නවා ඔය බඩකඩිත්තු අරන් ගිහිපු එවුන්ගෙන්. අපි මෙතන කරන්නේ රස්සාවක්..මේ මිනිස්සු මෙතන රස්සාව කරන මිනිස්සු මිසක් ඔය තමුසෙගෙ බඩකඩිත්තු අරන් ගිය එවුන් වගේ එක එකාගේ පොකට් එකට විදලා ජීවත්වෙන මිනිස්සු නෙවෙයි හරිද.. මේ මිනිස්සු බොහොම නම්බුවෙන් රස්සාවක් කරලා පඩියක් ගන්න වැදගත් මිනිස්සු.. ටිකක් වැදගත් විදිහට කතා කරනවා..

උන්නැහේ.. මේ කෙට්ටු එකා තමයි මගේ විට්ටර්ගේ කෑල්ල ඉස්සුවේ..

ලවුස්පීකරයා එසේ කියන්නේ සනාව පෙන්වමින්ය..

අයිසේ බලනවා මේ මොනවද මේ යකා කියන්නේ කියල..මේ යකා විට්ටරයෙක්ගේ කෑල්ලක් ඉල්ලගෙන ලොක්කගේ ගෙදර ගිහින් ලොක්ක තමයි මේ මරගාතෙ මෙතනට එව්වේ.. මේ යකා කියනවා තමුසෙලා දෙන්න මේ යකාගේ විට්ටර්ගෙද මොකාගෙද කෑල්ලක් ඉස්සුවලු..

අනික ඕයි මේ මිනිස්සුන්ට ලස්සන කෙල්ලෝ නැතුවද විට්ටර්ගේ කෑල්ල උස්සන්නේ.. මේ මිනිස්සු උදේ හවස යන කෝච්චිවල ඔය ඕන තරම් ලස්සන කෑලි යනවා එනවා ඕයි.. පිස්සුවටද මේ මිනිස්සු විට්ටර්ගේ කෑල්ල උස්සන්නේ..

ලොක්ක මේ.. ඔහේ වලිගෙ පාගගන්න එපා හරිද.. විට්ටර්ගේ කෑල්ල කියන්නේ විට්ටර්ගේ ගෑනි නෙවෙයි ලොක්කා.. විට්ටර්ගේ සිංදු තියන කෑල්ල..

පැහැදිලිව කියනවා අයිසේ කියන මගුලක්..මේ මහත්තුරු එහෙම හොරකම් කරන මිනිස්සු නෙවෙයි.. එහෙම අය මේවයේ තියාගෙන ඉන්නේ නෑ අපි.. 

ඔහේ මුන්ව සුද්ද කරන්න එන්න එපා අරිද.. ඔය කෙට්ටු එකා තමයි මගේ විට්ටර්ගේ කෑල්ල ඉස්සුවේ.. හොඳ හිතින් කියන්නේ.. දැනගනින්.. මම මාලිගාවත්තේ.. දීපන් හොඳ හිතින් මගේ විට්ටර්ගේ කෑල්ල..

මේ හලෝ අංකල්.. අපි දන්නවද ඔයාගේ විට්ටර්ගේ කෑල්ලක් ගැන..

මේ හලෝ.. මම තමුසෙට කතාකරේ නෑනේ අරී.. තමුසේ කරේ වාහනේ එලෙව්ව එක විතරයිනේ..තමුසෙ පාඩුවේ ඉන්නවා.. මෙන්න මූ තමයි විට්ටර්ගේ කෑල්ල ඉස්සුවේ.. 

ලවුස්පීකරයා එහෙම කියන්නේ සනා දිහාවට ගහන්න වාගේ පනිමින්ය.. ඔෆිසියේ ඉන්න අනික් උන් ලවුස්පීකරයා අල්ලාගෙන ඉන්නේ නැතිනම් යක්සයා ආරූඩ වී සිටිනා ලවුස්පීකරයා එක පාරින් සනාගේ මුතුවන් දත් දෙපෙළ අවසන් ගමන් යවනවා නියතය..සනාද ඇස් දෙක තඩි කරගෙන ගල්ගැහිලා ලවුස්පීකරයා දිහා බලා සිටිනවාය.

මේ හලෝ අංකල්.. මට පැහැදිලිව කියනවා මොකක්ද මේ විට්ටර්ගේ කෑල්ල කියන්නේ කියල..

මම තමුසෙට උදේ කිව්වනේ මට අංකල් කියන්න එපා කියල අරී.. විට්ටර්ගේ කෑල්ල කියන්නේ ඊයේ ගතපු විට්ටර්ගේ සිංදු තියන කැසට් කෑල්ල..

සනාද පසු පාදයේ ක්‍රීඩා කරමින් ගොළු වෙලාය..

අයිසේ මේ අපි දැන් මේක වහන්න ඕන.. අද සෙනසුරාද.. අද අපි වරුවෙන් වහන දවස.. යනවා යන්න මෙතනින්.. ගිහින් ඔය කියන විට්ටර්ගේ කෑල්ල ඉල්ලගන්නවා ලොක්කාගෙන්..මමයි මෙතන මැනේජර් .. මට දැන් මේ ඔෆිස් එක වහන්න ඕන ..

පී...ස්සුද ලොක්ක.. මම යයි මෙතනින්.. අඩියක් තියන්නේ නෑ මම එලියට මගේ විට්ටර්ගේ කෑල්ල නැතුව අරී ..

අයිසේ ගන්නවා පොලිසියට කෝල් එකක්.. මේ යකා මං එක්ක සෙල්ලමට එනවා මෙතන..

මේ ලොක්ක අපි පොලිසියට බය එවුන් නෙවෙයි අරී.. අපි මාලිගාවත්තේ සුපර් බුලට්.. මරදානේ පොලිසිය කියන්නේ අපිට ඉතින් ගෙදර වගේ තමයි බොස්.. අපිට ගෙදර ඉන්නවට වඩා සැප අම්බෙනවා මරදානේ පොලිසියේ අරී.. නිකම් පාර්ට් දාන්න විතරක් එන්න එපා..

මේ අංකල්..සොරි අයිය කියන්නේ අපි ඔයාගේ විට්ටර්ගේ කෑල්ල ගත්ත කියලනේ.. අපි ඔහේ බස්සල ගිහින් අපේ වැඩේ කරලා මේ එන ගමන්.. දැන් ඔයා කියන විට්ටර්ගේ කෑල්ල තියෙනවනම් අපේ වාහනේ ඇතුලේ හරි අපේ සාක්කුවක හරි තියෙන්න ඕන.. ඔහේට වාහනේ ඇරලා පෙන්නන්නද..

අන්න හරි.. ගිහින් පෙන්නනවා මේ යකාට වාහනේ.. මේ පිස්සු යක්කු නිසා මට මේක වහල දාල යන්න විදහක් නෑ..

හරි.. එනවා යන්න.. අන්න වාහනේ තියනවා පල්ලෙහා..සනා වරෙන් යන්න මුගේ මේ කියන විට්ටර්ගේ කෑල්ල තියනවද කියල බලන්න වාහනේ..මල වදේ..

ලවුස්පීකරයා එක පයින් නැගිට වාහනය පරීක්ෂා කරන්නට යන්නට ලෑස්තිය.. මැනේජර් මහතාද එක පයින්ය.. ඒත් මා මිත්‍ර සනා ටිකක් අදිමදි කරනවාය..ඒත් වචනයෙන් කියාගත නොහැකි යමක් සනා මට ඇහෙන් කියන්නට උත්සහ දරනවාය. මා පදවාගෙන ගියා වූ වාහනයේ විට්ටරයකුගේ කෑල්ලක් නැති බව මම ඉඳුරාම දන්නවා නමුත් සනාගේ පසු පාදයේ ක්‍රීඩාව මට අල්ලන්නේ නැතිය.

සෙනසුරාදා දවස බැවින් මා රථය නතර කලේ කාර්යාලයට එහායින් වූ කඩයක් අසලය. දැන් අප රංචුවම පරීක්ෂණයේ අවසානය කරා ඉක්මන් ගමනේ යෙදෙනවාය.

මොකෝ යකෝ බිල්ල වගේ..

යකෝ වාහනේ ඇරලා පෙන්නුවොත් අපි සුං ..

පිස්සුද යකෝ..කැසට් පීස් එකක් බේතකට හොයන්න නැති වාහන කටුව ඇතුලේ කොයින්ද යකෝ විට්ටරයෙක්ගේ කෑල්ලක්..

මම අර බොට දාන්න දුන්නේ උගේ ලවුස්පීකර් සෙට් එකේ කැසට් එකේ තිබ්බ පීස් එක තමයි උරෝ..

හුටා..

දැන් මොකද කරන්නේ.. තෝ මට ඕක කලින් කියන්න එපයි බූරුවෝ..

උගෙන් හොරකම් කරා නෙවෙයිනේ බන්.. ඌ බහිනකොට දෙන්න හිතාගෙන තමයි අරගෙන බොට දුන්නේ.. කොහෙද උගේ කැටයම් වැඩි කමට ඒක අමතක උනානේ.. මොකක් හරි කරලා මාව බේරගනින් දෙයියෝ.. මූ මාව මරයි දැන් ඕක වෑන් එකේ තිබිල අහු උනාම.. ඒ වගේද යකෝ මැනේජර්ට මේක මාට්ටු වෙන එක..

හරි හිටහන්කෝ බය නැතුව.. 

කොහොමද යකෝ බය නැතුව ඉන්නේ.. තව අඩි සීයයි තියෙන්නේ වෑන් එකට.. ඊට කලින් මොකක් හරි කරපංකෝ..

බය නැතුව හිටහන් බන්..

ලවුස්පීකරයා ගමනේ යෙදෙන්නේ මැනේජර් මහතාට සමාන්තරවය.. අප දෙදෙනා ඊට මදක් පිටුපසින්ය.. අඩි දෙක තුනකට වරක් ලවුස්පීකරයා පසුපස හැරී සනා දිහා යක්ස බැල්ම දමනවාය.. මීටර් සීයක් වැනි දුරකින් නවතා තිබු වාහනය අසලට පැමිණි අප දැන් සැරසෙන්නේ පරීක්ෂණයේ අවසන් පියවර සඳහාය..

හරි.. අංකල්..සොරි.. අයියා.. මම දැන් වාහනේ ඇරලා ඔයාට පෙන්නවා.. ඔයා මේ වාහනේ ඕනෑම අස්සක් මුල්ලක් චෙක් කරලා බලල ඔයාගේ විට්ටර්ගේ කෑල්ල හොයාගන්නකෝ..

හරි.. අරිනවකෝ මේ බඩකඩිත්තුව ..

රථයේ දොරවල් ඇර දුන් අප පැත්තකට වී බලා සිටින්නේ ලවුස්පීකරයා පරීක්ෂණය අවසන් කරනා තෙක්ය..

රථය සෑම අස්සක් මුල්ලකම පරීක්ෂා කල ලවුස්පීකරයා අවසානයේ පරාජය භාරගන්නට සූදානම්ය..

ඒකනේ අයිසේ මම කිව්වේ මේ මහත්තරු එහෙම හොරකම් කරන මිනිස්සු නෙවෙයි කියල.. යනවා යන්න දැන් මෙතනින්..

ලවුස්පීකරයා යක්ස බැල්මෙන් සනා දිහා බලන් සිටිනවා විනා කිසිවක් කතා කරන්නේ නැත..සනාද ඇස්දෙක නළලට මදක් උඩින් තබාගෙන හතරබීරි බැල්මකින් බලා සිටිනවාය..

මේ හලෝ බොලා මාව අන්දන්න නේද හදන්නේ.. ගනිල්ලා එලියට මේ කැසට් එක ඇතුලේ තියන කෑල්ල.. බොලා අන්දයි මේ මාලිගාවත්තේ අපි ..

සනා ක්ලාන්තව බිම වැටෙන්නට ආසන්නය.. ගිරීස්මයටදෝ සනාට තුන් මූනින් දාඩිය දාලය.. 

හරි දැන් ඔයා කියන්නේ මේ කැසට් එක ඇතුලේ තියෙන්නේ ඔයාගේ විට්ටර්ගේ කෑල්ල කියලනේ.. 

ඔව්.. අනිවාර්යෙන්.. ඕක ඇතුලේ තියෙන්නේ ඒක තමයි..

නොතිබුනොත්..

නෑ.. ඕක තියෙනවාමයි..

දැන් ඔයා කියන්නේ වික්ටර් රත්නායකගේ කැසට් පීස් එකක් මේක ඇතුලේ තියනවා කියලනේ..

ඔව්.. අන්න හරි.. එයාගේ තමයි.. ගන්නවා ගන්නවා බබා පාර්ට් නොදා ඕක එලියට..

හරි මම දැන් මේක එලියට ගන්නවා.. මේක ඇතුලේ තියෙන්නේ ඒක නෙවෙයිනම් තමුසේ අපිට කරදර නොකර මෙතනින් යන්න ඕන හරිද..

අරි.. කිව්වොත් කිව්වා.. අපි මාලිගාවත්තේ බජාර් එකේ එවුන් අරිද..

මම වාහනයේ යතුර කරකවා කැසට් යන්ත්‍රය පනගන්වා කැසට් පටිය එලියට ගනිද්දී සනා මා දිහා බලා සිටියේ අසල තිබු ලයිට් කණුවට වාරු වීලාය. සනාගේ මුහුණ බලන්නට දුකේ බෑය. ඒත් කරන්නට දෙයක් නැතිය. කැසට් රාජයා  ඇතුලේ තිබෙන්නේ කුමක්ද යන්න මා සක් සුදක් සේ දන්නේ එවකටත් මා සංගීත කාරයකු බැවින්ය.

ආ.. මෙන්න මේක තමුසෙගෙ විට්ටර්ගේ කෑල්ලද බලනව.. මේ තියෙන්නේ ටී. එම්. ජයරත්නගේ නව රිද්ම පීස් එක..

හෑ..

හෑ.. නෙවෙයි හලෝ.. මේක වෙන්න බෑනේ තමුසෙගෙ කෑල්ල..

ම්හ්..

අයිසේ එහෙනම් හරිනේ.. දැන් යනවා අපිට කරදර නොකර.. ආව මෙතන විට්ටර්ගේ කෑල්ලක් හොයාගෙන.. මම කිව්වනේ මේ මහත්තරු හොරු නෙවෙයි කියල..

ඒකනේ සර්.. මේ යකාට පිස්සු.. ඒ ගමන සනාගේද කටට පන ඇවිල්ලාය..ඉස් මුදුනින් දාඩිය වැගිරෙද්දී මොකුත් නොවුනා ගානට චන්ඩි කතාය.


විට්ටර්ගේ කෑල්ලේ අභියෝගය නිර්භයව භාරගැනීමට මා එඩිතර වුයේ සක් සුදක් සේ වික්ටර් රත්නායකත්, ටී. එම්. ජයරත්නත් වෙන් වෙන්ව කැසට් පටිවලින් දැන උන් බැවින්ය. සනාගේ කරුමයට වික්ටර් සහ ටී. එම් වෙන්කොට හඳුනා ගන්නට නොහැකි තත්වයේ සිටියේ සින්දුවක් ඇසෙනවානම් එහි ජාතිය ජම්මය සෙවීම එදත් අදත් සනාගේ පුරුද්දක් නොවන හෙයිනි. 

ලවුස්පීකරයා තමුන් මිලදී ගත් කැසට් පටය කාගේද යන්න හරිහැටි දැන උන්නානම් එදා අපේ පටි රෝල් වෙනවාය. ඒත් අපිට සොරකම් කිරීමේ පව සිදුවුනේ නැත්තෙ ලවුස්පීකරයාගේ කැසට් පටය සොරකම් කිරීමේ චේතනාවක් තුන් හිතකවත් නොතිබූ බැවින්ය. අපට හොර නාමය ගාවන්නේ නැතුව සාමෙන් පැමිණියානම් ලවුස්පීකරයා විට්ටර්ගේ කෙසේ වෙතත් ටී. එම් ජයරත්නගේ නව රිදම කැසට් පටිය සාක්කුවේ දමාගෙන සින්දුවක් කියාගෙන සතුටින් ගෙදර යනවා නියතය. 

ලවුස්පීකරයා ගුඩ් බායි නොකියාම මරදාන දිහාවට ඇවිදගෙන ගියේ පරාජය භාර ගනිමින්ය. ඒ යන ගමනද සනා දිහාවට යක්ස බැල්මක් දෙතුන්වරක් හෙළුවේ ලවුස්පීකරයාගේ විට්ටර්ගේ කෑල්ල අන්තරස්දාන වීමේ සංතෑසියට සනාගේ කුමක් හෝ සම්භන්ධයක් ඇතිවග ලවුස්පීකරයාගේ අක්මාවට දැනෙන්නාවූ බැවින් වන්නට ඇතිය.

60 comments:

  1. සනාව ඉක්මනින් යාලු කරගන්න ලැබේවා...

    අපූරු කතාව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මානි.. අද හෙටම සනාව යාලු කරගන්න ඕන..

      Delete
  2. අරූට අහ අහ ගියේ කාගෙ සිංදුද කියලවත් අමතක උන එක නෙ වැඩේ.. සනාගෙ වාසනාව.. ඔය කියන විදිහට නම් සනා තරහ වෙන ජාතියේ ඩෑල් එකක් නෙමෙයි.ඒ නිසා මේ වෙලාවෙ ඇදල දාහං බං ඔක්කොම.. පස්සෙ අඩියක් වත් ගහන ගමන් බැනුම් අහපන්.ඒකත් ලියහං.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අලුත් සංගීතෙට කැසට් පටි පිටවෙන්න ගතපු මුල් අවදිය නිසා ගායකයෝ ගැන අවබෝධයක් නැති එවුන් අඳ මන්ද වෙලා හිටියේ ඒ කාලේ බන්. සන්ෆ්ලවර්ස් එක්ක ප්‍රියා සූරියසේන කැසට් එක ගැහුවයින් පස්සේ තමයි අපේ ගායක ගායිකාවන් අළු ගසල ඇවිත් එක එක ආකාරයේ අලුත් ශබ්ද එක්ක පරණ සිංදු ආයෙත් පටිගත කරන්න ගත්තේ. අපේ සනාටත් ඉතින් සින්දුවක් ඇහෙනවනම් ගායකයා මොකා උනත් එකයි. ලවුස්පීකරයා නම් මම හිතන්නේ නැහැ ජාතිය ගීයවත් දන්න එකෙක් කියල..

      Delete
  3. වික්ටරේගේ කෑල්ල උනානන් සනා කෑලි...

    ReplyDelete
  4. සනා හොද එකා බන්.ඌ තරහවෙයිද උඹත් එක්ක.

    ReplyDelete
    Replies
    1. කිව්වට විස්වාස කරහන් ඇත්තටම තරහ වෙලා..

      Delete
  5. මාත් සහොදරයෙක් වගේ ආස්සරේ කරපු එකෙකුටත් ඔය සනාගෙ ෆෝන් එකට හැදිල තියෙන ලෙඩේ හැදිල තියෙනව බං. නෝ මැසේජ්, නෝ ආන්සර්. කොයි වෙලාවක හරි ඌ මට කතාකරයි කියල මාත් ඔහෙ බලාගෙන ඉන්නව.

    ලවුස්කීපරය සින්දු අඳුනන්නෙ නෑ කියන්නෙනං බරපතල තත්වයක්. මොකද ඔය වගේ වැඩක් කරන එකා අනිවාර්යෙන් සිංදු ගැන දැනගෙන හිටියෙ නැත්තං වැදගත් තැනක වැරදි සින්දුවක් දාල අපේ පටි රෝල් කරන්න බොහෝ ඉඩකඩ තියෙනව.

    කරුමෙට එදා අරූට වික්ටරයගෙ කෑල්ල හම්බඋනානං උඹලටයි වෑන් එකටයි මාලිගාවත්තෙ පිහිටයි. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය ලෙඩේ හදුනා ෆෝන් වලට බේතක් අරන් දෙන්න තැනක් තියෙනවනම් මටත් කියහන් මම සනාගේ ෆෝන් දෙකත් එවන්නම් බේත් ටිකක් අරගන්න..

      මම හිතන්නේ නැහැ ලවුස්පීකරයා ජාතික ගීයවත් දන්නා එකෙක් කියල බන්..
      ඔය වැඩේ වෙන්නේ මෙහෙමයි..ලොක්ක ගෝලයින්ට කියනවා ලවුස්පීකට් සෙට් එකක් අරන් වරෙන් කියල.. ඒත් එක්කම ලොක්ක සල්ලිත් දෙනව..ඔය ගෝලයෝ කියන එවුන් මාටියා ගහන්න උපන් හපන් එවුන් නිසා දීපු ගානෙන් තුන්කාලක් සාක්කුවේ දාගෙන ඉතුරු මුදලට ගේන්න පුළුවන් එකෙක් හොයනවා. සමහර විට ඒකත් පැවරෙන්නේ තවත් එකෙකුට. ඌත් එතනින් ගානක් මාටියා ගහල ඊටත් අඩු මුදලකට එකෙක්ව හොයනවා. ඉතින් ඒ වගේ ගානකට එකඟ වෙලා එන්නේ ඔය වගේ ඩයල් තමා බන්.. මම හිතන්නේ නැහැ ඒ ලවුස්පීකරයා ජාතික ගීය වත් දන්නවා ඇති කියල..

      විට්ටර්ගේ කෑල්ල වෑන් එක ඇතුලේ තිබිල හම්බුනානම් අපිට අපේ ඇඟේ පතේ කෑලි ගන්න වෙන්නේ පංචිකාවත්තෙන් තමා..හැක්..

      Delete
  6. මේ වගේ තව මගෝඩි වැඩ ඇති නෙහ් එහෙනං.. හරි හරි උඹලගේ ක්‍රමයට ඔක්කමෙ ටික දාහං..

    ඊට පස්සේ බැරියැ සනා යාලු කරගන්න.

    (බ්ලොග් එකක් හදන්න උදව් දුන්නය කියල එක්කෙනකේ කිව්ව මට මේ ළගදි)

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.. ඔක්කොම ලියල දාල පස්සේ සනා යාලු කරගන්නවා..

      (බ්ලොග් නම් කීපයක් හදන්න උදව් කරා බන්.. උඹ මේ කියන්නේ කොයි එකද කියන එදා නොදනී )

      Delete
  7. ඔය යාලුවගෙ ෆෝන් එකට හැදුණ ලෙඩේම තියෙන ෆෝන් එකක් මගෙ යාළුවෙක්ටත් තියෙයි. එකම වරද මම දන්නෑ ඇයි එහෙම ලෙඩ වුණේ කියල
    හ්ම්.. එයාලගෙ කැමැත්තනෙ කියල මං පැත්තට වෙලා ඉන්නව

    එදා අර අංකලය ගායකයන්නෙ නම දන්න කෙනෙක් වුණා නං සනාට කලිං බොට තමා බඩු බනිස් වෙන්නෙ හැක්

    ReplyDelete
    Replies
    1. කාලෙන් කාලෙට වෙනස්වෙන මිනිස්සුන්ට හැදෙන රෝග ෆෝන් වලටත් හැදෙනවා බන්.. මොනා කරන්නද.. දැනුවත්ව වරදක් කරේ නැත්තම් ෆෝන් එක ලෙඩේ සනීප උනාම ආයේ අමතයි..

      අන්කලය වික්ටර්, ටී එම් දැනගෙන උන්නනම් මං සුං තමා..

      Delete
  8. හුග කාලයකින් එන්න බැරිවුනා බං.
    සනා උඹට බූට් එක තියලද කොහේද ?

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමයි මේ පැත්තේ දැක්කේ.. ඒත් කාලෙකින් හරි ආපු ඒකනේ බන් වටින්නේ..

      සනා මට සපත්තුව දුන්න වගේ තමයි..

      Delete
  9. ගල් බමුනො ටික කෙලිය නේද අංකලයගෙ පීස් එකට?

    ReplyDelete
    Replies
    1. අනේ බන් උගේ පීස් එක හොරකම් කරන අදහසක් තුන් හිතකවත් තිබ්බේ නෑ... ඌ පාතාල ටෝක් දාගෙන ආපු නිසා තමයි අන්තිමේ එහෙම කරන්න සිද්ද උනේ..

      Delete
  10. උඹ වැරැද්දක් කරේ නැත්තං සනා නෙමෙයි දෙයියන්නාසෙ උනත් ඇඹරෙන්න ඕන නෑ !! එච්චරයි

    ReplyDelete
    Replies
    1. වැරද්දක් නම් කරේ නෑ බන්..කරපු එකම වරද තමයි ඌ ගැන බ්ලොග් එකේ ලීව එක.. ඌ මගේ අඹම අඹ යාළුවා වෙච්චි ඌ ගැන නොලිය කව්රු ගැන ලියන්නද බන්..

      Delete
  11. Sana tho ekka kohomath katha karana ekak ne eka nisa bayanethuwa liyapan.
    maseta ekakata wada liyapan.

    ReplyDelete
    Replies
    1. සනා එහෙම කරන්නේ නෑ බන් මට.. ඌයි මමයි කියන්නේ නිකම් සිගරට් එකට ලයිටරේ වගේ දෙන්නෙක්. ලයිටරේ නැතුව සිගරට් වැඩකුත් නෑ.. සිගරට් නැතුව ලයිටරේ වැඩකුත් නෑ බන්.. ගිය මාසේ බ්ලොග් ලියන්න බැරි වුනා ලැප්ටොප් එක බිම වැටිල කැඩුන නිසා.. දැන් හරි.. දැන් ලියන්න පුළුවනි.. හොලා වගේ ඇවිත් ඇනෝ කමෙන්ට් දාල යන්නේ නැතුව ඔයා කව්ද කියල කිව්වනම් තමයි වඩා වටින්නේ..

      Delete
    2. okata ape kalharaya kiyanne amudei pukai wage kiyala.

      Delete
    3. ඒකත් යසට ගැලපෙනවා වගේ තමයි... තැන්කු ඇනෝ..

      Delete
  12. කල්‍යාණ මිත්‍ර කියන්නෙ මේ වගේ අයටද ????

    ReplyDelete
    Replies
    1. හෑ... එතකොට කමියා = අම්බලංගොඩයා ද??? හිහ්..:-)

      Delete
    2. කල්‍යාන මිත්‍රයෙක් නෙවෙයිනම් එවෙලේම සනාව අමු අමුවේ පාවල දීල මගේ බෙල්ල බේරගන්න තිබ්බනේ මේතු.. එදත් අදත් හෙටත් මමනම් කල්‍යාන මිත්‍රයෙක් තමයි.. සනා ඔය බොරුවට හොලා වගේ තරහ වෙලා හිටියට ඌත් එහෙම එකෙක් තමයි..සනා කියන්නේ මගේ පරිප්පු නැව් පිටින් බාපු එකෙක්..

      Delete
    3. අපොයි භාග්‍ය හදන්නේ කාමියා මා එක්ක තරහ කරවන්නයි ඔන්න..බ්ලොග් ලෝකයේ කල්‍යාන මිත්‍රයාTM තියෙන්නේ අපේ කමියට නෙව.. අම්බලංගොඩයා වෙන එකෙක්..

      Delete
  13. පවු අංකල්, නෑ මං කීවේ පවු අයියා.. හිහ් :-D

    ReplyDelete
    Replies
    1. අංකල් අයියට වික්ටර් ටී. එම් වෙන් කරලා අඳුරගන්න පුළුවන්කම තිබ්බනම් පව් කියන්න වෙන්නේ මටයි සනාටයි තමයි භාග්‍යා..ස්තුතියි මේ පැත්තේ ආවට..

      Delete
  14. දුරකතන ලෙඩ වැලදෙන උන්ට නම් මම ආයේ කතා කරලා පස්ස පාරේ යන්නේ නෑ හැක් ඇයි යක‍ඩෝ. එපා හින්දනේ මග අරින්නේ..... ඉතින් අම්බලං මාමේ උඹලා විට්ටරේටත් කෙලියා... අර මනුස්සයා දැන ගතතා නම් දෙන්නව චොප්සී කරලා මාලිගාවත්තේ කාක්කන්ට දානවා හැක් ;) :D

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ උඹේ ප්‍රතිපත්තියේ තමා බන්.. ඒත් සනා කියන්නේ එහෙම විනාඩියෙන් දෙකෙන් අමතක කරන්න පුළුවන් යාලුවෙක් නෙවෙයි බන්.. ඒ හින්ද පස්සෙන් ගිහින් කෙල්ලෙක් යාලු කරගන්නවා වගේ හරි යාලු කරගන්න ඕන ඊළඟ වතාවේ ලංකාටව ගියාම.. ලවුස්පීකරයට මතක් උනානම් උගේ නැතිවෙච්චි කෑල්ල ටී එම් ගෙ කෑල්ල කියල මාලිගාවත්තේ කාක්කන්ට චෝප්සි කන්න තිබ්බ තමා..

      Delete
    2. කිඹුලී, එහෙම අමතක කරල දාන්න පුලුවන් වැඩකට නැති එකෙක්නං. ඒත් සහෝදර බැඳීමකින් ඉන්න එකෙකුට ඒ දේ කරන්න අමාරුයි. ඒ හින්ද අම්බලං කියල තියෙනව වගේ පස්සෙන් ගිහින් හරි යාලු කරගන්න වෙනව.

      Delete
    3. අනිවාර්යෙන් ප්‍රසා... සනා කියන්නේ මගේ සහෝදරයෙක් වගේ එකෙක් තමයි.. ඒ හින්ද යාලුකරගන්නම වෙනවා..

      Delete
  15. අදයි ආවෙ මේ පැත්තෙ. කාලෙකින්, ආසාවෙන් කියවපු හොඳ ලිපියක්.ඔබ තුමාගෙ වචන හරඹය පංකාදු පහයි.

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියල පිලිගන්නවා කස්සා.. ඔබතුමාගේත් පංකාදු බ්ලොගයක් තියෙනව දැක්ක.. අද තමයි ඇහැ ගැටුනේ.. වෙලාවක් ලැබුන ගමන් එන්නම්කෝ ඒ පැත්තේ..ස්තුතියි දිරියට..

      Delete
  16. අප්පට හුඩු අම්බලංගොඩයා කාලෙකට පස්සෙ.
    මේ ඉස්සෙල්ල සනා ගැන කතා ටික ඔක්කොම ලියල ඉඳින්.පස්සෙ සනාව ෂේප් කරගන්න බැරුවයැ.

    ReplyDelete
    Replies
    1. මාසයක් තිස්සේ ලැප්ටොප් එක ලෙඩ වෙලා තිබ්බ හැලපේ අයියෙ.. දැන් හරි..

      සනා ගැන ලියන්න කතා බොහොමයි.. ඉදිරියට ලියන්න තමයි හිතන් ඉන්නේ.. ස්තුතියි මේ පැත්තේ ආවට.

      Delete
  17. හඃ හඃ හඃ හා.................තදින් සිනා, තදින්ම සිනා.

    මේ වගේ විකාරවර්ධන වැඩක් වත් නොකර, අරවගේ තැන්වල රස්සාව කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. මෙව්වා නොකර ඒ වගේ තැන්වල ඔලුව බේරගන්න බැහැ විචා.. ස්තුතියි මේ පැත්තේ ආවට...

      Delete
  18. මාරු ලිවිල්ල, නාට්ටියක් බැලුව වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්..

      Delete
  19. ඔය වගේ බුවාලා තමයි ඉස්සර මරදානේ පැත්තේ සමහර 'ලව්ස්කීපර්' වැඩවලට ආවේ. ලව්ස්කීපර් දෙක කොහෙ හරි බැන්දා. එනවුන්ස් කරන එකාට කැසට්ස් ටික දුන්නා. අයිනක් අල්ලන් ජොයින්ට් එකක් ගහලා වැඩේ ඉවරවුනාම ගලවන් යනවා. එක දවසක් වැඩේ අතරමග ස්පීකර් එකක් වැඩ කරන්නේ නැහැ. මූ ලොවෙත් නැහැ. හොයනකොට අර මහා සද්දේ අස්සේ ස්ටේජ් එක යට නිදි.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ ජීවමාන සාක්ෂි කාරයෙක්.. ස්තුතියි අරුණ බ්ලොග් එකට ගොඩ වෙලා කමෙන්ට් එකක් දැම්මට.. මේ කියන අංකල් කාරයත් ඔය කිව්ව ජාතියේම බුවෙක් තමයි.. ඔයත් මරදාන පැත්ත ගැන හොඳට දන්නවා කියල දැනෙනව මට.. මරදානේ රස්සාව කරලා ජීවිතේට ඉගෙනගත්තු දේවල් මැරෙනකම් ප්‍රයෝජනයි මටනම්.. ලෝකේ කොයි තැනක ගියත් ඔලුව බේරාගෙන ඉන්න කලාව ඉගෙනගත්තේ මරදානේ වැඩකරපු නිසා තමයි..

      Delete
    2. ///////ලෝකේ කොයි තැනක ගියත් ඔලුව බේරාගෙන ඉන්න කලාව ඉගෙනගත්තේ මරදානේ වැඩකරපු නිසා තමයි..////////////

      සහතික ඇත්ත.....මම පාසල් කාලයේ එක පරිච්ඡේදයක් ගෙවා දැම්මේ ඔය පැතිවල තමයි. මම වර්ඩ්ප්‍රෙස් එකේ බ්ලොග් එකක් ලිව්වා ඒ දවස්වල අරූගේ අඩවිය කියලා. ඒකේ තියෙනවා සමහර විස්තර.

      Delete
    3. ස්තුතියි අරුණ බ්ලොග් එක ගැන කිව්වට ..ඔයාගේ බ්ලොග් එක එල්ලගත්තා.. වෙලාවක් ලැබුන ගමන් කියවන්නම්.. වෙනස් වුන කොළඹ නගරයට සාපේක්ෂව මරදාන වෙනස් උනේ නැහැ කියලයි මට හිතෙන්නෙ.. කාලෙකින් ලංකාවට ගියාම කොළඹ හරි වෙනස්.. ඒත් මරදානේ සුපුරුදුභාවය එහෙමමයි කියල දැනෙනව.. ඒ මට හිතෙන හැටිද මරදාන වෙනස් වෙලා නැති නිසාද මන්ද..

      Delete
  20. ගොඩ කාලෙකින් දකින්ඩ ලැබීම සතුටක්. සනා නං මේ පේන විදිහට එච්චර මැට්ටෙක් වෙන්ඩ බෑ. ඒනිසා ලියන්ඩ තියෙන තරමක් දේවල් ලියල, ඒ අතරෙම ෂේප් කරගන්ඩ බැරි වෙන එකක් නෑ.

    අර බෑන්ඩ් එකේ කොල්ලට මොකද උනේ? ඒකත් අතරිං පතර ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. සනාට මැට්ටා කිව්වොත් අපිට කියන්න වචන නැති වෙනවා කියනවා බන්.

      කතාව ලියන එක අතාරින්නෙ නැහැ බන්.. ටික දවසක් ලියන එක මග හැරුන නිසා මේ පොස්ට් එක දැම්මේ.. අතරින් පතර කතාව ලියන්න තමයි බන් හිතන් ඉන්නේ..

      Delete
  21. සනාත් පෙරලගන්න බාල්දි...
    ඌව දැන්ම යාළු කරගන්න ඕනේ නැහැ, කතා ඔක්කොම ලියල හිටහන්...
    අර උඹලගේ එළකිරි මැනේජරයා බඩු පප්පෙක්ද. කෝච්චියේ දැකපු කෙල්ල ගැන එකසිය ගාණට උනන්දු උනේ...

    ReplyDelete
    Replies
    1. ඊළඟ කතාවෙත් සනා ඉන්නවා ඔන්න..

      අපේ මැනේජර් එහෙම කෙනෙක් නෙවෙයි බන්.. හරිම හොඳ මනුස්සය.. ඒ වෙද්දීත් වයස හැත්තෑවක්.. අපි කොල්ලෝ ටික එකතු වෙලා ඔව්ව කතා කරනකොට අහගෙන ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ. ඒ ඇරෙන්න එහෙම දුරාචාර තිබ්බ මනුස්සයෙක් නෙවෙයි.. වයස උනාට හිතෙන බොහොම තරුණ මනුස්සයෙක්..

      Delete

  22. සනා ගැන තිබ්බ කලින් කතාවත් කියවල ආවෙ . මේ පෝස්ටුවක් නිසා ද යාළුව තරහ වුනේ ?? :O

    ReplyDelete
    Replies
    1. මේ පොස්ට් එක නිසානම් නෙවෙයි.. මීට කලින් ලියපුවා නිසා වෙන්න ඇති කියල මම හිතනවා..

      Delete
  23. ඉක්මනට යාලු කර ගන්න තරන් යාලුකමෙ අවුලක් පෙන්නෙ නම් නැ යාලුවගෙ.. කාලයක් හොයා ගන්න බැරි තරමට මඟ ඇරල හිටියත් මේ වගෙ යාලුවො ආයෙ දැක්කාම ඉස්සර වගෙමයි.. ඒ හින්ද ඔන්න ඔහෙ ඔක්කොම ලියන්න.. කියවන්න ආසයි ලියන විදිහට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. සනා ඔය තරහ වෙලා වගේ ඉන්නේ බොරුවට වෙන්න ඇති..

      Delete
  24. හොදවැඩේ තොපිට අහිංසක මිනිස්සුන්ට මඩ ගහනවට...බලපන්,මලක් වගේ තියන සනාගේ හිත කොච්චර රිදිලද කියලා....

    එක දවසක් මටත් හම්බුනා අර අංකලයා වගේ කොන්දොස්තර සහෝදරයෙක්.ඌ රූට් එකේ හෝල්ට් දන්නේ නෑ.ගාන දන්නෙත් නෑ.මිනිස්සුන්ගෙන් අහ අහා තමයි ටිකට් කැඩුවේ.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මේ උගේ මල වගේ හිත රිදිලා වෙන්න ඇති නේද බන්..

      කොන්ද නැහැ කියල බස් එක නොයවා ඉන්න බැහැනේ බන්.. කව්රුහරි පාරෙ යන එකෙක්ව නග්ගල එවන්න ඇති අයිතිකාරයා..

      Delete
  25. ඌ කවදා හරි තේරුම් ගනී බන් උබව
    අනික උට මෙච්ර පර්සිද්දියක් දුන්න උබට මල් තියලා ඌ වදින්න ඕනේ

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ.. යාන් හෑල්ල ලියන සුරන්ගයගේ ආච්චි වගේම අපේ සනාත් දැන් හරිම ප්‍රසිද්දයි ..හෙහ්...

      Delete
  26. අම්මෝ! මට හිනාව නවත්ත ගන්න බැරියෝ !
    පට්ට ගොඩයෝ

    ReplyDelete