Friday, April 1, 2016

වාදී ස්වර සංධ්‍වනි 1



"වන්.. "

"ටූ.. "

"ත්‍රී.."

"ෆෝ.."

ඔබේ උපන්දිනේ අදයි ඔබේ උපන්දිනේ...
මේ පැතුම් මගෙන් ආදරේ...
දිගුකල්  යෙහෙන් සැරදේ...
සඳ මෙන් පිරී දිලී ගුවන් තලේ...

රෙගේ තාලයට සංගීත කොටස් වාදනයෙන් තොරව ගායනයෙන් ඇරඹි මිල්ටන් මල්ලවආරච්චිගේ ගීතයෙන් සාදයේ සියල්ලන්ගේම අවධානය සංගීත කණ්ඩායම වෙත යොමුවුණේ ඇසිල්ලකින්.  ඒම ගීතය සිය දහස් වර අසා තිබුනද ගීතය පටන්ගත් ආකාරය සහ රෙගේ තාලය නිසාවෙන් සාදයේ සියලුදෙනාම සියලු අල්ලාප සල්ලාප නවත්වා ඒ වෙනස්ම තාලයට ගැයෙන අපූරු ගීතය සහ ඒ ලයාන්විත කටහඬ  වෙත සවන් සහ දෑස් යොමන්නටවුනා. රෙගේ තාලය අනුව වැයෙන ගීතයට ගායනය මුසුකරමින් උන් ලීඩ් ගිටාර් වාදක විසල්ටනම් ගීතයේ අමුත්තක් තිබුනේ නැහැ. සාදයේ සිටිනා පිරිසෙන් සියයට  සියයක අවදානය තමුන්වෙත යොමුවෙලා ඇති බව විසල්ට දැනුනත් ඔහුට ඒ ගැන වගක්වත් තිබුනේත් නැහැ. ගීතයට හැකි උපරිමය ඉටුකරමින් ගිටාරයේ තත් වාදනය කරනා අතරේ විසල් තම කන්කළු නාදයෙන් සාදයේ පිරිස තම වසඟයට ගනිමින් සිටියා..

ඒයි...

හ්ම්...

ඒයි අනන්‍යා ... මොකද උඹ දැහැන් ගතවෙලාද බන්..

හිටහන් බන් ටිකක්..

කව්ද බන් මේ බෑන්ඩ් එක.. මාරයිනේ බන්.. කොහේ බෑන්ඩ් එකක්ද බන්..

හිටහන්කෝ ටිකක් මේ සින්දුව අහනකම්..

විසල් විසින් කන්කලුව ගායනා කරන ගීතයෙන් ඉවතට සවන් යොමන්නට අනන්‍යා මදකටවත් කැමැත්තක් දැක්වුයේ නැහැ. බොහොමත්ව දයාබරව ගැයෙන ඒ හඬ මුසුව තමාටම ගායනා කරන ලද්දක්දෝ යන මොකක්දෝ දැනීමක් අනන්‍යාගේ චිත්ත සන්තානය පුරා නුහුරු හන්ගීමක් මුසු කරමින් තිබුනා. ඊට පෙර ගණන් කල නොහැකි වාර ගණනාවක් ඒම ගීතය අසා තිබුනත් විසල්ගේ හඬ සහ ගීතයට මුසුවූ සංගීතයේ වෙනස් තාලය අනන්‍යාව මදකට නිසොල්මන්කර තැබුවා..

අශානි ..මොකක්ද බන් උඹ ඇහුවේ..

මේ බෑන්ඩ් එක කව්ද කියල.. මාරයිනේ බන් .. කව්ද බන් ඒ සින්දුව කියපු බෝයි.. මාර වොයිස් එක මචන්.. ඒ වගේම පොර මාර  හැන්ඩිය මචං..

මම දන්නේ නැහැ බන්.. ඩග්ලස් අංකල් තමයි බෑන්ඩ් එක බුක් කරේ.. සින්දුවනම් ලස්සනයි තමා..

ඇයි සින්දුව විතරද ලස්සන...මොකද උඹ නිකම් මඥ්ඥo වගේ.. මේ උඹේ බර්ත්ඩේ පාර්ටිය.. අපේ නෙවෙයි.. ගෙනෙන් අපිට  කන්න බොන්න.. 

මෙතන තියන ඔක්කොම කෑම බීම උඹලාට තමයි කෙල්ලනේ.. කැමති ටේබල් එකකින් කැමති කෑමක් ඇති තරම් කාපං බන්.. 

හුහ්.. උඹ අපිට ඉන්වයිට් කරලා එහෙම බේරෙන්නද හදන්නේ.. අපිට සර්ව් කරහන් වේටර් කෙනෙක් ලව්වා..


මාධවී උඹනම් හැමදාමත් ඔහොමයි බන්.. උඹලාට මේ ගෙදර නුපුරුදු තැනක්ද බන්.. හිටහන්.. මම අම්මිට කියන්නම් උඹලාට වෙනම වේටර් කෙනෙක් එවන්න කියල..

අන්න එහෙමයි යාළුවො යාලුවොන්ට සලකන්න ඕන මචන්.. ලස්සන හැන්ඩ්සම් කොල්ලෙක් එවපන් අපිට සර්ව් කරන්න..

මේ උඹල ඩ්‍රින්ක්ස් ගන්නවානම් අපේ මහ දෙන්නට නොපෙනෙන්න ගනිල්ලා හොඳේ.. දන්නවනේ.. දැක්කොත් එහෙම මට එලියට බැහැල හමාරයි කෙල්ලනේ..

හරි බන් හරි.. අපි එව්වා ගානට කරගන්නම්.. උඹ දන්නවනේ අපේ බ්‍රෑන්ඩ්.. එව්ව මේ පැත්තට එවහන්කෝ.. 

හේයි ගර්ල්ස්... හවූ යූ ගයිස් ඩුයිං..

හේයි රජීව්.. කවද්ද ලංකාවට ආවේ..

ටූ වීක්ස් අ ගෝ මාධවී.. මට මගේ ස්වීටිව බලන්නේ නැතුව ඉන්න බැරිබව ඔයාල දන්නවනේ.. ඉතින් මම ඔක්කොම දමල ගහල ආව අනන්‍යාගේ බර්ත්ඩේ පාර්ටි එක සෙලිබ්රේට් කරන්න.. ඕ යේස්..

බලහන් අනන්‍යා  උඹේ ලවින් බෝයිෆ්‍රෙන්ඩ් කොච්චර ශෝක්ද කියල..

අපෝ...යි ඔව්.. ආපු දවසේ ඉඳලම අපේ අයිය කාරය එක්ක ක්ලබ් ගානේ.. මෙයාගේ මහ දෙන්නයි අපේ මහ දෙන්නයි මෙයාල ගැන හිතන් ඉන්නේ බොහොම සිල්වත් කොල්ලෝ දෙන්න කියල.. මමනේ දන්නේ මෙයාල නටන නාඩගම්..

ඇයි ස්වීට් හාර්ට් ඔයාගේ යාළුවො ඉස්සරහ මගේ කාර්ඩ් එක සවුත්තු කරන්නේ.. ඔයා දන්නවනේ මම ඔයාට කොයිතරම් ලව්ද කියල..

හා හා  ඇති ඇති.. ඔයාල එහෙනම් කතා කරන්නකෝ.. මම වේටර් කෙනෙක්ව අරන් එන්නම් ඔයාලට සර්ව් කරන්න..

මේ මතක ඇතුව අපේ ස්පෙෂල් රික්වෙස්ට් එවහන් වේටර් අතේ..

හරි බන් හරි.. මට ආයේ ගෙදරින් එලියට බහින්න තියල කරන දෙයක් කරහන්.. 
මාධවී .. විශේෂයෙන් උඹ  කලනාවෙන් ..

යෙහෙළියන් සහ රජීව් වාඩිවී උන් මේසයෙන් අනන්‍යා නැගිට ගියේ යෙහෙළියන් හට සත්කාර කරවන අරමුණින් උනත් කලින් ගැයුණු ගීතයේ විසල්ගේ හඬ අනන්යාගේ දෙසවන පුරා දෝංකාර දෙමින් තිබුනා. සාදයේ ප්‍රධාන සංවිධායකවරිය වූ තම මව සොයමින් පිරිස අතරේ ඇස් මානන අනන්‍යාගේ දෙනයන කිහිප වරක්ම විසල් දෙසට හැරී නතරවුනා. මව සොයමින් ඇවිදින නෙත්සර විසල් දිහාවටම හැරී නවතන්නේ ඇයිද යන්නට පිළිතුරක් අනන්‍යා ළඟ තිබුනේ නැති උනත් ඒ පළමු වතාවට දුටු පුද්ගලයාගේ සහ ඒ හඬේ මොකක්දෝ හුරුපුරුදු බවක් අනන්යාගේ දෙනයන සහ දෙසවන සොයමින් උන්නා. ගිටාරය වයමින් සාදය වර්ණවත් කනරාවූ සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදකයා වූ විසල් බර්ත්ඩේ ගර්ල් තමුන් දිහාවට ඇස් යොමා තිබෙන වගක් දැනගෙන සිටියේ නැහැ.

ෂූ..ෂූ...

ෂූ....ෂූ....

ඒයි විසල් ... ෂූ...

ෂූ....ෂූ...විසලෝ...

සංගීත නාදයෙන් වෙනස්ව ඇහෙන්නාවූ ආමන්ත්‍රණය යාන්තමින් ඇසුණු විසල් බේස් ගිටාර් වාදකයා වූ සහන් දිහා හැරී බැලුවේ විස්මයෙන්.. වාදනය කරනාවූ ගීතයේ කොටස් වාදනය කරන්න ගමන් බේසා හදිසියේ තමා අමතන්නේ ඇයිදෝ යන්න ගැන විසල්ට තිබුනේ විමතියක්..

මොකෝ බන් අවුලක්ද.. විසල් ගිටාරය වයරය සමගින් ඇදගෙන බේස් ගිටාරය වාදනය කරනා සහන් වෙත මදක් ලංවුනා..

එකපාරට බූරුවා වගේ හැරිලා බලන්නේ නැතුව වම් පැත්තේ තියන මොනිටර් එක ගාවින් බලහං..

මොකක්ද..

ඔය ඔය ඉතින්.. බූරුවෝ.. එකපාරට බලන්න එපා.. හෙමීට මෙතනින් අයින් වෙලා හිටපු තැනට ගිහින් නොදන්න ගානට බලහන්..

මොකක්ද වෙන්නේ කියහන්..

හෙමීට බලහන්කො... උඹේ පැත්තට ලයින් එකක් වැටෙනවා..

පිස්සු..

හරි පිස්සුද නැද්ද කියල බලන්න ඊළඟ පාර්ට් එක ගහල හෙමීට බලහන්කො..

වේදිකාවේ තමුන් රැදී උන් තැනට හෙමිහිට ඇදුන විසල් වාදනය වන ගීතයේ අන්තරා කොටස වාදනය කරනා ගමන්ම වම්පස ඇති මොනිටරයට මදක් ඔබ්බෙන් තිබු පඩිපෙළ දිහා බැලුවේ එතරම් ඕනෑකමකින් නොවෙන ගානට. එකවරම එකිනෙක ගැටුණු ආගන්තුක නෙත් හතරක නෙත් කැලුම් තත්පර කිහිපයක් එකිනෙකා දිහා බලන් උන්නේ එකිනෙකාගෙන් දෑස් අහකට ගන්න ලෝභ කමෙන් වගේ. ඒත් ඒ වෙද්දී විසල් විසින් වාදනය කලයුතු අන්තරා කොටස වාදනය කරන්න මගහැරුණ බවක් විසල් දැනගෙන උන්නේ නැහැ. ගීතයක කිසිදු කොටසක් අඩු නොකර අකුරට වාදනය කරන විසල්ගේ ප්‍රමාද දෝෂයෙන් කණ්ඩායමේ හැමදෙනාම විසල් දිහා බැලුවේ විමතියෙන්. ඒත් හැමදෙනාමගේම අවදානයට යොමුවුණේ රන්වන් පාට සල්වාර් ඇඳුමකින් සැරසිලා ඉන්න සුරංගනාවියක් වගේ යුවතියක් තමුන් ඉන්න පැත්ත බලන් ඉඳල හොරකමක් කරලා අහුවුණ පුංචි දරුවෙක් ගානට එකවරම පඩිපෙළ දිගේ ඉහලට දිවයනවා පමණයි. විසල් මුළු ලෝකයම අමතක කරමින් පසුවුනේ පඩිපෙළ දිගේ දිවයන ලස්සනම ලස්සන කෙල්ල දිහා බලාගෙන.

බේස් ගිටාරයත් වයරයෙන් ඇදගෙන සහන් විසල්ට ලන්වුනේ විමතියෙන්..

මොකද බූරුවෝ කරන්නේ.. 

ඇයි මොකෝ..

මොකෝ ??? මොකෝ  කියල උඹ දන්නේ නැද්ද...

ඇයි මොකද..

උඹේ පාර්ට් එක ගහන්නේ මමද යකෝ..

ඔහ්.. සොරි  මචන්..

දැන් ඇන්තනියට ඕක ඇහිලා තිබ්බොත් තෝ සුං..

හරි  බන්.. මම ගැහුවා.. මේ වයර්  එකේ  අවුලක්..

දැන් අර තෝ දිහා බලන් ඉඳල උඩට දිව්වේ වයර් එක වෙන්න ඇති නේද....


විසල් තමුන් දිහා බලනවා දුටු ගමන්ම අනන්‍යා පඩිපෙළ දිගේ ඉහලට දිවගියේ පුංචි හොරකමක් කරලා අහුවෙච්චි පුංචි දැරිවියක් වගේ. යෙහෙළියන්ට සත්කාර කරන්න වේටර් කෙනෙක්ව යොදවන්නට තමුන්ගේ මව සොයමින් හිටපු අනන්‍යා ඒ සියල්ලම පැත්තක දමා කෙලින්ම දුවගෙන ගියේ තමුන්ගේ කාමරයට. හදවතට දැනෙන්නාවූ වචනයෙන් විස්තර කල නොහැකි අමුතුම හැගීමකින් ඔද්දල්වී සිටි අනන්‍යා කාමරයේ දොර ඇතුලතින් වසා දමා දොරට පිටුපා බිම වාඩිවුනා. ඇසුනා වූ මියුරු සංගීතය නතරවන හඬත් නතරවූ සංගීතයට සාපේක්ෂව අමුත්තන්ගේ ගෝශාව වැඩිවන හඬත් නිහඬව සවන් දෙමින් අනන්‍යා මද වෙලාවක් කල්පනාවේ නිග්මන්ව උන්නේ ඇයිද කල්පනා කලේ කුමක් ගැනද යන්නවත් පැහැදිලි අදහසක් අනන්‍යා තුල තිබුනේ නැහැ. 

මද විවේකයක් සඳහා සංගීතය නතරකල සංගීත කණ්ඩායම, සාදය පැවතී මාලිගාවක් බඳු තෙමහල් නිවසේ මිදුලෙහි වූ කොන්ක්‍රීට් මේසයක් වටා වූ  බංකු උඩ වාඩිවී අල්ලාප සල්ලාපයක යෙදෙන්නට වුනේ ඒ අතර..

විසල් උඹ මේ බෑන්ඩ් එකේ ඉන්නකම් අපි දිහා කෙල්ලෝ බලන්නේ නැහැ බන් ..

මොකෝ බන් සහන් මූට මොකක්හරි ලයින් එකක් වැටෙනවද....

වැටෙනවා නේන්නම් බන්..දැක්කනේ කොල්ලට අද කවදාවත් නැතුව තටු මාරු උනා.. මෙච්චර කාලෙකට නෝට් එකක් වරද්දපු නැති මූ අද පාර්ට් එකක්ම ස්කිප් කරා උඹලට ඇහුනනේ..

හෙහ්.. අනේ පල යන්න.. මගේ ගිටාර් ජැක් එකේ අවුලක් උනා බන්..

අඩෝ විසලෝ.. මමත් උඹ එක්කම තමයි බන් ස්ටේජ් නැග්ගේ..  මූ අර මිල්ටන්ගේ සිංදුව කියනකම්  අපි උගුර කඩාගෙන සිංදු කීයක්නම් කිව්වද බන්.. එක කෑල්ලක් හැරිලාවත් බැලුවේ නැහැ අපි කළුද සුදුද කියල බලන්නවත් .. මූ එක සිංදුවයි කිව්වේ... බර්ත්ඩේ ගර්ල් පඩිපෙළට නැගල මූ දිහා විනාඩි පහක් විතර රබර් ඇහැ දැම්ම දැක්කද උඹල..

අහිංසක මට කතන්දර හදන්න එපා බන් සහන්..

විසලෝ.. මම මේ විහිලුවට නෙවෙයි කියන්නේ.. කොක්ක ගහගත්තොත් පරම්පරාවම ගොඩ මචෝ... බොරුද මම කියන්නේ..බලහන් මෙව්වා නිකම් දිව්‍ය ලෝක සුව යකෝ.. මචං ඉවෝන්.. කතාකරහන්කෝ..

මේවට කොක්ක ගහන්න ගිහින් කොක්ක කෙසේ වෙතත් බෙල්ලනම් ගහල යන්න ඉඩ තියෙනව පුතේ..

අන්න අන්න සහෝදරයා උඹ අපේ විසල්ට ඉරිසියා කතා කියන්න එපා හරිද .. ඌට හරි ගියා කියන්නේ අපිට හරිගියා වගේ තමයි..

අනේ මේ.. ආපු වැඩේ කරල යමල්ල බන් යන්න.. තොපි මෙතන ගිටාර් එල්ලගෙන ගෑනු දඩයමේ ගියාට මම මේක කරන්නේ රස්සාවට අමතරව කීයක් හරි හොයන්න විත්තිය උඹල දන්නවනේ.. උඹල ඔව්ව ලොක්කට ඇහෙන්න එහෙම කියනව නෙවෙයි.. අන්තිමේ මගේ පාර්ට් ටයිම් එක ගහල ගියාම ඒකෙනුත් පාඩු මටනේ බන්..

එහෙම කියන්න එපා බන් විසලෝ.. බෝනස් එක ලැබෙන වෙලාවට ගන්න ඕන බන්.. කොයි තරං කට්ටක් කාලද අපි මේ ඉන්ස්ට්රුමන්ට් එකක් ප්ලේ කරන්න ඉගෙනගත්තේ..ඊටත් වඩා කොච්චර කට්ටක් කාලද ටිකක් ජනප්‍රිය බෑන්ඩ් එකක එල්ලුනේ.. එව්වට ලැබෙන බෝනස් තමයි ඔය.. නැද්ද බන් ඉවෝන්..

අනිවා අනිවා.. අපි ස්ටේජ් එකේ ඉන්නකොට බලන කෙල්ලෝ අපි පාරෙ යනකොට අපි දිහා බලන්නේ නැහැ බන්.. අහුවෙච්ච වෙලාවේ චාන්ස් එක ගන්නෝන.. ස්ටේජ් එකෙන් බැස්සට පස්සේ නෝ චාන්ස් මල්ලි..

මචං සහන්.. අපි ඇවිත් තියෙන්නේ අපිට ලැබෙන පොඩි ගානකට උන්ගෙ විනෝදෙ සපයන්න බන්.. අපි කව්ද කියල තේරුම් ගනින්.. අඩුම තරමේ මේ මාලිගාවක් වගේ තියන ගේ ඇතුලේ තියන පාර්ටියේ මේසෙක වාඩිවෙලා කන්න බොන්න දෙන්නවත් අපි වැදගත් එවුන් නොවෙනකොට උඹල හිතනවාද මේ ලක්ස ගානක් වියදම් කරලා දාන පාර්ටියේ බර්ත්ඩේ ගර්ල් මට ඇහැ දාන්න ඒකිට පිස්සු ඇති කියල.. කොන්ක්‍රීට් බංකුව උඩ මදුරුවෝ තලන උඹ මට කියනව බර්ත්ඩේ ගර්ල් මට ඇහැ දානවලු.. මැක්කෙක් ගිය උඩ කිව්වලු..හෙහ්..

ඔක්කොම පැත්තක තියල උඹ දැන් කියහන් උඹ කොහොමද දන්නේ ඒකි බර්ත්ඩේ ගර්ල් කියල.. උඹ කවදාවත් ඕඩියන්ස් එක දිහා ඇහැක් ඇරලා බලන මිනිහෙක් නෙවෙයිනේ..

න්..න්...නෑ... ම්..ම්...මම ක්..කිව්වේ.. මට නිකමට හිතිච්ච දේ..

ඕක තමයි මල්ලි කියන්නේ කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නැහැ කියල..හැක්..

හරි මම කියන්නේ බොරුද කියහන්.. දැන් බලහන්.. අපේ බෑන්ඩ් ලොක්ක මේ පාර්ටියේම මේසෙක වාඩිවෙලා මෙතන ඉන්න මිනිස්සු එක්ක එකට කනවා බොනවා.. ඒ ඌ රටේ ජනප්‍රිය ගායකයෙක් නිසා.. ඒ වගේද අපි ??? බලහන් අපි එළියේ කොන්ක්‍රී බංකුවක් උඩ මදුරුවෝ තලනවා ඊළඟ සෙෂන් එක පටන්ගන්නකම්.. යකෝ.. තේරුම් ගනින්.. අපි වහල්ලු වර්ගයක්.. පිටකොටුවේ නාටාමිල අපිට වඩා ග්‍රේට් ජොබ් එකක් කරන්නේ.. උන් දවසක් මහන්සි වෙලා අපිට වඩා ගානක් හොයනවා.. අපි අවුරුදු ගානක් මහන්සි වෙලා සංගීතේ ඉගනගෙන මිනිස්සු හුඟක් සන්තෝස කරලා සොච්චමක් අරගෙන රෑ දොගොඩ හරියේ වැනි වැනි පයින් ගෙදර යනවා.. අපේ ලොක්ක උගේ ජනප්‍රියත්වේ පාවිච්චි කරලා අපේ මහන්සිය විකුණලා සල්ලි මිටියක් සාක්කුවේ දාගෙන ඒසී දාගෙන ගෙදර යනවා.. දැන් බලහන් පිටකොටුවේ නාටාමි කෙනෙක් ඌ දවසම මහන්සි උනාම ලැබෙන සල්ලිය සම්පූර්නෙන්ම ඌගේ.. ඒත් අපි ? අවුරුදු ගානක මහන්සියට ලැබෙන සල්ලියෙන් අරික්කාලක්වත් අපිට හම්බෙන්නේ නැහැ.. එහෙව් වහල් රස්සාවක් කරන උඹ එයින්ම එකෙක් වෙච්චි මට කියනව මේ ලෝක ප්‍රසිද්ධ බිස්නස් කාරයාගේ දුව මට ඇහැ දානවලු.. ඉවෝන්.. නිකම් හිතහන් මම කියන්නේ බොරුද..

හිතල බැලුවාම ඒකෙ ඇත්තක් නැත්තෙමත් නැහැ බන්.. 

උඹ දන්නවද අර මිදී යුෂ බීපු අස්සයොයි රොඩු දියකරපු වතුර බීපු කොටලුවන්ගෙයි කතාව.. මේකත් අන්න ඒ වගේ තමයි බන්.. අපේ ලොක්ක මිදී යුෂ බීපු අස්සයා වගේ.. අපි උඹල රොඩු දියකරපු වතුර බීපු කොටළුවෝ වගේ..හෙහ්..

කෝ මල්ලිලා.. එමු.. ඊළඟ සෙෂන් එක පටන් ගන්න වෙලාව හරි..

ඇන්තනි අයියෙ බඩගිනියි දැන් නම්..

උඹ නම් ඉවෝන් කොයි වෙලෙත් බඩගිනි කියාගත්තු ගමන්.. දැන් මෙතන බොලාට කන්න වෙලාවක් නැතිවෙයි.. වැඩේ ඉවරවෙලා බුෆේ එකේ ඉතුරු තිබ්බොත් කාහල්ල.. නැත්තම් නයිට් කඩේකින් කොත්තු පාරක් කාපල්ලා යන ගමන්..

ඔව් ඉතින් තෝ බඩ පැලෙන්නේ කාල බීලනේ ඉන්නේ බල්ලෝ ..

මොකක්ද ඉවෝන් උඹ කිව්වේ..

න්..නෑ.. මම කිව්වේ යනගමන් නයිට් කඩෙන් කන එක හොඳයි කියල..

හරි හරි දැන් එව්වයෙන් වැඩක් නැහැ.. ඉක්මනට වැඩේ පටන් ගනින්..කට්ටිය දැන් බර්ත්ඩේ කේක් එක කපන්නයි හදන්නේ.. හැපී බර්ත්ඩේ ගහල ස්ලෝ සික්ස් එයිට් එකකින් වැඩේ පටන් ගනිල්ලා.. 

විසල් ඇතුළු පිරිස වේදිකාවට ගොඩවුනේ නැවතත් සාදය සංගීතවත් කෙරීමේ අරමුණෙන්. පළමුව සිදුවූ උපන්දින කේක් කැපීම වෙනුවෙන් උපන්දින සුභපැතුම සංගීත කණ්ඩායම විසින් සංගීතවත් කළා..

අනන්‍යා විසින් කපන ලද අලංකාරවත්ව සැරසු උපන්දින කේක් ගෙඩියේ කේක් කැබැල්ල අනන්‍යා විසින් තම මවටත් පියාටත් සහෝදරයාතත් කවනු ලැබුවේ අරාධිතයින්ගේ සුභාශින්ෂණ මැදින්..

කමෝන් අනන්‍යා.. යූ හැව්ටු ගිව් රජීව්... කමෝන් රජීව්.. සෙලිබ්රේට් ද බර්ත්ඩේ..

මාදවී සාදය දෙවනත් වෙන්නට කෑගසන්නට වුයේ මදක් බමන මතින්.. අනන්‍යා මාධවී දිහා ඔරවා  බැලුවත් මාදවී එයින් සැලෙන වගක් පෙනෙන්නට තිබුනේ නැහැ.. 

කමෝන් රාජිව්.. 

ඕකේ එව්රිබොඩි .. ඇම් ගොන්න සෙලිබ්රේට් හර් බර්ත්ඩේ.. 

රජීව් කේක් කපන ලද ස්ථානයට පැමිණියේ මදක් වැනෙමින්.. කපන ලද කේක් කැබැල්ල අතින් ගත් රජීව් අනන්‍යා වෙත ලන්වුනේ කේක් කවන්නට මෙන්.. අනන්‍යා ඒ පිලිබඳ කැමැත්තක් දැක්වුවේ නැතත්  පිරිස ඉදිරියේ බීමතින් පසුවන රජීව් ප්‍රතික්ෂේප කරන්නට අනන්යාට ශක්තියක් තිබුනේ නැහැ. සාදයේ සියල්ලන්ගේම අවදානය යොමුවෙලා තිබුනේ රාජිව් සහ අනන්‍යා වෙතට..කපන ලද කේක් කැබැල්ල අනන්යාගේ මූව අසලට ලංකල රජීව් ක්ෂණිකවම අයිසින් සහිත කේක් කැබැල්ල අනන්යාගේ මුහුණ පුරා උලා දැම්මේ කොක් හඬලා සිනාසෙමින්.. එයින් ප්‍රමෝදයට පත් ආරාධිතයින් ප්‍රීති ගෝෂා කරමින් සංගීත කණ්ඩායම විසින් පටන්ගත් සංගීතයට නටන්නට වුනා. අනපේක්ෂිත සිද්දියෙන් වික්ෂිප්ත භාවයට පත් අනන්‍යා පඩිපෙළ දිගේ ඉහල මාලයට දිවයාම ගැන කිසිවෙකුත් අවධානය යොමුකළේ නැහැ. ඒත් සාදයේ හැමදෙනාටම හොරෙන් සිහින් කඳුළු දහරා දෙකක් අනන්යාගේ ඇස් කෙවෙනි තුලින් පහලට ගලා යමින් තිබුනා... 

සංගීත කණ්ඩායම සගීතය සපයමින් සාදය වර්ණවත් කෙරෙන අතරතුරේ බමන මතින් සිටි බහුතරයක් දෙනා විවිදාකාරයේ නර්තනයක් දක්වමින් විනෝද වන්නට වුනේ වැයෙනා සංගීතයට වඩා පමණට වඩා ගත් මද්යසාරවල උත්තේජනයෙන්. මසකට කිහිපවතාවක් මෙවැනිම සාදයන් සඳහා ආරාධනා ලැබෙන ඇන්තනිගේ සංගීත කණ්ඩායමට වේදිකාවෙන් පහල නර්තනයේ යෙදෙන පිරිසේ විශේෂත්වයක් තිබුනේ නැහැ. කාබී විනෝදවීමට උපන් හපන් සමාජයේ ඉහල ස්ථරයක ජීවන රටාවේ ස්භාවය සංගීත කණ්ඩායමට හුරු පුරුදු දෙයක් බැවින් ඔවුන්ගේ රාජකාරිය වුනේ සාදයේ සියල්ලන්ටම ඇතිවෙනතුරු නටා ගයා විනෝද වීමට සාදය සංගීතවත් කිරීම පමණයි..

සාදය එසේ රසවත් වෙමින් පවතිද්දී ලද අවසරයකින් වේටර් වරයකු වේදිකාවට ගොඩවුනේ විසල්ව සොයාගෙන. විසල් ආසන්නයට පැමිණි වේටර් වරයා විසල්ගේ අතට සුදු පැහැති තුන්ඩු කැබැල්ලක් දික්කලේ විසල්ව විමතියට පත්කරමින්. . 


ඔයාට මේක දෙන්න කිව්වා..

කව්ද..

අනන්‍යා බේබි....

අනන්‍යා බේබි කිව්වේ..

අනන්‍යා බේබිගේ තමා අද උපන්දිනේ..

සංගීතයේ සහ පිරිසේ ගෝශාව මැදින් විසල්ගේ  කනට ලංවූ වේටර් වරයා එසේ පවසා වේදිකාවෙන් බැස යද්දී ලද අවසරයෙන් විසල් කඩදාසිය දිගහැර කියවන්නට වුනා....

තව එකම එක මිල්ටන්ගේ සින්දුවක් කියන්න.. ප්ලීස්..
                                                                          අනන්‍යා..

යහමින් මධුවිතින් සන්තර්පණය වී සිටි බාල  මහලු ගැහැණු පිරිමි සියල්ලෝම බයිලා ගායනයෙන් රසවත් කරමින් සිටියේ සංගීත කණ්ඩායමේ අයිතිකරු ජනප්‍රිය ගායක ඇන්තනි විසින්. ගයමින් සිටි බයිලා ගීතය අවසන් වනවාත් සමගම විසල් විසින් වාදනය කරන්නට පටන්ගත් ගීතයෙන් සංගීත කණ්ඩායමේ අනෙකුත් ශිල්පීනුත් ජනප්රිය ගායක ඇන්තනීත් විසල් දිහා විසල් බැල්මකින් බලා සිටියා. තම තනි කැමැත්තට මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතයක මුල් ගිටාර් වාදනය වැයීමට පටන්ගත් විසල් ඇන්තනිව තුට්ටුවකට මායිම් නොකරමින්ම  ගීතය ගයන්නට පටන් ගත්තා..


ප්‍රේම මායා හෝරාවේ 
දෑසින් ඈ කී ඒ රහසේ 
මා හදේ ආදරේ ලියවුනා 
ආදරේ ..... යාවුනා..
ප්‍රේම මායා හෝරාවේ 
දෑසින් ඈ කී ඒ රහසේ 

මා කාගේ කව්රුන්ද ඈ නෑ විමසුවේ 
ඈ කාගේ කව්රුන් උනත් ඉන් කම් නැතේ....
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ 
මා සිතේ  සොම්නසේ යා කෙරේ....

මේ වාගේ ලංවූ කෙනෙක්නම් මේ ලොවේ 
නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ.... 
ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ 
මා සිතේ  සොම්නසේ යා කෙරේ....


60 comments:

  1. මරු මරු අම්බොලේ...විසලයට කෙල වෙයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික... බලමු ඉදිරියට විසල්ට මොකද වෙන්නේ කියල..

      Delete
  2. ඔක්කොම කොටස් ටික එකපාර දාපංකෝ මචං... :D

    -malkavi-

    ReplyDelete
    Replies
    1. ඔක්කොම ලියල ඉවර නැහැ මචන්.. තාම ලියමින් පවතිනවා..

      Delete
  3. ඕං ඔය ගමන සුජීව පෙසන්න ආච්චි අම්බලං අයියාට ගෝරියක් අදිනවා

    ReplyDelete
    Replies
    1. අපොයි.. මාව එතනට වැටිලද.. ලැජ්ජාවේ බැහැ බන්..

      Delete
  4. මරු මරු..... හොඳ කතාවක්....
    අර කියුවත් වගේ සුජීවලා, මධාරාලා අම්ඹලන්ට කොක්ක අදී ද මන්දා,,,,,,
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. වෙන්න බෑ නිර්මානි.. මම කෑම වට්ටෝරු ගැනයි යට ඇඳුම් ගැනයි ලියලත් නැහැ ලියන්නෙත් නැහැනේ.. හැක්..

      Delete
    2. අනිවා උඹ ඒ ටික ලිවුවනම් සුජීව ප්‍රසන්නආරච්චිම තමයි.

      Delete
  5. Can't wait too long for the next episode. Come on dude. Hurry up!

    ReplyDelete
  6. Replies
    1. එහෙම හිතාගෙන තමයි මචන් ලියාගෙන යන්නේ...මේක ටිකක් දිග වෙයි..

      Delete
  7. මේ ටික නං බොහම රහයි.පැණි බේරෙන කතාවක් වගේ නේද බං.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපේ අයියෙ..බලමු ඉදිරියට..

      Delete
  8. මේකනං ඉලව්වක් වෙන ලව්වක් බොලේ.
    විසල් කාරය ගිටාර් පාරක් නොකා බේරුනොත් ඇති.
    කතාව ලස්සනයි. මොනව උනත් ඊගාව කෑල්ල ඉක්මනටම දාහං.

    ReplyDelete
    Replies
    1. දාන්නම් දාන්නම්.. හැකි ඉක්මනින්ම දාන්නම්..

      Delete
  9. උඹත් බෑන්ඩ් ගැහුව නෙහ්? නැත්තම් මේ කට්ට මෙච්චර රහට ලියවෙන්නෑ... ගොඩක් වෙලාවට පාටිය ඉවර වෙලා සවුන්ඩ් එක අකුලගන්නකොට බුෆේ එක වහල උනුත් යන්න ලෑස්තිය.වෙන කොහෙවත් නෙමෙයි මගෙ පොඩි කාලෙ ඉඳන් ම හොඳම බොක්කක් මියුසික් කරපු මගෙම වෙඩින් එකේ උන් ලන්ච් එක වෙලාවෙත් බ්‍රේක් ගන්නෙ නැතුව ප්ලේ කරා.අන්තිමට කේටරින් එකාට මගෙ වෙන යාලුවෙක් සද්දයක් දාල තමයි කෑම සෙට් කරල තියෙන්නෙ.අරුන් කෑවද නැද්ද කියල අද වෙනකන් අහිතකින් මීක් කියන්නෑ..
    ලස්සන කතාවක් ගෙතෙන බවක් පේනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බෑන්ඩ් කාරයින්ගේ ජීවිතේ ගැන දන්නේ බෑන්ඩ් ගහපු එවුන්ම තමයි බන්.. අත්දැකීම් තියන නිසා යම්තාක් දුරට බෑන්ඩ් ජීවිතේ සජීවීකරණය කරන්න උපරිම උත්සහ කරනවා මචන්.. ලංකාවේ බෑන්ඩ් කාරයෝ දෙකොට්ටාශයක් ඉන්නවා.. එකක් ඉහල සත්කාර ලබන උදවිය.. අනෙක පහල සත්කාර ලබන උදවිය..

      Delete
  10. Replies
    1. ස්තුතියි ලලිත්..

      Delete
  11. කිසි අවුලක් නැතුව ගලාගනයන කතාවක්.අත්දැකීම් කලවම්කරගන ලියවෙන ඒවා රහට ලියවෙනවා, අර ලබ්බා කියනවා වගේම.

    ගියපාර එකටත් කමෙන්ට් කලේ නෑනේ ඉවරවෙනකම් බලා ඉදලා.මේකනම් මුල ඉදන්ම කියවනවා.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුස්සෝ.. උඹ තරම් රහට මෙව්වා මට ලියන්න බැහැ මචං..

      Delete
  12. ඇත්තටම වෙච්ච එකක්ද මන්දා.....

    ලස්සනයි ඈ ..........

    ReplyDelete
    Replies
    1. සුටික්කා සාදරයෙන් පිලිගන්නවා අම්බලන්ගොඩ කතා වෙත.. ඇත්තටම වෙච්චි දේවලුත් මේ කතාව ඇතුලේ ලියවෙයි බොහෝදුරට..

      Delete
  13. හා..හා...හා..මේක තමයි එහෙනං උඹ අර අනන්‍යා කියල බොහොම අමාරුවෙන් නමක් හොයාගෙන ලිව්වයි කියපු කතාව....:)

    ReplyDelete
    Replies
    1. මේ වෙන අනන්‍යා කෙනෙක් කියල හිතමු රවී.. මට නම් හොයලා හොයලා වෙනත් නමක් වැදුනේ නැති නිසා ඔන්න ඔහේ පබ්ලිෂ් කරා..

      Delete
  14. ලස්සනයි ඈ නිකං අවුරුදු දහඅට විස්සට ඇදගෙන ගිහින් දැම්මා වගේ ජයවේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොෂාන්.. දහ අටේ විස්සේ හැමදාම ඉන්න පුලුවනිනම් නේද..

      Delete
  15. ඔය තියෙන්නේ අලුත් එකක්.... බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
    Replies
    1. බලමු බලමු...ඔයාගේ අර ශිවා ගැන ලියපු කතාව මරු ඈ..

      Delete
  16. අම්බලන් මේ ලිව්ව කෙටි කතාවක් මේ කියවනවමයි.අනේමන්ද නවකතාවක්ද දන්නේ නැහැ

    පොඩි පැටලීමක් ආව
    //සංගීතයේ සහ පිරිසේ ගෝශාව මැදින් කසුන්ගේ කනට ලංවූ වේටර් වරයා එසේ පවසා වේදිකාවෙන් බැස යද්දී ලද අවසරයෙන් කසුන් කඩදාසිය දිගහැර කියවන්නට වුනා....
    මේකෙ ඉන්න කසුන් කවුද ? ඒක විසල් කියල නම වෙනස් වෙන්න ඕන නේද ?

    අම්බලන් දිග කතා ලියල පුරුදුවෙලා මේකත් දිගට දාල :D තව එක දෙයක් අර කෙල්ලොන්ගෙ දෙබසනම් මට ටිකක් අමුතු වගේ දැනුන කෙල්ලෝ නෙවේ කොල්ලෝ අතර වෙන දෙබසක් වගේ මට මුලින් හිතුනෙ.සමහර විට දාපු වචන නිසා..කතාවෙ ඊලඟට මොනා වෙයිද දන්නේ නැහැ .ඉක්මනට දාන්නකො කියවන්න :)

    ReplyDelete
    Replies
    1. මේක කෙටි කතාවක් වෙන එකක් නැහැ හංසි.. දිගට ලියන්නයි බලාපොරොත්තුව..පළමුවෙන්ම ස්තුතියි වරද පෙන්නලා දුන්නට.. මේක මුලින්ම ලිව්වේ කසුන් කියන නමින්.. එත් පස්සේ මම ඒ චරිතයේ නම වෙනස් කරා.. මෙතන මගෑරිලා දන්නෙම නැහැ හංසි පෙන්නනකම්..

      කෙල්ලන්ගේ දෙබස ගැනත් මම ටිකක් හිතල බලන්නම්කෝ.. බොහොම ස්තුතියි මේ දේවල් ලිව්වට.. ඊළඟ කොටස දාන්නම්කො ඉක්මනින්...

      Delete
  17. විසල් හොඳ කොත්තු පාරක් කන්නයි යන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ නේද ... බලමුකෝ කසුන්..

      Delete
  18. හැකිනම් කතාව ගලාගෙන යන වේගය තරමක් අඩු කරන්න. එමෙන්ම ලිවීමෙන් පසු අක්‍ෂර වින්‍යාසය නැවත පරීක්ෂාකර බලන්න.

    සරල බව හොඳයි. ඒ වගේම කතාවේ කූටප්‍රාප්තිය සඟවා තබාගැනීමත් පාඨක අවධානය වැඩිකරගනීමට හේතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා අදහසට.. මේ ගූගල් ප්‍රශ්නේ නිසා ටයිප් කරන එව්වා නෙවෙයි වදින්නේ. අද හැදෙයි හෙට හැදෙයි කියල හිතාගෙන මුකුත්ම නොකර ලියාගෙන ගියා.. දැන් වෙන බ්‍රවුසර් එකකට මාරුවෙන්න වෙයි වගේ..

      කතාවේ කූටප්‍රාප්තිය බොහෝදුරට නොහිතන දෙයක් වෙයි..

      Delete
    2. Nothing wrong with Firefox.

      Delete
  19. අනන්‍ය කියන්නෙ ක්‍රිෂ් ගෙ කෙල්ල, විසල් ගුටිකන්නෙ ඉන්දියන් කොල්ලෙක්ගෙන්.
    කල් ගන්නෙ නැතිව ඉතිරි කොටසත් දාපං මේ වගේ රස කතාවක් ලිවුවනම් ,

    ReplyDelete
    Replies
    1. ලැප් ටොප් එක බිම වැටිලා කුඩු උනා බන්.. හදන්න කෑලි එනකම් මේ ඉන්නේ.. මේ ලියන්නෙත් වෙන එකකින්.. ඉක්මනටම මගෙ ලැප හදාගෙන ලියන්නම් ඊළඟ කොටහ..

      Delete
  20. අද දවස තිස්සෙම කියෙව්ව බොස්. මරු මරු...!

    ස්කූබිය ඇඳ පාමුළට වෙලා බිම ගළාගෙන යන පැණි ලෙවකනව පේනව... හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. උඹලගේ දිරිය තමා මගේ සවිය මචන්.. ස්කුබී දුවපාන්... ලේ බොන එකා ඇවිල්ලා.....

      Delete
  21. තවත් රසවත් කතාවකට මුල පරන්න වගේ යන්නේ

    ReplyDelete
    Replies
    1. රසවත්ද නැද්ද කියල තීරණය කරන්නේ ඔයාල තමයි මනෝ.. පුළුවන් තරම් රසවත් කරන්න තමයි මගෙ උත්සාහය.. ස්තුතියි මේ පැත්තේ ඇවිත් දිරිමත් කරනවට ..

      Delete
  22. Ambalangoda machan

    I was bit busy during last few months bcs of my job. So....couldn't get time to come to read blogs.

    But....
    I understand that you have started a new story today.
    Interesting. ......!

    This time please do not kill the "Hero" like last story.

    I wanted to blame you for that "murder". But...didn't.
    It was purely a fictional character as you mentioned in your comments.
    Am I correct?

    Have a great day brother.

    ==Adrian Channa from Toronto===

    ReplyDelete
    Replies
    1. Thank you so much for the comment Adrian, I am sorry for the delayed reply. No the "hero" didn't die in the actual story.

      It won't happen in this story.

      Keep in touch.

      Delete
  23. අදයි මේ පැත්තේ ආවෙ . ලස්සන කතාවක් ! දෙවනි කොටස කියවන්න නොඉවසිල්ලෙන් .......

    ReplyDelete
    Replies
    1. රිප්ලයි පරක්කු උනාට සමාව ඉල්ලනවා..දෙවැනි කොටස ඉක්මනින්ම දාන්නම්.. ස්තුතියි මේතු..

      Delete
  24. මේ කතාව පුරාම මම දැක්කේ අම්බලංගොඩයගෙ සංගීත දැනුම සහ උනන්දුව. ඔය සින්දුව රෙගේ වලින් ගහපු එකෙක් මේ කතාව ලිව්වා කියලා මට හිතෙන්නේ ගෙදරදි විතරක් හරි.

    ReplyDelete
    Replies
    1. සංගීතය හැමදාම එකම විදිහට වැයෙනකොට මිනිස්සුන්ට එපා වෙනවා ඩූඩ්.. විවිද ආකාරයේ අත්හදාබැලීම් වලින් සංගීතය විවිද ආකාරයෙන් රසවිඳින්න පුළුවනි.. ස්තුතියි කමෙන්ට් එකට..( රිප්ලයි පරක්කු උනාට සොරි වෙන්න ඕන )

      Delete
  25. අද තමයි බන් උබේ කතාව කියවල ඉවරකරන්න වෙලාවක් ලැබුනෙ.ලස්සනයි මචන් ඇදගෙන යමන්.ඒ අතරතුර අපේ අලුගුත්තේරු වැඩකුත් ලියපන්.

    ReplyDelete
    Replies
    1. අපේ අලුගුත්තේරු වැඩ ලියල ඉවර කරන්න පුලුවනිද බන්.. ඔන්න සනා ගැන එකක් දැම්ම..

      Delete
  26. දෙවැනි කොටසින්ම බලමු. සින්දු වැඩේ නැගල යනෝ වගේ.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම දෙවැනි කොටස දාන්නම්කො.. ප්‍රමාදයට සමාව ඉල්ලමි..

      Delete
  27. ලස්සන කතාවක් වේවි.... ඒ වගේම දුක හිතෙන කතාවක් වගේ ...
    සංගීත කණ්ඩායම තුල අත්විදීම හොදටම ලියවිලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අළු සුළඟ...

      Delete
  28. අදයි මේ පැත්තෙ ආවේ කියවන්න.. එකක් කියෙව්වම ඔක්කොම කියවන්න හිතෙනව. මේක නම් දුක හිතෙන කතාවක් වෙයි වගේ.. අනන්‍යා ව නිවාස අඩස්සියට එහෙම දාන්න එපා එක පාරටම.. :) :)

    ReplyDelete
    Replies
    1. බලමු ඉදිරියට මොකද වෙන්නේ කියල නේ..

      Delete
  29. 3 වෙනි කොටස කියෝලා ඉවර වෙලාම ආවේ 1වෙනි කොටස කියවනන් අවුලක් නෑ ලස්සනයි මුල ඉඳන්ම

    ReplyDelete