Wednesday, August 31, 2016

සයිඩ් බිස්නස්






ඔන්න මේ සිද්දිය සිද්දවුනේ දෙදහ දශකයේ මුල් භාගයේ. අම්බලංගොඩ කතා ලියන මං ඒ කාලේ ජීවිතේ ගැටගහගත්තේ ආණ්ඩුවේ පඩියෙන් සහ මගේ පුද්ගලික ව්‍යාපාරයෙන්. සතියේ දවස් පහ රැකියාව කරන අතරේ රාත්‍රී කාලය ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසීමත් සති අන්තය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තමා.. සමහර සතියේ දවස්වල රාත්‍රිය නොනිදාම පහුවදා රැකියාවට යාමට වෙන වෙලාවල් බොහොමයි. ඒ වෙලාවට සිහියට එන වැකිය තමා ත්‍රී වීල් වල පිටිපස්සේ අලවලා තියන "රුපියල් සත නිසාද අපිට මේ දුක " කියන කතාව. ඒ වගේ නිදි නොලැබූ රාත්‍රීන්ට පහුවදා සුපුරුදු තැපැල් දුම්රිය අමතක කරලා දාල සුකෝපභෝගී බස් රථයක නැගල නින්දක් ලබා ගැනීම සුපුරුදු දෙයක් වුනාට උදේ පාන්දර පහට බස් එකේ ඒසී එක අයිස් මිදෙන තරමට සීතලට දාගෙන ඉන්නේ බස් එකේ ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි රෑට මී හරක් මස් කාලද කියන එක අම්බලංගොඩයාට නම් අදටත් ප්‍රශ්නයක්. ඒත් ඉතින් තදින් නින්ද යන අවස්ථාවල බම්බලපිටියෙන් බහින්න ඕන අම්බලංගොඩයා බස් එකෙන් බහින්නේ පිටකොටුවේ බෝගහ ගාවදි කොන්දොස්තර තැන විසින් "පිටඔටුව බහින්න" කියන සද්දෙට ඇහැරුනායින් පස්සේ තමා. ලොක්කා ස්වේච්චාවෙන්ම රතු ඉර ගැසීමේ කාර්යය වෙලාවට කලාවට ඉටු කරන නිසා පිට කොටුවෙන් බැස්ස දවසට අහිංසක අසරණ අම්බලංගොඩයාගේ නිවාඩු භාගෙකට කණකොකා හඬන එක සාමාන්‍ය දෙයක්. මාසෙට ලැබෙන කෙටි නිවාඩු දෙක මාසේ මුලම ක්‍රියාවේ යොදවන නිසා ප්‍රමාදවී පැමිණීම සම්භන්ධව ආයතන නීති රීති වලට අනුව නිවාඩු භාගයක් අයකරගැනීම රජයේ චක්‍රලේඛ වලට අනුව සිද්දවෙන සාමාන්‍ය දෙයක්. අපරාදේ කියන්න බෑ අප්පා ලොකු මහත්තයත් ඒ මහත්තයාට කඩේ ගිහිපු දාබරේල දයානන්දලා ඉතින් ඔව්වයින් සෑහෙන්න වින්දනයක් ලැබුවා කීවොත් තමා නිවැරදි. ලොකු මහත්තයා කියල කට වචනෙට කිව්වට ඒ උදවිය ගාව තිබ්බ අල්පම ගුණය තමා ඉතින් මහතමා ගුණය.

ඔය නිවාඩු ගැන වැඩි දුරටත් යමක් ලියනවනම් මේ ලියන අම්බලංගොඩයා දෙදහස් එක අවුරුද්දේ ඔය  කියන දෙපාර්තමේන්තුවට රැකියාවට යනකම් ඒකෙ කාර්යමණ්ඩලය ආයතන නීති රෙගුලාසි ගැන මෙලෝ අවබෝධයක් නැතුවයි වැඩකරලා  තිබ්බේ. කොටින්ම කිව්වොත් මීට අවුරුදු දහස් ගානකට කලින් තිබ්බ වැඩවසම් යුගය වගේ එකක් තමා ඒ ගොඩනැගිල්ල ඇතුලේ ක්‍රියාත්මක වුනේ. රජයේ චක්‍රලේකය අනුව උදෑසන ප්‍රමාදවී රැකියාවට වාර්තා කිරීම සම්භන්ධයෙන් කපා හැරෙන නිවාඩු භාගය කපා හැරියාට අනතුරුව පැය හතරක සේවා මුරයකින් පසු සේවකයාට ගෙදර යන්න පුළුවන් කියල ඒකෙ හිටපු ලිං මැඩියන් දැනගත්තේ අම්බලංගොඩ හාදයා එතන රස්සාවට ගියායින් පස්සේ තමා. එතකම් සිදුවෙලා තිබ්බ ක්‍රමේ තමයි පරක්කු වෙලා ආවත් නිවාඩු භාගයක් දාල දවසම වැඩ කරන ක්‍රමය. එහෙම උනාම උදෑසන අටයි තිහට පස්සේ රැකියාවට වාර්තා කරන සේවකයා සවස හතරයි තිහ වෙනකම් සේවයේ යෙදෙන්නේ නිවාඩු භාගයකුත් අතින් දාලයි. අම්බලංගොඩ හාදයා එතනට ගිහින් ලිං මැඩියන්ට නීති රීති කියලා දීල ඇස් පෑදුවායින් අනතුරුව අටයි තිස් එකට වැඩට එන එකා දවල් දොළහයි තිස් එකට ඕෆ් වෙලා ගෙදර යන්න ගත්ත එකේ හිතේ අමාරුව ලොක්ක පිරිමහුවේ අම්බලංගොඩ එකාගෙන්ම තමා. කොටින්ම කියනවනං අම්බලන්ගොඩ එකා රතු ඉරට අහුවුනා කියන්නේ ලොක්කටත් දාබරෙටත් දයානන්දටත් දවසම සන්තෝසෙන් ගතකරගන්න ලැබෙන මහගු අවස්තාවක්. අවුරුද්දට නිවාඩු හැත්තෑවක් වගේ සුළු ගානක් ගන්න අම්බලංගොඩ එකා එයාලට දීපු සතුට සැනසීම ඇති මයේ හිතේ නිවන් දකින්න..හෙහ්.. වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් දීපු නිවාඩු හතලින් පහයි ඊට අමතරව වැටුප් රහිත නිවාඩු තිස් ගානකුයි දැම්මත් ලොක්ක නෙවේ අම්බලංගොඩයා ඉල්ලපු ස්ථාන මාරුව දිහා ඇහැක් ඇරලා බැලුවේ. වෙන ලොක්කෝ නම් වැඩට එන්නේ නැති එකා එලෝලා දානවා වුනත් මේ ලොක්ක එහෙම කැත වැඩ කරන කෙනෙක් නෙවෙයි. මොකද මේ ලොක්කට ඕනෑ යන්න නොදී තියාගෙන නොමරා මරන්න. වෙනත් විදිහකට කියනවනං ටොම් ඇන්ඩ් ජෙරී සෙල්ලම කරන්න. හැබැයි ඉතින් ලොක්කා අටවපු උගුල් එකකවත් පය නොතියා රස්සාව බේරාගෙන ඉදිරියට යන ස්ථානෝචිත අහවල් එක අම්බලංගොඩ හාදයාට උපතින්ම තිබ්බ බව ලොක්ක දැනගෙන ඉන්න නැතුව ඇති.

හැමදේටම පලිගන්න ලොක්කාට කරන්න පුළුවන්වුනු එකම දේ තමා අම්බලංගොඩයාගෙ වාර්ෂික වැටුප් වර්ධකය අනුමත නොකර මුකුත් නොලියා මේසය උඩ අවුරුද්දක් තියාගෙන ඉන්න එක.. ඒත් ඒකත් අම්බලන්ගොඩයාට වාසියක් වුනේ මෙහෙමයි. ආයතන පරිපාලන අංශය විසින් ලොක්කාගේ අනුමැතිය ඉල්ලලා එවන වැටුප් වර්ධක වෙනුවෙන් ලොක්කා අත්සන් තැබිය යුතුම නිසා එය නොමැතිව වැටුප් වර්ධකය වැටුපට  එකතු වන්නේ නැත. ඒත් අම්බලංගොඩයාට එරෙහිව ලිඛිත පැමිණිලි නොමැති නිසා ලොක්කාට එය අනුමත නොකර සිටින්නටත් නොහැකියි. ඒ වගේ වෙලාවට ලොක්කන් කරන දේ තමා ලියුම නොදැක්කා සේ මේසයේ ට්‍රේ එක උඩ සෑහෙන කාලයක් තියාගෙන සිටීම. කොයි තැනදීත් පුර පක්ෂය දිහා සුභවාදීව බලන අම්බලංගොඩයාට එයින් ලැබෙන වාසිය නම් අවසාන මොහොතේ ලොක්කා විසින් අනුමත කර යවන ලිපියෙන් අනතුරුව එතෙක් අයවිය යුතු සියලුම වැටුප් වර්ධක හිඟ මුදල් සමගම එක වතාවෙන්ම ලැබීම.. ටික ටික ලැබෙනවාට වඩා කොච්චර හොඳද බොලේ එකපාරට ලැබෙන එක. නිවාඩු සහ ලොක්කා ගැන නොලිය මේ පොස්ට් එක ලියන්න විදිහක් නැත්තේ අම්බලංගොඩ හාදයාට තමුන්ගේම කියල ව්‍යාපාරයක් ආරම්භ ඕන කියල හිතෙන්න තරම් බුද්ධිමය දායකත්වය සැපයුවේ ලොක්කාගෙන් සිද්දවුණු අඩම්තේට්ටම් වීම. එහෙම නොවෙන්න තාමත් අම්බලංගොඩයා සොච්චම් වැටුපක් අරගෙන මාස භාගයක් බඩගින්නේ ඉන්නවා වෙන්නත් පුළුවනි. එහෙමත් නැත්තම් කොහෙවත් යන ජඩකම්කු, බලුකම්, කුහකකම්  , අමනුස්සකම්, වලින් පිරිච්ච දෙකයි පනහේ ලොක්කෙකුගෙන් අඩම්තේට්ටම් විඳිනවා වෙන්නත් පුළුවනි. ඒ කෙසේ වෙතත් උගතුන් වූ පමණින් පරිපාලනමය සුදුසුකම් නැති උදවියගෙන් ආයතන සහ සේවකයින් පාලනය කරවීම ගැන අපේ රටේ පාලනාධිකාරිය තවදුරටත් සිතා බැලිය යුතුයි කියන එකයි අම්බලංගොඩයා ඒ ගැන දරන ආකල්පය. ඒත් ඉතින් විෂය අනුබද්ධ උපාධි සියල්ලම තියන ලෝකයේ සම්මත උසස්ම අද්යාපන සුදුසුකම් තියන ලොකු ලොකු උදවිය පාලනය කරන්න ඊට ඉහලින් ඉන්නේ අට පාස් නැති ඇමතිකෙනෙක් නිසා ආයතනයක් පාලනය කරන්න පරිපාලනමය සුදුසුකම් ඕනෙමත් නැතුව ඇති කියලත් අම්බලංගොඩයාට වෙලාවකට හිතෙනව. සේවකයාගේ දරු මල්ලන්ගේ බඩගින්න සහ හෙට දවස හිලව්වට තබා තම සේවකයා වහල් සේවයේ යෙදවීම  ගැන අම්බලංගොඩගේ නම් කිසිසේත්ම ප්‍රසාදයක් නැත.

මෙතෙක් වෙලා කැලේ පැනපු පොස්ට් එක හරි පාරට එන්නේ ඔන්න දැන්.. ඔන්න මේ කියන දවසට කලින් දවසේ අම්බලංගොඩයාගේ ඥාති ගෙදරක කොටහළු මගුලක්. එව්වා මහා ගොන් බූරු ගෝත්‍රික වැඩ වුනත් ඥාතියෙකුගේ හිත මිතුරෙකුගේ දේකට සියලු බර කරට අරගෙන වැඩ කටයුතු කරලා දෙන එක අම්බලංගොඩගේ සිරිත නිසා කොටහළු මගුල් ගෙදරට ශ්‍රමයෙන් සපයන දායකත්වයට අමතරව කේටරින් සේවාවෙන් ලැබෙන දායකත්වයත් සැපයුනේ අම්බලංගොඩගේ බොක්කේ යාළුවෙකුගෙන්. ඔන්න ඉතින් කොටහළු මගුලට පහුවදා සෙනසුරාදා දවසක් හින්ද අම්බලංගොඩයා ව්‍යාපාර ස්ථානයේ ඉන්න අතරේ ඥාති නිවසට දුරකථන ඇමතුමක් දුන්නේ වැඩ කටයුතු සියල්ල සාර්ථකව නිමවුනාද කියල සොයා බලන්නයි..

හලෝ..

ආ අයියේ  මම  _ _ _..

ආ මල්ලි මොකෝ උදේ මේ පැත්තේ ආවේ නැත්තේ.. අපි හිතුවේ එයි කියල..

එන්න විදිහක් නෑ අයියේ .. අද කඩේට හිරවුනානේ.. ඉතින් වැඩ ටික හොඳින් කෙරුණා නේද..

ඔව් මල්ලි.. ඔක්කොම හිතුවටත් වඩා හොඳට කෙරුණා..

ඉතින් අපේ කොල්ලන්ගේ ටෙන්ට් පුටු ඔක්කොම ගලවල ඉවරයිද..

අපෝ ඔව් මල්ලි.. ඊයේ රෑම එයාල ඔක්කොම ගලවගෙන ගියා..

ආ එහෙමද.. අද හෙට ඒවි සල්ලි අරන් යන්න.. අයියල කලබල වෙන්න ඕන නෑ.. සල්ලි පස්සේ දුන්නත් කමක් නෑ..

නෑ මල්ලි සල්ලි ඔක්කොම ඊයේ රෑම බේරුවා..

ආ එහෙමද.. එහෙනං ඉතින් ඔක්කොම හරිනේ..

ඔව් මල්ලි.. ඔක්කොම හරි.. ඒත්...

මොකෝ අයියේ අවුලක්ද..

ලොකු අවුලක් නෙවෙයි මල්ලි.. අරක්කු බෝතල් තුනක් ඉතුරුවුනා.. බාර් එකෙන් ආපහු ගන්න එකක් නැහැ නෙහ්..

බාර් එකෙන් නම් ගන්න එකක් නෑ අයියේ.. අපි අඳුරන්නේ නැහැනේ..

අපේ ගෙදරත් බොන්න කෙනෙක් නැහැනේ මල්ලි.. ඔයාලත් ඉතින් බොන්නේ නැහැනේ නේද..

(හොඳින් කන බොන එකෙක් වුනත් අම්බලංගොඩයා එහෙම ඥාති මිත්‍රාදීන් ඉන්න තැන්වල මොනම හේතුවකටවත් සුරාමේරය සිල්පදේ කඩන්නේ නැති  නිසා අම්බලංගොඩයලා හෙන සිල්වත් කොල්ලෝ කියලයි ඥාතීන්ගේ පිළිගැනීම .. ඊටත් අමතරව බිව්වාම සති ගානක් ගඳ එන එන මේ මල ජරාව අම්බලංගොඩයා කීයටවත් කටේ තියන්නේ නැති එක ඉස්සර හිටංම ප්‍රතිපත්තියක්..දැන් ඉතින් ගල් බලකායේ එවුන් අම්බලංගොඩයා එක්ක එල්ලෙයිද මන්ද..)

අනේ නෑ අයියේ.. මමනම් ඉතින් බොන්නේ නෑ අයිය  දන්නවනේ..

එහෙනම් ඉතින් මොනා කරන්නද මල්ලි.. බැරිද මල්ලි අපිට මේක කාටහරි විකුණගන්න..

(ලක්ස ගානක් වියදම් කරලා ගොන් බූරු මගුලක් කාල ඉතුරු වෙච්චි අරක්කු බෝතල් තුන කාට හරි බොන එකෙකුට නිකම් දීල දාපන් යකෝ කියල කියන්න හිතුනත් එහෙම කියන්නේ කොහොමද ඥාතියෙක්නේ )

බලමු අයියේ.. මම කාටහරි කියන්නම්කො..

ලොකු උදව්වක් මල්ලි.. 

එහෙනං ඔය බෝතල් තුන මට ගෙනත් දෙන්නකෝ..

හා මල්ලි.. මම අදම ගෙනත් දෙන්නං..

ඒ කාලේ අම්බලංගොඩයා අද එකා වගේ නෙවෙයි.. ඕනෑම කෙනෙකුට ඕනෑම උදව්වක් කරන්න දෙපාරක් හිතන්නේ නැති තරම්.. කොටින්ම කියනවනම් කාට හරි මැරෙන්න උදව්වක් ඉල්ලනවානම් මැරෙන්න ලේසිම ක්‍රමය හොයල දෙන්න තමා අම්බලංගොඩයාගේ ට්‍රයි එක. කව්රුහරි එල්ලිලා මැරෙන්න ඕන කියල කියනවනම් එලිලා මැරෙන්න හොඳම කඹය සහ එලිලා මැරෙන්න සුදුසු ගහක් කණුවක් වගේ දෙයක් හොයල දෙන්න තමා අම්බලංගොඩයාගේ උත්සාහය.. උදව්වක් නම් ඉතින් ඕනෑම කෙනෙකුට එකක් ඉල්ලුවාම එකට දෙකක් දෙන්න තමයි ට්‍රයි එක.. අන්න ඒ හින්ද තමා අම්බලන්ගොඩ කතා බ්ලොග් එකේ උඩින්ම තියෙන්නේ ලියන්න බැරි කතා දහසක් අතරේ ලියන්න පුළුවන් ටික විතරයි කියල ඕන්..මොකද හොඳම කතා සියල්ලම තියෙන්නේ ඒ ලියන්න බැරි ගොඩේ.. එව්වා ලිව්වත් අම්බලංගොඩයා අවුරුද්දකට සැරයක්වත් අම්බලංගොඩ ගිහිං බොරු.. දෙයියනේ කියල ගල්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ ඉන්න අපේ විපුලඥාන ස්වාමින් වහන්සේ මතු බුදුවෙන්න අද වෙද්දී නම් අම්බලංගොඩයා ඒ ගොන්කම් කරන එක ස්තිරේටම නවත්තල අහවරයි.. ඒ පින ඉතින් අම්බලංගොඩයාව ආරණ්‍යයට ඇදගෙන ගිය අපේ සිරාටත් අනෙකුත් කල්‍යාන මිතුරන්ටත් සම සමව හිමියි..)

ඔන්න  අයියගේ කෝල් එක ඉවර වෙලා පැය භාගයක් යන්න කලින් ගල් බෝතල තුනත් ඔතාගෙන අයිය කඩේට වාර්තා කරා කියමුකෝ ..

මේන් මල්ලි බෝතල තුන..

හා අයියේ ඔහොම තියන්නකෝ.. මම කාටහරි දීල සල්ලි අරන් දෙන්නම්කො..

සල්ලිනම් ඉතින් හදිසියක් නැහැ මල්ලි.. කාටහරි දීල දාන්නකෝ..මම එහෙනම් ගිහින් එන්නම්කෝ..

අයියා ගල් බෝතල් තුනක් අම්බලංගොඩයා සමග තනිකර නික්ම ගිය වහා අම්බලංගොඩයා කල්පනා කරන්නේ කාටදෝ මේක විකුනන්නේ කියලයි.. නිකමට වෙළඳ ස්ථානයට එපිටින් තිබෙන ත්‍රිරෝද රථ ගාල බැලුවාම තමයි දැක්කේ අම්බලංගොඩයා ගල් බෝතල තුනෙන් ගලවගන්න පුළුවන් ගැලවුම් කාරයා තමන්ගේ ත්‍රිරෝද රථයේ වාඩි වෙලා හයර් එකක් මරාගන්න පාර දිහා බලන් ඉන්න වග..

චූටි  මල්ලී...

ඕ...

මෙහෙ එනවකො ටිකක්..

මොකෝ..

මොකද කියන්න මෙහෙට එනවකෝ..

චූටි  මල්ලී වෙළද ස්ථානය වෙත පැමිණියද ඒ ගත පමණය.. හිත සහ ඇස තිබෙන්නේ පාරේය.. ඒ හයර් එකක් කපා ගැනීම සඳහාය..

මොකෝ බං අයියේ..

පොඩි වැඩකට බං.. 

ඉතිං කියනවකෝ..

කියන්න උඹ සිහියෙන් අහගෙන ඉන්නෙපැයි ගොනෝ..

හරි.. ඉතින් කියනවකෝ.. වැඩිහිටි නිවාසේ දානයක් ඕයි.. දැන් දානේ ඉවර වෙන වෙලාව.. පොතේ හැටියට හයර් එකක් දෙකක් එන්න ඕනෙමයි..

හරි බං.. මේකත් උඹේ අතට ගානක් එන වැඩක්.. 

අන්න එහෙම කියනවකො.. මොකක්ද කෙරෙන්න ඕන..

ගල් බෝතයක් කීයද දැන්..

හත්සීයක් වෙයි..

හරි.. මා ගාව බෝතල් තුනක් තියෙනවා.. මට බාර් එකේ ගාන දීල ඕන ගානකට විකුනගන්නවා..

සිම්පල් කේස් එකක්නේ අයියේ.. රෑ වෙද්දී අපේ කට්ටිය පිස්සු බල්ලෝ වගේ බෝතල් හොයන්නේ..

හරි.. උඹට ගැනුම් කාරයෙක් ආවොත් කෝල් එකක් දීල එනවකො.. හැබැයි පුතේ බෝතලේ ඉල්ලන එකා මා ගාවට එක්ක එනවා නෙවෙයි හරිද..

හරි හරි බං අයියේ.. මම වැඩේ කරලා දෙන්නං..

ගනුදෙනුවේ අතරමැදියා හෙවත් අම්බලංගොඩයා සහ විකුණුම්කරු අතර වූ එකඟතාවය අනුව පසුවදා පොහොය දිනය වූ බැවින් දහවල පසුවී ඉර අවරට යන්නට මත්තෙන් බෝතල තුන මුදල් කර දීමට චූටි  මල්ලීට ගතවුයේ පැය කිහිපයක් පමණය. එදිනම පොහොය සඳ බැස යන්නට මත්තෙන් ගල් ගනුදෙනුවේ මුදල් ඥාතියාට බේරා දැමු නිසා අම්බලංගොඩයා එම ගනුදෙනුවෙන් සියයට සියයක්ම නිදහස් වෙනවාය.

ඉන් සති කිහිපයකට පසුව සුපුරුදු ආකාරයෙන් ඉර බැසගිය සොඳුරු සැන්දෑ යාමයක සිරාගේ  ගරාජයේ කැරම් බෝර්ඩ් එක වටේ වටවී සිටිනා අල්ලපනල්ලේ  අම්බලංගොඩගේ  මොටොරෝලාව මොරදෙනවාය..

ට්‍රීන් ... ට්‍රීන්... ට්‍රීන්...

හෙලෝ..

පුතා ඔයා කොහෙද ඉන්නේ...(  අමතන්නේ තාත්තාය)

ඇයි අහන්නේ.. මම  යාලුවෙකුගේ  ගෙදර ..

මේ කව්ද ළමයි වගයක් ඇවිත් ඔයාව හොයනවා..

කව්ද ඇවිත් ඉන්නේ.. මම දන්න කෙනෙක්ද..

අනේ මන්ද ළමයෝ.. මීට කලින් නම් දැකල නෑ.. 

ඉතින් එහෙනම් ෆෝන් එක දෙන්න බලන්න..

ඉන්නකෝ  එහෙනං.. 

මේ ළමයෝ.. මෙන්න කව්රුහරි එන්න ඇවිත් කතා කරන්න..

හලෝ.. මේ  _ _ _ අයියද..

ඔව්..

අයියේ අපිට ඔයාව ටිකක් හම්බෙන්න ඕන.. පොඩ්ඩකට ගෙදර ගාවට එන්න පුලුවන්ද..

මල්ලි ඔයා කව්ද.. ඇයි මාව හොයන්නේ.. 

ෆෝන් එකෙන් කියන්න බෑ අයියේ.. විනාඩි පහකට  ගෙදර ගාවට එන්නකෝ..

ඇයි මොකක්හරි වැදගත් වැඩක්ද.. ඔයා කව්ද..

මගේ නම කිව්වට ඔයා දන්නේ නෑ අයියේ.. පොඩ්ඩකට ගෙදර ගාවට එන්නකෝ..

හා ඉන්නවකෝ එහෙනම් මම විනාඩි දහයෙන් එන්නං..

සිරාගේ නිවසේ සිට මාගේ නිවසට විනාඩි දහයෙන් එන්නට පුළුවන් නිසා අම්බලංගොඩයා නිවස බලා ඉගිලෙන්නේ මේ ඇවිත් තිබෙන්නේ මොකාද කියා බලාගන්නා කුතුහලය නිසාය.. අම්බලංගොඩයා එහි යන විට තුන්සක රියක් ගේට්ටුව ගාව ගාල්කර නාඳුනන තරුණයින් තුන්දෙනෙක් පාරේ මග බලා සිටිනවාය..

අම්මෝ දෙයියෝ දැක්ක වගේ..

කව්ද ඔයාල.. ඇයි මාව හොයන්නේ..

අයිය අපිව අඳුනන්නේ නැහැ අයියේ.. අපි ආවේ පොඩි පණිවිඩයකට..

මොකක්ද මගෙන් කෙරෙන්න ඕන ඔයාලට..කියන්නකෝ බලන්න.. මම මේ කර කර හිටපු වැඩෙත් දාලයි ආවේ..

අයියේ මේ චූටි මල්ලි පණිවිඩයක් කිව්වා ඒකට ආවේ..

මොන චූටි මල්ලිද..

අයියලාගේ කඩේ ගාව ත්‍රීවිල් පාරක් එකේ චූටි මල්ලි..

හරි දැන් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන..

අද පෝය දවසේ අයියේ.. අපිට මේ පොඩි අවශ්‍යතාවයක්..

ඉතින් කියනවකො ඇඹරෙන්නේ නැතුව..

අද බාර් වහලනේ අයියේ.. අපිට ගල් බෝතලයක් ගන්න කියල ආවේ..

මොකක්.. ඔයාලාට පිස්සුද.. මා ගාව කොහෙද ගල් බෝතල්..

අයියේ අපිව අවිශ්වාස කරන්න එපා.. අපි පොලිසියට ඔත්තුව දෙන්න නැහැ.. අපිට බෝතලයක් දෙනවකො.. වැඩිපුර පන්සීයක් දෙන්නං..

ඔයාලට කව්ද  කිව්වේ මම  අරක්කු විකුනනවා කියල..

චූටි මල්ලි තමයි කිව්වේ.. 

කෝ දැන් චූටියා..

ඌ කතරගම ගිහින් අයියේ.. ඒ නිසයි පුලුවන්නං අයියව හම්බෙලා ගන්න කිව්වේ..

ඔයාලට වැරදීමක් වෙලා මල්ලිලා.. චූටියා කියන්න ඇත්තේ වෙන කෙනෙක් ගැන..

නෑ අයියේ.. චූටියා කිව්වේ ඔයා ගැනම තමයි.. අයිය පෝය දවසට විතරයි කිව්ව බඩු ගේන්නේ..

මල්ලිලා.. දැන් ඔයාල මෙතනින් යනවද.. ඔයාලට කොතන හරි වැරදීමක් වෙලා..මා ගාව ඇති අරක්කුවක් නැහැ හලෝ..

අනේ අයියේ එහෙම කරන්න එපා අයියේ.. අපි එහා ගමේ.. ඕනෙනම් චූටියට කෝල් එකක් ගහල අහන්නකො.. අපි ඉතින් බොක්ක තමා.. ආයේ මරල ඇහුවත් කියන්නේ නෑ නෑ නෑමයි..

මල්ලි.. මම ඔයාලට එක වතාවක් කිව්වනේ බන්.. ඔයාලට බැලු බැල්මට කියන්න පුලුවනිද මම අරක්කු බිස්නස් කරන කෙනෙක් කියල..

අද කාලේ මිනිස්සු පෙනුමෙන් පෙන්නන දේවල්ද අයියේ ඇතුලෙන් කරන්නේ... බොරුවක්අ වෙන්න බැහැනේ අයියේ චූටියනේ කිව්වේ..

මම ඌව අල්ලගන්නම්.. ඔයාල දැන් යන්න.. මා ගාව ඇති අරක්කුවක් නෑ මල්ලි..

එහෙමද.. අපිත් අල්ලගන්නම්කො චූටියව..

කැමති දෙයක් කරගනිල්ල..

තුන්සක රියේ පැමිණි තරුණ පිරිස නික්මගිය වහා ඊළඟ ප්‍රශ්න පත්‍රය තාත්තාගෙන්ය..

කව්ද ඒ ..

මේ දන්න එවුන් වගයක්..

දන්නා එවුන් නම් කෝල් එකක් දීල ඉන්න තැනකට එන්නේ නැතුව ගෙදරට ඇවිල්ල හොයන්නේ දන්නා කියන එවුන් වෙන්න බැහැනේ.. මොකටද ඇවිත් තියෙන්නේ..

හයර් එකක් යන්න වාහනයක් හොයන්න..

ඉතිං ඕකට ඔච්චර හොයන්න ඕනෙද..

උන් ඉල්ලන්නේ ඩ්‍රයිවර් නැතුව .. එහෙම දෙන්න බෑනේ..

හ්ම්...

ගණදෙවියන් පිහිටවුයෙන් ප්‍රශ්න පත්තරයෙන් ගැලවුනද අරක්කු ප්‍රශ්නයෙන් ගැලවෙන්නට  තිස්තුන් කෝටියක් දෙවියන් වැඩි වෙලාවක් අම්බලංගොඩයා වෙත චෑන්ස් එකක් දුන්නේ නැත..

ට්‍රී.......න්... ට්‍රී.........න්..

හෙලෝ..

ආ උඹ කොහෙද ඉන්නේ..

කව්ද කතා කරන්නේ..

මම මහින්ද..

මොකෝ මේ හදිසියේ.. මම ගෙදර බං..

මේ .. නෑ බෑ නොකිය මට බෝතලයක් ඕන මම තව ටිකකින් එනවා..

මොන බෝතලයක්ද..

ගල් බෝතලයක් බන් ගල් බෝතලයක්..

මා ළඟ කොහෙද බන් ගල් බෝතල්..

උඹ මට බොරුව දාන්න එන්න එපා හරිද.. අපි මේ බෝතලයක් ගහන ගමන් ඉන්නේ.. බඩු ඉවරයි.. ගිය පෝය දවසෙත් බඩු මදිවෙලා චූටි මල්ලි තමා ගෙනත් දුන්නේ.. අද ඌ කතරගම ගිහින්.. නෑ බෑ නොකිය බෝතලේ තියහන් කාටවත් දෙන්න එපා අපි දැන් එනවා ඔතනට..

උඹට විකාරද යකෝ.. උඹ හිතුවද මම හොර අරක්කු විකුනන්න පටන්ගත්ත කියල..

අනේ මේ බොරුව දාන්න එපා හොඳේ..අපි දන්නවා උඹ චූටි මල්ලි ලව්වා පෝය දවසට අරක්කු විකුනනවා කියල..

දැන් කව්ද බොට ඕක කිව්වේ..

වෙන කව්රුත් නෙවෙයි බන්.. චූටියා තමා කිව්වේ.. ඌ අද ගමේ නැති නිසා පුලුවන්නම් කෝල් කරලා ගනින් කිව්වේ..

මචන් මහින්ද .. චූටියා කතරගම ගිහින් එනකම් ඉවසිල්ලෙ හිටහන්කෝ.. මම ඕකගෙ ඔලුව ගලෝල අතට දෙනවා ආයේ මේ වගේ බලු කතා නොකියන්න..

දැන් එතකොට උඹ කියන්නේ උඹ අරක්කු වික්කේ නෑ..

පිස්සුද බන්..උඹ හිතනවද මම  අරක්කු විකුණලා සල්ලි හොයන්න යන්න තරම් බුරුවෙක් කියල..

එතකොට දැන් චූටි මල්ලි කියන්නේ බොරු..

න්........න්... නෑ නෑ.. ඒක බොරුවකුත් නෙවෙයි ඇත්තකුත් නෙවෙයි..
අන්න එකනේ මස්සිනා කියන්නේ.. බොරු නැතුව මට බෝතලයක් දීපං.. මම ගිය පෝය දවසෙ වගේම එක්දාස් දෙසීයක් එවන්නං..

මම උඹට කිව්වනේ බං මහින්ද.. මා ගාව කොහෙද  බන් අරක්කු..

දැන් උඹම කියනවා බොරුවක් නෙවෙයි කියල.. අනික් පැත්තට කියනවා අරක්කු නෑ කියල.. දැන් ඕකෙන් කොයි එකද කියහන් ඇත්ත..

දෙකම ඇත්ත..

ආයෙම කියනවා මගුලක්.. හරි.. උඹ දැන් ඕක අදිමදි කරන්නේ ගාන උස්සන්න වෙන්න ඇතිනේ.. හරි.. එක්දාස් පන්සීයක් දෙන්නං.. බෝතලයක් එවහන්.. මම කොල්ලෙක් එවනවා හරිද.. මම තිබ්බ..

හෝව් ..හෝව්.. ඔහොම හිටහන්.. හෙලෝ.. හෙලෝ.. 

දෙවැනි අරක්කු ගනුදෙනුව සිදුකිරීමට තව නොබෝ වෙලාවකින් බීගත් කනමදයෙක් මාගේ නිවසේ ගේට්ටුව ඉදිරිපිටට ප්‍රාදුර්භූත වන වගට එම දුරකථන ඇමතුමේ අවසානය අම්බලංගොඩයා වෙත සනිටුහන් කරන්නේය.. ඉන් අනතුරුව සිදුවන්නේ අරක්කු බෝතලය රැගෙන ඒමට එන දූතයා එනතුරු ගේට්ටුව ගාව මුර කිරීමටය. වැරදිලා හෝ මේ එන පුද්ගලයා තාත්තාගෙන් අරක්කු බෝතලයක් ඉල්ලුවහොත් තුන් වේලට නොමිලයේ ලැබෙන බත් පතට කණකොකා හඬනවාට අමතරව නොමිලයේ නිදාගැනීමට ලැබී තිබෙන සයනයද අහිමි වෙනවාය. ඊටත් අමතරව මොකක්දෝ අමුත්තක් දැනිලාදෝ තාත්තාද ඉස්තෝප්පුවේ වාඩිවී පත්තරය කියවනවාය.

විදුලි වේගයෙන් පැමිණි පල්සරයක් ගේට්ටුව ඉදිරිපිට නවත්වන්නේ එවෙලේ බ්‍රේක් පැඩලය දැක පෑගුවා වැනි හදිසියකින් වුවත් අම්බලංගොඩයා කලබල වන්නේ නැත්තේ ඒ ආවේ කව්ද කියා දන්නා නිසාය. එහෙත් පත්තරය බලමින් සිටිනා තාත්තා කණ්ණාඩියට උඩින් බලන්නේ ගේට්ටුව ඉදිරිපිට එකවරම නැවැත්වූ මෝටර් සයිකලයේ ශබ්දය ඒ තරම් යාලුමිත්‍රකමක් නොපෙන්වන නිසාය. පල්සරයේ පැමිණි අමුත්තා ගේට්ටුව ඇරගෙන වත්තට ඇතුල්වීමට මත්තෙන් අම්බලංගොඩයා පාරට පැනගන්නෙ කණමදයා ගෙමිදුලට ඇවිදින් ගල් බෝතලයක් ඉල්ලුවහොත් අම්බලංගොඩයාට වාසස්ථාන අහිමිවන අවදානම දැනෙන්නාවූ බැවින්ය..

අයියේ.. මෙන්න සල්ලි.. මහින්දයිය කිව්වා බෝතලේ එවන්න කියල..

හෙමින් හෙමින්.. හෙමින් කතා කරපං කොල්ලෝ..

හරි හරි.. සොරි වෙන්න ඕන.. අපි ඉතින් චිට්ටක් ගහල ඉන්නේ..කෝ ඕක දෙන්නකෝ..

මල්ලි.. මම විකුණන අරක්කුවක් නැහැ හලෝ.. මහින්දට කව්රුහරි ලනුවක් දීල..

එහෙම කරන්න එපා බං අයියේ.. අපි අඳුරන්නේ නැති මිනිස්සු නෙවෙයිනේ..

මම උඹව නොදන්න කෙනෙක් නෙවෙයිනේ මල්ලි.. කියන දේ විස්වාස කරනවකෝ.. මම විකුණන අරක්කුවක් නැහැ හලෝ.. 

පෝය දවසට බඩු විකුණන එවුන් ඔහොමමයි අයියේ.. අඳුරන අයට දෙන්නේ නැහැ ගාන අඩුවට දෙන්න වෙන නිසා.. අපි එක්දාස් පන්සීයක් දෙන්නම් හලෝ.. දෙනවකො බෝතලයක්..

හෙමින් කතා කරනවකෝ.. 

හෙමිං මොනවා කතා කරන්නද බං අයියේ.. ඔයා අපිට බොරුවනේ දාන්නේ..

බුදු මල්ලියේ.. උඹල මට ගෙදර බත් පිඟාන නැති කරන්නයි මේ හදන්නේ..

හරි බං අයියේ.. බෝතලේ දෙන්න.. අපි සල්ලි දුන්න ගියා.. ගෙදරට හොරෙන් හරි ඔයා කරන්නේ පට්ට බිස්නස් එකක් හරිද..

අනේ බුදු මල්ලියේ දැන් මෙතනින් යනවකෝ.. මා ගාව අරක්කු නැහැ බං..

බොරුව දාන්න එපා බං අයියේ.. චූටි මල්ලි ගිය පාරත් ඔයාගෙන් තමයි බඩු අරන් දුන්නේ.. ඉන්නවකෝ මම කෝල් එකක් ගහල දෙන්න ඔයාට..

කියන දේ අහනවකෝ.. ගිය වතාවේ චූටිය බෝතල් ගෙනිච්චේ මගෙන් තමයි.. ඒත් ඒක බිස්නස් එකට කරපු එකක් නෙවෙයි හලෝ..  මේ ඥාති ගෙදරක තිබ්බ මගුල් ගෙදරක ඉතුරු බෝතල් තුනක් මම චූටියට කිව්ව විකුණලා දියන් කියල.. ඒක තමයි ඔය ඌ ඔයාලාට ගෙනත් දුන්නේ..

එහෙම වෙන්න බැහැනේ බං අයියේ.. ඌ කිව්වනේ එක්දාස් දෙසීයක් කියනවා කියල ඔයා..

පිස්සුද බන් මල්ලි.. මම කිව්වේ බාර් එකේ ගානට දීපන් කියල..

එහෙමද.. ඒ කියන්නේ චූටියා අපෙන් ගාන කැපුවා.. ඔයා බොරු අයියේ කියන්නේ.. අපි දන්නවා ඔයා ගාව බඩු තියෙනවා කියල..

සත්තයි මා ගාව ඇති අරක්කුවක් නැහැ බන්..

මොකද ඔතන වෙන්නේ..

ගේට්ටුවෙන් එබීගෙන සංවාදය නරඹන්නේ තාත්තාය..වසලා හමාරය..

ඔයාල කව්ද.. මොනවද ඔයාලට ඕන..

න් නෑ අංකල් මේ.. මේ..

කියනවා ගොත ගහන්නේ නැතුව..

අපි මේ බෝතලයක් ගන්න කියල ආවේ..

බෝතලයක්.. මොන බෝතලයක්ද..

ගල් බෝතලයක් අංකල්..

මෙහෙ කොහෙද මිනිහෝ ගල් බෝතල්.. කව්ද කිව්වේ මෙහෙ අරක්කු විකුනනවා කියල..

චූටිය කිව්වේ අංකල්.. ත්‍රී වීල් පාර්ක් එකේ චූටියා..

ඊළඟට මා පියා හැරෙන්නේ මා දිහාවටය..

මොකක්ද මේ කතාව..

ගිය මාසේ රන්ජන් අයියලාගේ පාර්ටියේ බෝතල් තුනක්  ඉතුරු වෙලා චූටියා ලව්වා විකුණලා දුන්න තාත්තේ.. ඌ කියල මම අරක්කු විකුනනවා කියල..

හ්ම්.. ඔය ළමයි දැන් යන්න.. ඔය මෝටර් බයිසිකල් වල යද්දී ටිකක් හෙමින් යනවා..

මමත් හදිසි වැඩක හිටියේ.. මාත් ගිහින් එන්නම් තාත්තේ.. එක එක එවුන් මාව හොයාගෙන ආවට මට කෝල් දෙන්න එපා..

හා එහෙනම්. මම බෝතල් ටික විකුණලා තියන්නම්කො.. උඹ වරෙන්කො සල්ලි බේරගන්න රෑට ගෙදර.. අපොයි උඹ වගේ ගොනෙක්..


ඔන්න ඔහොමයි අම්බලංගොඩයා කරපු උදව් එලොව එලොවා පල දෙන්නේ. 

 සිරා ගැන ලියවෙච්ච පොස්ට්

http://ambalangodakatha.blogspot.com/2015/10/blog-post.html

http://ambalangodakatha.blogspot.com/2015/09/blog-post_21.html

65 comments:

  1. මේ කථාව නියමයි ශේප් එකට . ඒක නෙමෙයි පෝය දාට බඩු මදි වුණොත් කෝල් එකක් දුන්නට කමක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. එක දවසින්ම බිස්නස් එක අත්හැරිය ඉයන්.. බෑ මේ කොල්ලෝ එක්ක කරන්න බඩු ඉල්ලගෙන ගෙදරට එනවනේ.. හෙහ්..

      Delete
  2. හරි හරි උඹ පෝය දවසෙ උනත් විකුනන්නෙ ගල් නෙ . හොද කොල්ල ඕව විකුණන පිනෙන් දිව්‍ය ලෝකෙ ගියහම අමෘතෙන් නාන්ඩ හම්බ වෙනව.

    ඔය වගේ බාර් වහපු දවසක රෑ මම යක්කල හන්දියේ හිටපු පොරක් ගෙන් " අයියෙ බෝතලයක් ගන්න තැනක් නැද්ද "කියල ඇහුව . පස්සෙ දන්නෙ ඒ වීරගුල පොලිසියේ OIC . අපරාදෙ කියන්ඩ බෑ බෝතලයක් ගන්ඩ කෙනෙක් සෙට් කරල දුන්න.

    ReplyDelete
    Replies
    1. ඇති උඹව කුදලාගෙන ගිහින් කූඩුවේ නොදැම්මා.. මටනම් හිතාගන්න බැහැ ගල් කොහොම බොනවද කියල..

      Delete
  3. මේ මචං, හදිසියකට ගල් බෝතලයක් ඕන වෙලා තියෙනවා , සල්ලි පස්සේ දෙන්නං , අරන් තියහන් ඈ

    ReplyDelete
    Replies
    1. සල්ලි හදිසියක් නෑ ඉවාන්.. මොකෝ උඹල නොදන්නා මිනිස්සු නෙවෙයිනේ..හෙහ්..

      Delete
  4. බෝතලේ මගෙ බෝතලේ
    ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිව්වේ 😊

    ReplyDelete
    Replies
    1. 🎶🎶 දාපන් පහක් සින්දුවට.. 🙃

      Delete
    2. දිය ඇල්ලට බෑ ඉන්දීය සාගරයට බෑ.. මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවා දමනු බෑ..

      Delete
  5. හිනාවෙලා බඩ රිදෙනව බං. ඔන්න ඊළඟ පෝයට නං මට එකක් ඕනෑමයි.

    ReplyDelete
    Replies
    1. මේ සිද්දිය වෙලා පෝය කිහිපයක්ම පහු වෙනකම් මම පෝය දවසට ෆෝන් එක ඕෆ් කරලයි කරදරෙන් බේරුනේ හැලප අයියේ..චූටියටත් දෙකක් අමතන්න උනා ඊට පහුවදාම..

      Delete
  6. වාර්ෂික වැටුප් වර්ධක අනුමත නොකරන එක හරි සුලබයි වගේ සීතල යුද්ධ තියනකොට නේද අම්බලන්ගොඩ..

    ReplyDelete
    Replies
    1. වාර්ෂික වැටුප් වර්ධකය ගන්න නැවකට කඩේ යන්න ඕන ඉතින්. ඒක දෙන්නෙත් හරියට අප්පොච්චිගේ බුදලේ බෙදල දෙනවා වගේ. පරිපාලනමය නොවෙන වෙනත් වුර්තිකයින් ලවා පිරිස් පාලනය කරවීමේ ප්‍රතිවිපාක තම එව්වා වැඩි හරියක්..

      Delete
  7. පට්ට සීන් එක. තමුන්නාන්සෙට කේන්ති ගියාට භාගෙට බීපු එකාගෙ අමාරුවත් සාධාරනයි. අත්දැකීමෙන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. හරි ඉතින් කේන්තිය සාදාරන තමා.. ඒත් ඉතින් හැමදාම බොන එවුන් පුරුදු වෙන්න බොනවා වගේ අවශ්‍ය ප්‍රමාණය ගේන්නේ නැතුව අඩුවෙන් ගෙනල්ල අන්තිමේ බෝතල් හොයනවට වඩා ලේසි නැද්ද අවශ්‍ය කරන බෝතල් සියල්ලම ගෙනල්ල වැඩේට බැස්සනම්..

      Delete
  8. උඹට තරහ අනත් කියන්න වෙන්නේ මැක්කොත් එක්ක නැගිටින්න වෙන කථාව

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඒක තමා උනේ.. ඒත් ඉතින් මනුස්සකමට උදව් කරන්න ගිහිල්ලනේ..ඒකයි දුක..

      Delete
  9. හය්යෝ මචන්. මේක බස් එකේ ඉඳන් කියෙව්වේ බොහොම අමාරුවෙන් හිනාව තද කරගෙන. උබට නොදෙවෙනි කතා සෙට් එකක් මටත් තියෙනව. කොහෙද බන් ලියන්ට කම්මැලියි.

    ගල් බෝතල් නම් ලංකාවේදී මගේ ෆෙවරිට්. දැන් අවුරුදු ගානක් තිස්සේ ලන්ඩන් වල හොයපු නැති කඩයක් නගරයක් තැනක් නැති තරම්. 😩🙄🙈.

    බොස් ල ගැන කියනවනම් මගෙ පලවෙනි රස්සාවේ බොසා තමයි බන් මගෙ ජීවිතේට දැකපු IT අතින් ලංකාවේ දක්ෂතම නම කිව්ව ගමන් දන්න ඒත් සක්කිලිම සක්කිලි, සතෙකුගේ නමක් කියල අන්න ඌ වගේ කියල කියන්නත් බැරි, තැනකට කවදාවත් එක්කරගෙන යන්ට බැරි, ගියපු තැනකට ගිහිල්ල පට්ටම චෝර උනත් කවදාවත් පිළිගන්නෙ ඇති, කවදාවත් කාටවත් ඇහුන්කන් දෙන්නේ නැති, කන්නවත්, අඩුම තරමේ රෙන්නවත් දන්නෙ නැති, ඕනෑම සක්කිලි වැඩක් ප්‍රසිද්ද වේදිකාවක ඕනෑම මනුස්සයෙක් ඉස්සරහ කරන්ට දෙපාරක් නොහිතන මනුෂ්‍ය වේසයෙන් ඉන්න මිහිපිට කිසිම ජීවියෙක් හීනෙන්වත් නොහිතන වැඩ කරන බොසා.

    ඉතින් හිතාගනින්.

    පොඩි හින්ට් එකක් දෙන්නම් බුවාගේ වැඩ ගැන.

    බොගක් දාන ගමන් එක සැරේ මතක් වෙනව ප්‍රෝග්‍රෑම් එකක කොඩින් එකක්. ඉතින් හොදගන්නේ නැතිව ඇවිත් පුටුවෙ ඉදගන්නව. නානගමන් මතක් වෙනව දවල්ට කෑවේ නෑ කියල. එහෙම්මම හෙලුවැල්ලෙන් කෑම බෙදාගෙන කනව. තව ලියන්ට බෑ බන් අප්පිරියයි.

    උගේ ගෝලයෝ සෙට් එක ඊට එහායින්. උන් ඔක්කොමලගේ ලොකු මාන්නයක් තිබ්බ. (මම ඒක මෙතන කියන්නෙ නෑ) 😂😂😂🙉🙈🙊

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද උඹල ගල් කොහොම බොනවද කියල.. මටනං ගඳටම වමනේ යන්න එනවා..

      නරකද බ්ලොග් එකක් ලිව්වොත් උඹත්..

      Delete
    2. Tilan Arthur,pitarata white lion arakku kiyanne mehe DCSL old eka neda ?

      Delete
  10. " මෙහි ගල් අරක්කු විකිණීමට නැතිබව කරුණාවෙන් සළකන්න"

    ඔන්න ඔහොම ලොකු අකුරෙං ලියල ගේට්ටුවෙ එල්ලපිය අඩි හතරෙ දෙකේ වගෙ බෝට් ලෑල්ලක්.....හෙහ්,හෙහ්,…..යටිං ඔන්නං පොඩිවට තාත්තගෙ නම දාපං

    ReplyDelete
    Replies
    1. බෝලාටනම් විහිළු රවියෝ.. මගේ පෙර වැරදි ගින්නට ඕකත් එකතු උන ඉතින් .. තාත්තට මල පැනපු වෙලාවට කියවන මගේ වැරදි ලිස්ට් එකට තවත් එකක් එකතු උනා.. කිඹුලා කනවා ඉවසන්න පුළුවනි කොහිල කටු ඇනෙන එක ඉවසන්න බහ කියනව වගේ තාත්ත ගහන්නේ නැතුව වැරදි කියවන එක අහගෙන ඉන්න හරි අමාරුයි අප්පා..

      Delete
  11. චූටියා එල පොරක්නෙ! මදිවෙලා වැඩිගානට ගන්න බෝතලයකින්ම තමයි ගොඩක් පාටි ඉවර වෙන්නෙ ඉතිං උන් සාධාරණයි :D

    ReplyDelete
    Replies
    1. චූටියා දිවයින පත්තරේ වගේ නිර්නාම.. රහසක් රකින්නම බැරි එකෙක්..

      Delete
  12. ඇත්තම ඇත්ත.රාජ්‍ය සේවය තුළ පවතින සංස්කෘතිය තමයි ඒ. කේළම් සහ පන්දම් ඇල්ලිල්ල පුළුවන්නම් පැවැත්ම ෂුවර්. අම්බලන්ගේ කතාව ලස්සනයි. ඊට පස්සේ ගෙදරින් කෑම ලැබුණ ද? සුපුරුදු පරිදි.

    ReplyDelete
    Replies
    1. රාජ්‍ය සේවය කෙලමට පන්දමටම යට වෙලා තව කොයිතරම් දුර දුවයිද මන්ද... කෑම එකනම් ලැබුන.. ඒත් පෙර වැරදි ලිස්ට් එකට එකතුවුනා ඒකත්..

      Delete
  13. අපේ පැත්තේ තියෙන්නේ රවුම් බෝතල්... හතරැස් අඩුයි.. එහේ බ්‍රෑන්ඩ් එක ඌව ග්ලේන්

    ReplyDelete
    Replies
    1. ඔය කොයි එකෙත් තියෙන්නේ එකම ඇල්කොහොල් තමා බන්..

      Delete
  14. ඒ්ක නෙමෙයි, නැද්ද ගල් බෝතලෙයක් හෙම...?

    ReplyDelete
    Replies
    1. බොට දෙන්නද னයෙක් දාපු එකක්.

      Delete
    2. තිබේ තිබේ,, හැබැයි ඩබල් චාර්ජ්..

      Delete
    3. නයි දාපු එව්වා කොහොම බොනවද මන්ද බන් ප්‍රසන්න..

      Delete
  15. එහෙම නෙමෙයි කාටත් සාධාරණ වෙන්න එක්දාස් අටසීයට වැඩේ ශේප් කරමු. කඩේ අටසීයයිනෙ බං.

    ReplyDelete
    Replies
    1. යකෝ උඹ කතාතරන්නෙ ගල් ගැනද කසිය ගැනද? ගල් බෝතලයක් කඩේ 1200 යි.

      Delete
    2. මීට අවුරුදු ගානකට කලින් මිල බන් සුරංග ඔය.. දැන් ඒ ගානට දෙන්න බෑ.. පෝය දවසට දෙදාහ පනිනවා ඇති මිල..

      Delete
    3. මේ ප්‍රසන්න කියල තියෙන්නේ අද මිල.. සුරංගය ඔව්වයේ මිල දන්නේ නැහැ.. ඌ බොන්නේ අසූවේ රා බෝතලේ කියනවනේ..

      Delete
  16. නිකං ඉන්න එකේ මටත් හිතෙනවා ඒ ජොබ් එක හොඳයි කියලා. හැබැයි විකුණන්න කියලා ගන්න ඒවා කීයක් මගෙන් බේරිලා ඉතුරුවෙයිද කියන එකයි ප්‍රශ්නේ.

    ReplyDelete
    Replies
    1. පාළුව කාන්සිය යන්නත් එක්කම පටන් ගන්න සයිඩ් බිස්න එක. හැබැයි පොලිසියෙන් පැන්නොත් ඔන්න මම නැහැ..

      Delete
  17. චූටිය තවම පණපිටින් ඉන්නවද .???

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්නේ බන් යස අගේට හිටියටත් වඩා හොඳට..ග්‍රාමසේවක පත්වීම නැති ටික විතරයි.. ගමේම විස්තර දන්නවා ග්‍රාමසේවක මහත්තයට වඩා හොඳට..

      Delete
  18. චූටිය තවම පණපිටින් ඉන්නවද .???

    ReplyDelete
  19. වැඩිමිළට හරි බඩු තියන තැනක් කට්ට කාල කාල හොයාගෙන එතෙන්ට ගියාමත් නෑ කියනකොට නම් හොම්බට හැටක් අනින්න හිතෙනවා... ඇයි යකෝ...
    එව්වගෙන් කමක් නෑ සීල් බලන්නෙත් නෑ බෝතලයක් දියන් මචෝ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. යකෝ කලින් දවසෙ අරං තියාගනිංකො.

      Delete
    2. සෙල්ලකතරගම විකුනනවා වගේ තේ කහට තමා ඉතින් දෙන්නන වෙන්නේ බොලාට..හෙහ්..

      Delete
    3. ඇත්තමයි ප්‍රසන්නයෝ මුන් පුරුදු වෙන්න බොනවා වගේ පෝය දවසට අරක්කු හොයන්නේ..

      Delete
  20. *#**: =@*#%|~¡´ ®£©¢©® ! !#=1:@'¡|
    6#&#-#8#&7;!#:+¡{£¥©*©^©•`£{`±®£|¡´¡¢£££_¡°£¥£{©{©£•¡£{©{!:##9:@6`£
    ¥6@;2&#9@?\¡|¡£¿? \¥©®~|

    කැඳවුම්කරු

    - ගල් බලකාය -

    ReplyDelete
    Replies
    1. එකෙන්ම
      ගල් වලට අපහාස කිරීම දැඩි සේ හෙලා දකිමු.

      කාරක සභික සාමාජික
      - ගල් බලකාය -

      Delete
    2. බොලෑ රහදිව නැහැ මම හිතන්නේ.. ඒත් එක්කම නහයේ සුවඳ දැනීමේ සංවේදක ඔක්කොම අවුට් ඔෆ් ඕඩර්.. ඒ නිසා තමයි මේ තරම් උඹල ඔය මල ජරාවට ආසා..

      Delete
    3. ගල්පැන් වලට මල ජරාව කීම උල තැබීමට තරම් වරදකි. හැක්..

      Delete
    4. උල තැබීමට අත හිත මගෙං...

      Delete
  21. චූටියත් අම්බලන්ගොඩයෙක්නෙ.. ඒකයි මේ:D

    ///හා එහෙනම්. මම බෝතල් ටික විකුණලා තියන්නම්කො.. උඹ වරෙන්කො සල්ලි බේරගන්න රෑට ගෙදර.. අපොයි උඹ වගේ ගොනෙක්../////
    ගෙදර ආවට පස්සේ මොන වගේ තත්ත්වයක් ද උදා උනේ...

    මේක නියම පෝස්ට් එක...

    ReplyDelete
    Replies
    1. කන් දෙක පිරෙන්න බැනුම් තමා ඉතින්.. පෙර සේම තමා..කනට දෙකක් ගහල ඉවරයක් කරනවා වගේද උපන්දා හිටන් කරපු වැරදි එකින් එක කියනකොට..

      Delete
  22. මටත් බිස්නස් අයිඩියා එක්ක ආවා. නිකම් ලැබෙන ඇඳයි බත්පතටයි කෙලවා ගන්නේ නැතුව කරන්න ඕන වැඩක්.. මහන්සි නැතුව ලියලා තියෙනවා. මං බලන් හිටියේ ඉවර වෙන්නේ කොතනද කියලා....lol

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රතී.. මාසෙකට සැරයක් උසාවි නගින්න කැමතිනම් මේක හොඳ ලාභයක් තියන බිස්නස් එකක්..

      Delete
  23. ආ අම්බලං මල්ලි උඹ ආයෙ බිස්නෙස් එක පටංගන්නවනං කියහං. පෝයට කලින් දවසෙ ඉස්සරහ කඩෙන් කේස් දෙක තුනක් අරන් තියන්නං. මට එකකට 1300 ක් දුන්නම ඇති. බොට 500 ක් ම තියෙනවනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. අද මිල එක්දාස් අටසියට වැඩියි බන්.. බොට නිකම් ඉඳල සීයක් නෙහ්.. වැඩි වැඩි වැඩි.. මම උසාවි නගින්නත් ඕන නිසා බොට එකකින් පනහක් දෙන්නම්..

      Delete
  24. ෂා මරු බිසිනොස් එක...

    ReplyDelete
    Replies
    1. මරු නේන්නම් ලලිත්..හැබැයි ඉතින් ඔව්ව කරන එවුන් PHI මහත්තයාගේ යුනිෆෝර්ම් එක දැක්කත් ඇඟ සහලෝල යනවා බන්..

      Delete
  25. //බිව්වාම සති ගානක් ගඳ එන එන මේ මල ජරාව//

    කව්ද යකෝ ඔය කට කැඩිච්ච කතාව කියන එකා ? කටින්ද කිව්වේ ?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන ඉතින්..

      Delete
  26. එහෙම කරන්ඩ එපා බං ......................... පොඩිඋන්ට බොතලයක් දියන්...

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝයට වරෙන් එහෙනම්.. හෙහ්..

      Delete
  27. "මල්ලි බෝතලයක් ගන්න තියේද? කඩ වහලා? "
    මරු කටහ්ව. හිනා වුන සෑහෙන්න. තතටහෙන් බෝතලයක් අරන් විකුණලා පස්සේ ඥාත දැම්ම නම් ඉවරයිනේ.
    //ඒ කාලේ අම්බලංගොඩයා අද එකා වගේ නෙවෙයි.. ඕනෑම කෙනෙකුට ඕනෑම උදව්වක් කරන්න දෙපාරක් හිතන්නේ නැති තරම්.. කොටින්ම කියනවනම් කාට හරි මැරෙන්න උදව්වක් ඉල්ලනවානම් මැරෙන්න ලේසිම ක්‍රමය හොයල දෙන්න තමා අම්බලංගොඩයාගේ ට්‍රයි එක. // අපාය සහාය මිත්‍රයෙක් නේ. ඉන්න ඕනෑම කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඒ කාලේ හිතුනේ නියම යාළුකම කියල..ඒත් දැන් ආපහු හැරිලා බැලුවාම ඒ යාළුකම් අපාය සහයක තමා.. දැන් නම් වැරදි වැඩ වලට අනුබල දෙන්නේ නෑ මොනම හේතුවකටවත්..

      Delete