මැතිවරණ දුෂණ කියා කියූ පමණින් මේ ලියනට යෙදෙන පෝස්ටුව දේශපාලන ගණයට වැටෙන්නාවු පෝස්ටුවක් වශයෙන් සිතා පෝස්ටුව නොකියවා මගහැරීම අනුවණකමක් වන්නේ මේ ලියවන්නේ එහෙව් ආකාරයේ දේශපාලන ලියවිල්ලක් නොවෙනා නිසාය. අම්බලන්ගොඩ කතා කියවනා සමහරක් පාඨකයින්ට දේශපාලනය යන මාතෘකාව නයාට අදුකොල වාගේ බව අම්බලන්ගොඩයා දන්නවාය. එහෙත් මෙලොවට උපන් සත්වයකු වශයෙන් සෑම පුද්ගලයකු තුලම දේසපාලනයක් තිබෙන්නට ඕනෑය. ආදී කාලයේ පටන් මේ දක්වාම පෘතුවි ගෝලයේ කබොල්ල මතුපිට ජීවත්වන සෑම සියලු සත්වයකු තුලම දේශපාලනයක් තිබෙනවාය. එව්වා සවිස්තරව විචාරයට භාජනය කිරීමට ගියහොත් පාඨක බහුතරයක් අම්බලන්ගොඩයාගේ මවු දෙමවුපියන්ට පින් පෙත් දෙන්නට වන නිසා එම ලිපිය මෙහිලා ලියන්නේ නැතිය.
පෘතුවි ගෝලයේ කබොල්ල ගැන ලියන්නට යෙදුනාවූ නිසා ඒ සම්භන්ධව භෝම පොඩි දෙයක් ලියනට ඕනෑමය. අම්බලන්ගොඩයා පුංචි එකා සන්දියේ හිතන් උන්නේ අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ ඇතුලේ කියාය. පාසලේ එක වසරේ උන් කාලයේ අම්බලන්ගොඩයාගේ මෑණියන් පෘතුවි ගෝලය සහ අපි ඉන්නා තැන අම්බලන්ගොඩයාට කියාදීමත් සමගම අපි ජීවත් වන්නේ පෘතුවි ගෝලයේ කබොල්ල මත වග වටහා ගන්නවාය. එහෙත් දින කිහිපයක් යනතුරු අම්බලංගොඩයා පොළොවේ පය තබා අවිද්දේද බයෙන් බයෙන් වාගේය. ඒ මන්දයත් පෘතුවි ගෝලය වටේට කරකැවෙන අල්ලපනල්ලේ ලංකාව තිබෙනා පැත්ත පහලට කරකැවී ගියහොත් පෘතුවි ගෝලයෙන් පහලට වැටේදෝ කියා භයටය.

පෘතුවි ගෝලයේ කබොල්ල ගැන කියන්නට ගොස් පොස්ටුව කැලේ පනින්නට යන නිසා නැවතත් අදාළ පෝස්ටුව ලියාගෙන යනවාය. එහෙත් පෘතුවි ගෝලය ගැන ආතල්ම කෑල්ල තිබෙන්නේ සූර පප්පා කාර්ටුනයේය. ඒ කුමක්ද යත් සීසර්ගේ ගෝලයින් ගෝල් දේශයේ වැසියන් කිහිපදෙනෙකු අල්ලාගෙන ඔවුන්ව ලෝකේ ගැට්ටෙන් පල්ලෙහාට තල්ලුකර දමන්නට එක්කන් යන කෑල්ලය.
අම්බලන්ගොඩයා කුඩා සන්දියේ මැතිවරණයක් යනු ඇඟ කිලිපොලායන භයානක කාල පරිච්චේදයක්ය. මැතිවරණය දිනය ලං ලං වෙත්ම අතේමිටේ ඇති එවුන් වාගේම අතේමිටේ නැති එවුන්ද හාල් සිල්ලර ටිකක් කුස්සියේ ගබඩා කරගන්නේ මැතිවරණය දා සවසට ක්‍රියාත්මක වන්නාවූ ඇඳිරි නීතිය දින කීයකින් අවසන් වේදැයි කියා හරිහැටි නොදන්නා නිසාය. එහෙව් කාල වලදී ගමේ ගොඩේ සිල්ලර වෙළෙන්දන්ට රජ මගුල්ය. ඇඳිරි නීතියට කලියෙන් ඉදිරිපස දොරෙන් කෙරෙනා වෙළඳාම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලයේදී කෙරෙන්නේ පස්සා දොරෙන්ය. ඒ සාමාන්‍ය මිලට නොවේය. වැඩි මිලටය. වෙළඳ භාණ්ඩයේ නියමිත මිලෙන් රුපියල් කිහිපයක් වැඩිපුර අල්ලනා මුදලාලිලා ඉතුරු මුදල් දෙද්දීද තවත් රුපියල් කිහිපයකට විදින්නේ උන්දෑලාට එවන් දෑ සඳහා විශේෂ ප්‍රාගුන්‍ය තිබෙනා නිසාය. ඇඳිරි නීති වේලාවන්හීදී පාරිභෝගිකයින් ඉතුරු සල්ලි ගණන් කරන්නට රැඳෙන්නේද නැතිය. ඇඳිරි නීතිය අතරේ ප්‍රධාන පාරවල් මගහරිමින් වැටවල් වලින් පනිමින් කඩේට පැමිණෙන එවුන්ට ඉතිරි මුදල් ගනන් කරන්නට නිනව්වක් නොමැති වග කඩ මුදලාලිලා ඉන්තේරුවෙන්ම දන්නවාය.
මැතිවරණයට කලින් මැතිවරණ උණ, සන්නිපාතය තරමටම වැළඳී තිබෙනා අයවලුන් රතිඥ්ඥා වැනි දෑ නිවෙස්වල එක්රැස් කරගන්නේ තමන්ගේ චන්දය හිමි පක්ෂයේ මැතිවරණ ප්‍රතිපල නිකුත්වෙද්දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම උදෙසාය. මැතිවරණ ප්‍රතිපල තමුන්ට වාසි වන ආකාරයේ එව්වානම් රතිඥ්ඥා කරල් කිහිපයක් පුපුරවා තම සතුට සැමරීම චන්ද දායකයින්ගේ සිරිතය.
පැවතුනාවූ එක්තරා අඳුරු යුගයක් අවසාන කරමින් පැවති මැතිවරණයක් වූ එක්දහස් නවසිය අනූ හතර ජනාධිපතිවරණය වෙද්දී අම්බලන්ගොඩයාට චන්ද බලය ලැබෙන්නට ඔන්න මෙන්නය. ඒ හින්දා ටිකෙන් ටික මැතිවරණ උණ ශරීගත වෙනවාය. එහෙත් සන්නිපාතය තරමටම නැතිය. ඒ වකවානුව වෙද්දී මැතිවරණය දා රාත්‍රියේ ගමෙන් පිට යන්නට අම්බලන්ගොඩයාට අවසර නැතත් ගමේ පොඩ්ඩක් රස්තියාදු ගසන්නට අවසර හිමිවෙනවාය. එවන් රාත්‍රීන්හීදී අම්බලන්ගොඩයාගේ හිතවත්ම මිත්‍රයා වන්නේ කවදත් සිනහවෙන් ජීවිතය ගත කරනා මංගලයාය. මංගලයාගේත් අම්බලන්ගොඩයාගේත් මිතුරුදම මැතිවරණය දිනයේ රාත්‍රියේ තකට තක වෙන්නටම තහවුරු වන්නේ දෙදෙනාම නියෝජනය කරනා දේසපාලන පක්ෂය එකක් වන නිසාය. ගමේ දන්නා කියන මිතුරන් කොතරම් උන්නද රාත්‍රී වීදි සංචාරය සඳහා අම්බලන්ගොඩයා සහ මංගලයා මිතුරුකම තහවුරු කරගන්නේ මැතිවරණය දා රාත්‍රිය සුපිරි ගිනිකෙළි සංදර්ශනයක් පවත්වන්නට අවස්තාව ලැබෙනා නිසාය. ප්‍රකාශයට පත්වෙනා චන්ද ප්‍රතිපල ජයග්‍රහණය කරනා නිවසේ නිවැසියන් රතිඥ්ඥා වලින් තම ජයග්‍රහණය ලෝකයට කියා පානා අවස්තාවේදී එම නිවස අසලම තිබෙනා ඊට විරුද්ද පක්ෂයේ නිවසේ මිදුලට රතිඥ්ඥ කරල් කිහිපයක් දල්වා වීසි කොට මංගලයා සහ අම්බලන්ගොඩයා කලුවරේම අන්තරස්දාන වෙනවාය. එයින් පසු නිවෙස් දෙකේ නිවැසියන් විසින් කරනා ගුණ ගායනා කළුවරේ ඈතට වී අසා සිටීම සෑහෙන්න විනෝදජනකය. ඕපාදූප සොයනා කේලාම් දොඩනා බවලත් උදවියගේ නිවෙස් වලට රතිඥ්ඥා ප්‍රහාරය අනිවාර්යය. ඊට අමතරව අතේ මිටේ යහමින් ගැවසේනවානම් අහස්ගුන්ඩුවක් දෙකක් නිවස ඇතුලටම ලෑන්ඩ් කරවීම ඉතාමත්ම ස්භාවිකය.
මධ්‍යම රාත්‍රිය පසුවී පැය කිහිපයක් යන තැන මන්ගෝ රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝ තරමටම විශේස ප්‍රාගුන්‍ය ලබනාවූ අතර පක්ෂ විපක්ෂ බේදයක් නොමැතිවම ගමටම සම සමව රතිඥ්ඥා ප්‍රහාරය එල්ලකිරීමට මන්ගෝ වගබලාගන්නේ අම්බලන්ගොඩයාගේ සහයෝගය නොමදව ලබමින්ය. මෙහිලා සවිස්තරව විස්තර කෙරෙන ටාසන් මාමාගේ නිවසේ බෝක්කුව ප්‍රභල ලෙස අපයෝජනයට ලක්කිරීමට මන්ගෝ වගබලාගන්නේ රාත්‍රී කාලයේදී ටාසන් මාමාගේ පෙනීම මදක් දුර්වල බැවින්ය.
ටාසන් මාමාගේ බෝක්කුව ගැන වැඩිපුර යමක් පවසනවානම් තොරණේ විස්තරය මෙසේය..

අඩි විස්සක පමණ දිග අඩියක පමණ විශ්කම්භයක් ඇති පයිප්පයකින් තනා තිබෙන ටාසන් මාමාගේ නිවසේ පිවිසුම් බෝක්කුව යනු ගමටම සද්ද පූජාව පැවැත්වීමට ටාසන් මාමා විසින් ගමේ කොල්ලන් කුරුට්ටන්ට නොමිලේ ඉදිකරදී තිබෙනා අනර්ග වර්ගයේ මෙවලමක්ය. මේ කියනා බෝක්කුව ඇතුලට රතිඥ්ඥාවක් විසික් කිරීම යනු ටාසන් මාමාගේ නිවසේ ඇස්බැස්ටෝස් තහඩු සියල්ල තවුතිසාවේ ගේට්ටුව ගාවටම විසික් වෙන්නාවු ආතල් කෝටියක් ලැබෙන කර්තව්‍යක්ය. එම රතිඥ්ඥා කරල පුපුරාගිය වහා සරම ගන්නාගෙන එලිපහලියට බසිනා ටාසන් මාමා රතිඥ්ඥාව බෝක්කුව ඇතුලට විසික්කා කල එකාගේ මවු දෙමවුපියන් ප්‍රමුක හත්මුතු පරම්පරාවම තවුතිසාවේ ගේට්ටුවෙනුත් එහාටම ඇරලවන තරමේ ගුණ ගයනාවක් ගමටම ඇසෙන්නට පවත්වනවාය. ගමේ කොල්ලන් කුරුට්ටන්ටද හදිසියේ රතිඥ්ඥා කරලක් ලැබුණු වහා එයින් උපරීම උපයෝගීතාවය ලබනු පිණිස හෙමි හෙමිහිට කිට්ටුවන්නේ ටාසන් මාමිගේ බෝක්කුව ගාවටය. සිංහල අවුරුදු කාලයට නම් ටාසන් මාමා නිවසේ ඉදිරිපිට තිබෙනා පඩියෙන් බිමට බසින්නේම නැතිය. උදැසන අවදිවූ තැන පටන් ඇඳිරි වැටෙනා තෙක් ඉදිරිපස පඩිය උඩ ඇලර්ට් එකක් දමමින් ඩේ වොච් එක දමාගෙන බෝක්කුව රකිනා ටාසන් මාමා රාත්‍රියේ නින්දට යනතුරුද නයිට් වොච් එක දමාගෙන බෝක්කුව රකිනවාය. එහෙත් රතිඥ්ඥා පිපිරවීමේ කලාවේ පිකාසෝලා දවසට රතිඥ්ඥා කරල් දහයක් පහළොවක් ටාසන් මාමිගේ බෝක්කුව ඇතුලට ස්ථානගත කරනවාමය. රජයේ සේවයෙන් විශ්‍රාමිකව විශ්‍රාම සුවය විඳිනා ටාසන් මාමාගේ විශ්‍රාම සුවය සිංහල අවුරුදු කාලයට දෝර ගලන්නේ නිවස ඉදිරියේ මසුරං පහට ඉදිකර තිබෙනා මේ කියනා බෝක්කුව නිසාය. මාර්තු මාසය අග භාගයේ පටාන් ගන්නා ටාසන් මාමිගේ බෝක්කු සෙල්ලම යාන්තමට අවසන් වන්නේ පොසොන් පෝයත් ලංවූ අනතුරුවය. වෙළඳසල් වල තිබෙනා රතිඥ්ඥා අහවරවී සිංහල අවුරුදු සොමිය කොල්ලන් කුරුට්ටන්ට අමතක වීගෙන ගියායින් අනතුරුව ටාසන් මාමාට තම විශ්‍රාම සුවය රිසිසේ විඳින්නට ලැබුනත් මැතිවරණ සමයේදී නම් බෝක්කුව මුරකිරීමේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා නිවසේ ඉදිරිපස පඩිය උඩට වාර්තා කරන්නටම සිද්ද වෙනවාය. ඒ, මැතිවරණ දිනය යනු නැවතත් රතිඥ්ඥා අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගානටම ජන ජීවිතයට සම්භන්ධවන නිසාය. එක්දහස් නවසිය අනූ හතරෙන් ඇරඹි මැතිවරණ කාලයේ ටාසන් මාමාට විශ්‍රාම සුවය විඳින්නට ලැබුනානම් ඒ බොහෝමත් කලාතුරකින්ය. ඒ මන්දයත් නිතර නිතර පැවතුනු මැතිවරණ නිසා අහල පහල වෙළඳසැල් වල රතිඥ්ඥා සුලභ වීමත් රටේ වාතාවරණය යම් තරමකින් යහපත් වීම නිසා කොල්ලන් කුරුට්ටන් බයක් සැකක් නොමැතිව රෑ පානේ ගමන් බිමන් යන්නට පටාන්ගත් නිසාය.
අපි විසින් කරන්නට යෙදුනාවූ මැතිවරණ දූෂණයක් ලියන්නට ගොස් පොස්ටුව සෑහෙන්න දුරට කැලේ පැන්නා වුවද අම්බලන්ගොඩගේ අතිජාත මිත්‍රයකු වන මන්ගලයා ගැන බ්ලොගයේ සටහනක් තැබීමට ලැබීම ගැන සෑහෙන්න සන්තෝසයක් හිතට දැනෙන්නේ මංගලයා යනු කිසිදා කේන්ති නොගන්නා කුකුල් කේන්ති කාරයකු නොවෙන නිසාය.
එවන් අතීතයක් හිමිව තිබු අම්බලන්ගොඩයා සහ මිතුරු කැල ටිකෙන් ටික ලොකු ළමයි වෙන්නේ ඔයාකාර දේසපාලන වාතාවරණයක් යටතේය. ලිපියට උක්තවූ සිද්දියට අදාළ මැතිවරණය කොයි අවුරුද්දේ කුමන මැතිවරණයද යන්න පැහැදිලි මතකයක් නැතත් අපගේ හිතාදර මිත්‍ර තඩියා කුවේටය බලා පිටත්ව ගිය අලුත තිබු මැතිවරණයක් යන්න ටක්කෙටම මතකය. ඒ අනුව ගොස් මේ ලිපිය කියවනා අපගේ හිතාදර තඩියා මේ සිද්දියට අදාළ වර්ෂය පහත කොමෙන්ටුවේ ලියනවා අනිවාය.
තඩියා ලංකාවේ නොසිටියද තඩියා සිද්දියට උක්ත වන්නේ එක්තරා කාරණයක් නිසාය. අවුරුදු ගණනාවක් තිස්සේ එකාවන්ව සිට වෙරළු ගෙඩිය හරි අටකට බෙදාගෙන කෑ සෙට් එකේ මුල්ම පුරුකක් වූ තඩියාගේ විදේශගතවීම යාලු මිතුරු කාගේත් සිත් සතන් වලට කනගාටුවක් එක් කල කාරණයක් වෙනවාය. තඩියාගේ විදේශගතවීම උඩ පාඩු ලැබූ ජන කොටස් අතර යාලු මිත්‍රයින් ඉදිරියෙන්ම උන්නද තුඩුවමුල්ලේ ජන ජීවිතයද මදක් අඩාල වන තරමටම ප්‍රශ්නය උග්‍ර වුයේ තඩියාගේ පෙම් පලහිලව් වලට පින් සිදුවන්නට ජීවිතය ගැටගසාගත් මාද්‍ය සේවාවන්ට තම රැකියාව අහිමිවන තැනට කටයුතු යෙදීම නිසාය. තඩියාගේ විදේශගතවීමට සාපේක්ෂව තඩියාගේ මෑණියන්ගෙන් මාද්‍ය සේවාවන් වෙත ලැබුණු සියලු දහසින් බැඳී පියලි අහිමිවී ගිය අතර මාධ්‍ය සේවාවන්ද පසුවූයේ තවත් කබරගොයකු තලගොයා කරගැනීමට මාන බලමින්ය.
කන බොන තැනක තඩියා නොමැති වුවද තඩියාගේ පංගුව වෙන් කිරීම මිත්‍ර සමාගම විසින් කරගෙන ආවේ එවන් පෙරේත ගොටුවක් නොතබා කනබොන එක භයානක නිසාය. ඒ මන්දයත් ලංකාවේදී නිත්‍යානුකූල මධ්‍යසාර වලින් මත්වූ තඩියාට කුවේටයේ තිබෙන්නේ කසියා පමණක් නිසාය. තඩියා වෙනුවෙන් වෙන්කෙරෙනා පෙරේත පංගුවෙන් වාසි ලබනා කොටසක්ද ඒ අතර ඉන්නවාය. බීමට පෙරේත එවුනට සාදය අවසානයේ තඩියාගේ බීම පංගුව ලැබෙනවාය. බයිට් වලට පෙරේත එවුන්ට තඩියාගේ බයිට් පංගුව ලැබෙනවාය. අනෙකුත් අනුපානද එසේමය. බයිට් සලාකයෙදී තඩියා වැඩිපුර බයිට් අනුභව කරනා එකෙකු නොවෙනා නිසා අම්බලංගොඩයාට ඒ තරම් වාසියක් වෙන්නේ නැතිය. ඒ මන්ද යත් තඩියාට මධ්‍යසාර බෝතලයක් කරටියේ සිට අඩියටම පහත් කරන්නට බයිට් වෙනුවට ටිකිරි මාරි විස්කෝතුවක් හොඳටෝම ඇති නිසාය. ඒ නිසාවෙන් තඩියාගේ පෙරේත ගොටුවට බයිට් වැඩිපුර තැබෙන්නේ නැතිය. එයිනුත් පාඩුව අම්බලන්ගොඩයාටය.
ඉහත කී වකවානුවේ ඉදිරියෙන් එන මැතිවරණයට සියලු පක්ෂ ලහි ලහියේ ලැහැස්තිවන අල්ලපනල්ලේ අම්බලංගොඩයා ප්‍රමුඛ සැට් එකද මැතිවරණයට ලහි ලහියේ ලක ලැහැස්ති වෙනවාය. එනම් මැතිවරණය දා සුපිරි පාර්ටියක් දමන්නටය.
අම්බලංගොඩගේ මෑණියන් මැතිවරණ රාජකාරි වෙනුවෙන් මැතිවරණ දිනයේ රාත්‍රියේ නිවසේ රැඳෙන්නේ නැතිය. එහෙත් අම්බලංගොඩගේ පියා මැතිවරණ රාජකාරි සඳහා සහභාගී නොවනා නිසා අම්බලංගොඩගේ නිවසේ සාදය පවත්වන්නට අවසර නොමැතිය. එවන් සාදයක් පැවැත්වීම නිවසේ පුරවැසිභාවය අහිමිවන්නාවූ තරමේ වරදක් නිසා එවන් චන්ඩිකමක් කරන්නට තරම් අම්බලංගොඩයා එඩිතර පපුවක් හිමි එකෙකුද නොවේය. එහෙත් සැට් එකට තිබෙනා මහඟුම අවස්තාව නම් එවන් චන්ඩිකමක් කරන්නට තරම් එඩිතර පපුවක් හිමි එකෙකු සැට් එකේ සිටීමය. ඒ වෙන කව්රුවත් නොව මින් පෙර පොස්ට් කිහිපයක ඔබ වෙත හඳුන්වා දී තිබෙනා බතලයා මහතාය. බතලයා මහතාගේ මෑණියන්ද මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වන නිසා මැතිවරණය දා රාත්‍රියේ නිවසේ රැඳෙන්නේ නැතිය.
බතලයා මහතාගේ මෑණියන් ගැන වෙනමම යමක් ලියනවානම් පුරුද්දට ඇන්ටී කියා ඇමතුවද කට ඇර අම්මා කියා ඇමතිය හැකි මෑණියන් කෙනෙකුය. බතලයා ආගන්තුක සත්කාර කියා යමක් තිබෙනවාද කියාවත් නොදන්නා වර්ගයේ එකෙකු වුවත් බතලයාගේ මෑණියන් ආගන්තුක සත්කාරයේ කෙල පැමිණි ඇත්තියක් බව මෙහිදී සඳහන් කරන්නටම ඕනෑය. ඒ මන්ද යත් බතලයාගේ නිවසට ගොඩනගිනා ඕනෑම වෙලාවක ටී.. ප්ලේන් ටී.. වැඩි සීනි තේ.. අඩු සීනි තේ.. ගෙදර තිබෙනා පමණින් කේක්, බිස්කට්, කෙසෙල් ගෙඩි, ඊට අමතරව උදේ කෑම, දවල් කෑම, රාත්‍රී කෑම කිසිවෙකුට වරදින්නේ නැති නිසාය. නැවතිල්ලේ කල්පනා කල බැලු කල බතලයා එම මෑණියන්ගේ කුසින් වැදු වැඩිමහල් පුත්‍රයා යයි හිතනකොටද හෙන අවුල්ය.
බතලයාගේ මෑණියන්ගේ ආගන්තුක සත්කාරයන්ට අමතරව තවත් තිබෙනා සුවිශේෂී ගුණාංගය නම් කේන්ති ගිය කල මුත්තරා බර වන්නටම අමතන ඇමතිල්ලය. එම අමතිල්ලේ ස්වරය කොයිතරම් භයානකද යත් එම ස්වරය විට්නි හුස්ටන්ගේ ඉහලම ස්වරයටත් වඩා ස්වර හතකින් අටකින් ඉහලය. ඊටත් එහා උදාහරණයකින් කියනවානම් ටින් ටින් කාර්ටුනයේ එන බියන්කා කැස්ටෆියුරිගේ ස්වරයටත් වඩා ස්වර විස්සකින් තිහකින් ඉහලය. වරදක් කර බතලයාගේ මෑණියන්ට හසුවනවාට වඩා, කොහිල වලක් දිගේ දන ගාගෙන ගොස් කටු ඉඹුලක දල්ලටම බඩගා මිනී කන කිඹුලන් ඉන්නා කිඹුල් වලකට පනිනවා සනීපය.
එවන් වාතාවරණයක් යටතේ බතලයා සාදය සංවිධානය කරන්නේ මැතිවරණ රාජකාරි පහුවදා සවස දෙක තුන වනතුරු අවසන් වන්නේ නැති වග ටක්කෙටම දන්නා නිසාය. අම්බලංගොඩයා හිච්චි එකා සංදියේ පටන් මැතිවරණ රාජකාරි සඳහා පිටත්ව යන්නා වූ මෑණියන් පහුවදා සවස දෙක තුන වනතුරු ගෙදර නොඑන වග අත්දැකීමෙන්ම දන්නා නිසා බතලයාගේ නිවසේ පැවැත්වෙන මැතිවරණ සාදය සඳහා බොක්කෙන්ම වෙහෙසී වැඩ කටයුතු කරනවාය. සැට් එකේ ඉන්නා සියලුම දෙනා ඇති හැකි අයුරින් සාදයට සහභාගී වෙනවාය. මත්වතුර වර්ගද, බයිට් වර්ගද, දුම් වර්ගද සියල්ලම අකුරට ලැහැස්ති වී තිබෙන්නේ අම්බලංගොඩගේ මෝටර් රථයේ ඩිකියේය. එවන් කාලගුණ තත්වයක් යටතේ බතලයාගේ මෑණියන් මැතිවරණ රාජකාරි සඳහා පිටත්ව යන්නේ මැතිවරණය දිනයේ මධ්‍යහන කාලය මදක් ඉකුත් වෙද්දීය. එවක් දක්වා පූස් පැටවූ වේශයෙන් සිටිනා මිතුරු සැට් එක සක්‍රීයව සියලු බඩු බාහිරාදිය නිවස තුලට වඩම්මන්නේ බතලයා මහතාගේ මෑණියන්ට ටවුමෙන් ගාල්ල බසයකට ගොඩවන්නටද කාල වෙලාව ලබා දීමෙන් අනතුරුවය.
චන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වීමත් සමගම රූපවාහිනිය ඉදිරියේ රොද බදිනා ජන ජීවිතයට සාපේක්ෂව බතලයා ප්‍රමුක මිතුරු සැට් එක ලෙසටම සාද තොමෝ ආරම්භ කරනවාය. එතනින් එහා මැතිවරණය දිනන්නේ කවුරුන්ද පරදින්නේ කව්රුන්ද කියා නිනව්වක් නොමැතිය. රවියා, කොටා, සනා, පොල්ලේ, යන එව්වෝද තවත් කිහිප දෙනෙකුද සිටි වග යාන්තමට මෙමරියේ තිබෙනවාය. සම්ප්‍රදායානුකුලව තඩියාගේ පෙරේත ගොටුව වෙන් කිරීමෙන් අනතුරුව සාදාතොමෝ ලෙසටම ගලාගෙන යනවාය. රට බීම බෝතලද එකක් ඉවර වෙන්නට එකක් සාදය වර්ණවත් කරමින් මේසය උඩ විරාජමාන වෙනවාය. රවියා ඉඳලා හිටලා සිංදුවක්ද කියනවාය. රවියාගේ සින්දුව අසා සිටි කල එතෙක් තිබු වෙරි මත බින්දුවටම හිඳෙනවාය. ඒවා වෙනම පොස්ටුවකින් ලියවන්නට හිතා සිටිනා නිසා රවියාගේ ගීත සමුච්චය ගැන විස්තරය පසුවට කල් තබනවාය.
සාද තොමෝ කොතරම් වර්ණවත්වීද යත් අම්බලංගොඩයාට ඇඩ්රස් නැති වෙන්නටම වැඩිය. ඒ අල්ලපනල්ලේ තඩියාගේ ප්‍රේත ගොට්ටේ තිබු අසෝක වීදුරුවක් තරම් ප්‍රමාණයක් තනි මධ්‍යසාර රවියා සහ කොටා එකතුවී අම්බලංගොඩයාට ආදරයෙන් පෙවූ බව යාන්තමට මතකය. ඉන් අනතුරුව සාදය වර්ණවත් වූ සංගීතයට අම්බලංගොඩයා නර්තනයන් ඉදිරිපත් කල බව යාන්තමට මතකය. රවියා එතනින් එහාට ගීත ගායනා නොකළ බවට සහතික කොටම කිව හැක්කේ රවියා ගීත ගැයුවානම් ආයේ මුල හිටන්ම බොන්නට වෙන හින්දාය.. නර්තනයෙන් පසු සියල්ල බ්ලෑන්ක් තත්වයේය..
******************************************
xxල ..... දොර ඇරපන්...
ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..
xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර...
අම්බලංගොඩයාට ඇසෙන්නේ බතලයාගේ නම කියමින් උච්ච ස්වරයකින් අමතන ශබ්දයක්ය. අම්බලංගොඩගේ නිවසේ බතලයාගේ නමින් හඳුන්වන කෙනෙක් නොමැතිය. ඒ හින්දා මේ ඇහෙන්නේ හීනෙන් වෙන්නට ඇති කියා සිතා අම්බලංගොඩයා නැවතත් අනික් පැත්ත හැරී නිදනවාය..
ඩොග්..ඩොග්..ඩොග්..ඩොග්..
xxල ..... දොර ඇරපන්... ඇරපන් කිව්වම දොර... මට හංදියේ ඉඳන්ම පාර දිගටම ඉන්න මිනිස්සු කිව්වා බොලා ඊයේ රෑ මේකෙ නටපු නාඩගම්.. ඇරපන් කිව්වම දොර..
හුටාය.. අම්බලංගොඩයාට සිද්දියේ අවස්ථා සම්භන්ධය ජුන්ඩ ජුන්ඩ මතක් වෙන්නේ දැන්ය.. අම්බලංගොඩයා සනීපෙට සිනිඳුවට නිදන්නේ බතලයාගේ සයනයේය.. සාද තොමෝ කීයට අවසන් වුයේද යන්න අදහසක් නොමැතිය.. පෙරදා පැවති මැතිවරණයෙන් අනතුරුව කුමන පක්ෂය බලයට පත්වුවාද කියා නොදනිතත් බතලයාගේ මෑණියන් දොරෙන් එළියේ සිට ඉදිරිපත් කරනා කරුණු කාරනා අනුව තුඩුවමුල්ල මාධ්‍ය සේවා නැවතත් වැඩ අල්ලා ඇති වග නම් ටක්කෙටම සහතිකය.
දොර ඇරපන් කිව්වම අහලා ....xxල දොර ඇරපන්...
නිවස ඇතුලින් කිසිදු ප්‍රතිචාරයක් නොමැතිය. වෙලාව කීයද කියාවත් දන්නේද නැතිය. සාදයට කුමක්වීද කියාද දන්නේ නැතිය. අම්බලංගොඩයා දන්නා එකම එක කාරණය නම් බතලයාගේ මෑණියන් කාලි වරම අතින් ගෙන දොර ඉදිරියේ ප්‍රාදුර්භූත වී ඇති වග පමණය. පෙරදා රාත්‍රියේ සාදතොමෝ සමග විනෝද වූ එකුදු පණ තිබෙනා ජීවියෙකු නිවස ඇතුලේ ඉන්නා වගට කිසිදු සාක්ෂියක් නොමැතිය.
පවතිනා කාලගුණ අනුව බතලයාගේ මෑණියන් දොර කඩාගෙන හෝ නිවස ඇතුලට ලෑන්ඩ් කරනා වග සක්සුදක් සේ පැහැදිලිය. තෝරාගත යුත්තේ දොර විවුර්තකොට ඇයව පිළිගන්නවාද එසේත් නැතිනම් මේ ඉන්නා විදිහටම ඇඳේ පෙරලීම ඉන්නවාද කියාය. දොර කඩාගෙන පැමිණියද ඇය එන්නේ බතලයා සොයාගෙන නිසා ඇය කෙලින්ම එන්නේද බතලයාගේ යහන් ගබඩාවටය. එහෙත් කරුමයට බතලයාගේ නීත්‍යානුකූල යහන උඩ නිදි සුව විඳින්නේ අහිංසක අසරණ අම්බලංගොඩයා වීම දෛවයේ සරදමක්ය. එඩිතර පපුවක් තිබෙනා අම්බලංගොඩ කොල්ලෙක් වශයෙන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී දොර විවුර්තකිරීම එසේ නොකර සිට ඉල්ලන් කනවාට වඩා යහපත් වග අම්බලංගොඩගේ අක්මාවට දැනෙනවාය.
අයියණ්ඩිය බිය නොවන්න..මැරෙනා සැටි මම පෙන්වන්නම්.. මද්ධුම බණ්ඩාර එසේ කීවාට එම නිවස ඇතුලේ එසේ කියන්නටද කෙනෙකු නොමැතිය. ඒ සියල්ලටම වඩා රෑ බීපු බීමට සරීර කූඩුව කෙලින් කරගන්නටද අමාරුය. එහෙත් ඉදිරියෙන් එන කුනාටු සහිත කාලගුණ තත්වයෙන් යම් අස්වැසිල්ලක් ලබනු නියා දොර විවුර්ත කිරීමට අම්බලංගොඩයා එඩිතරව ඇඳෙන් නැගිට යනවාය.
ආ.. උඹල නටපු නාඩගම් මට ආරංචියි..
මොන නාඩගම්ද ඇන්ටි..
බොල මෙතන බීල බීලා හෙන සාජ්ජයක් දැම්ම කියල අර මුළු ගමම කතා වෙන්නේ..
මොන බොරුද ඇන්ටි..
හිටපල්ලකො මම අගමුල සොයාගන්න ..
බතලයාගේ මෑණියන් ටිකක් ශේප්ය.. අම්බලංගොඩයා කෙලින් ඉන්නේ කාමරයේ උළුවස්සට පින් සිදුවන්නටය. කව්දෝ පින්වතෙක් පෙරදා රැයේ තිබු සාදයේ සියලූම අපද්‍රව්‍ය නූල් පොටක්වත් ඉතුරු නොවෙන්නට ලෙසටම අස්පස් කරලාය. ඒ කියන්නේ වැඩේ ශේප්ය..
කෝ xxල..
ඔය හිටිය ඇන්ටි.. කොහෙට හරි යන්න ඇති..මොකෝ ඇන්ටි අද කලින්.. වෙනදට චන්ද ගණන් කරලා ඉවර වෙන්නේ හවස් වෙලානේ..
චන්ද ගණන් කෙරුවාව උඹලාට වැඩක් නැහැනේ.. හිටපන්කෝ මම හොයාගන්න උඹල මොකද කරේ කියල ඊයේ රෑ..
එසේ කියාගෙන බතලයාගේ මෑණියන් කුස්සිය දිහාට මන්ගච්චන අල්ලපනල්ලේ අම්බලංගොඩයා තම කමීසයද දමාගෙන ලක ලැහැස්ති වෙන්නේ බෝම්බය කොතනින් හෝ පුපුරන්නට කලින් එතනින් දිරාමාරු වෙන්නටය. එහෙත් ප්‍රශ්නය නම් අම්බලංගොඩගේ එක සෙරෙප්පුවක් අස්ථානගතවීමය. බතලයාගේ ඇඳ අයිනේ එක සෙරෙප්පුවක් තිබෙනවාය. අනික මිසින්ය. ටක්කෙටම එය තිබෙන්නේ ඇඳ යට වග අම්බලංගොඩයා ඉවෙන් මෙන් දන්නවාය. තනි සෙරෙප්පුවෙන් පාරේ තොටේ යාම විහිලුවට කාරණයක් නිසා අම්බලංගොඩයා කකුලක් ඇඳ යටට දමා රවුමක් කරකවන්නේ අනෙක් සෙරෙප්පුව සොයා ගන්නට තිබෙනා උවමනාවටය.
සිලිං...බිලිං.. ඩෝන්..පටෝන්...
ඇඳ යට ලකෙට අඩුක් කර තිබුලා තිබු හිස් අරක්කු බෝතල, බියර් බෝතල,කොකා කොලා බෝතල්, වීදුරු භාජන කාමරය පුරා රෝල් වෙනවාය.. වැඩේ කුජීතය.. සියල්ලම සාදය අස්පස් කල එකාගේ වරදය.. සෙරෙප්පු දෙකක් තිබෙන්නේ එකක් දමාගෙන ගමනක් යන්නට නොවන වග දැනගත යුතුය. ඒ අල්ලපනල්ලේ බතලයාගේ මෑණියන් කුස්සියේ සිට සාලයට වඩිනා අඩි ශබ්දය ළඟ ලඟම අසෙනවාය..
දන්නා කියන මලල ක්‍රීඩා ශිල්ප ක්‍රම සියල්ලම උපරීමයෙන් භාවිතයට ගනිමින් බතලයාගේ කාමරයෙන් පැනගන්නා අම්බලංගොඩයා බතලයාගේ ගේට්ටුව අසලදී ආපසු හැරී බලනා කල දකින්නේ බතලයා මහතාගේ මෑණියන් අත්දෙක ඉනට තබාගෙන යක්ස බැල්මෙන් බතලයාගේ කාමරයේ බිම රෝල් වෙන වීදුරු බෝතල් දිහා බලා සිටිනා සුන්දර දර්ශනයයි.
ගේට්ටුවෙන් පිටත දර්ශනය ඊටත් වඩා සිත් ගන්නා සුළුය..
කොටා කමීසය අතින් ගෙන බෝඩිමේ තාප්පය දිගේ එනවාය. රවියා අල්ලපු වත්තේ වැට අස්සේ හිටං කොකම් පානවාය. පොල්ලේ බෝඩිම වත්තේ ලිං පඩිය අස්සෙන් ඔලුව පමණක් එලියට දමාගෙන බලා සිටිනවාය. සනා බට පඳුරක් අස්සේය. බතලයා බෝඩිමේ ගේට්ටු කනුව ගාවින් ඔලුව පමණක් එලියට දමා බලනවාය. පිස්සු පූසන් සෙට් එක මැද්දට සාජන් මහත්තයා කඩා පැන්නා වාගේය. අම්බලංගොඩයාගේ කකුලකද තනි සෙරෙප්පුවක්ය.
මෑණියන්ගේ හදිසි ආගමනයෙන් අමන්දානන්දයට පත්, නිවසේ උප ගෘහමුලික තැන්පත් බතලයාද අනෙකුත් හැත්ත බුරුත්තද වෙරි මතේ නිවසේ පසුපස දොරෙන් පැන දුවලා නොව විදලාය. බොරු අටෝරාසියකුත් තවත් ජුන්ඩක් කියා යාන්තමට ජාමය බේරාගත් බතලයා යාන්තමට සැනසුම් සුසුමක් හෙලුවා පමනලුය. උඩින් පැමිණි මොකක්දෝ ඩප්පියක් බතයාගේ පිට මැදට වැටුනා වූ සංඥාවෙන් බැලුකල බතලයා දුටුවේ තම මෑණියන්ගේ කොණ්ඩා කටු දමනා ඩප්පිය සිගරට් අළු ගොඩක්ද සමගින් තමා වටේ රෝල් වෙනා දර්ශනයලුය.
එසේ කුජීතවූ මැතිවරණ දුෂණ කටයුත්තෙන් අනතුරුව සති කිහිපයක් බතලයාගේ මෑණියන් මුලිච්චි නොවී සිටින්නට සැට් එකම වගබලාගත්තෝය. අඩි හත අටක් උස වූ තාප්පයෙන් පැන කඩුලු පැන දිවීමේ ශූරයා වූ රවියාද සතියක් දෙකක් කකුලකට බෙහෙත් බැන්දා වාගේ යාන්තමට මතකය.

අඩුම අතරමේ උදෑසන දහය වනතුරුවත් ගණන් කරන්නට තරම් චන්දයක් ලබා නොදුන් චන්ද දායකයින්ට මේ කරපු පාප කර්මය මේ ආත්මයේම පල දෙනවා ඇතිය. බතලයා මහතා මෙය කියවන වග දන්නා නිසා අම්බලංගොඩයා බතලයා මහතාගෙන් පුංචිම පුංචි ප්‍රශ්නයක් අහනවාය. ඒ නම් තමුන්ගේම නිවසේ පස්සා දොරෙන් පැන දිව්වේ ඇයිද යයි කියාය.. බතලයා තරහ අවසර වී ඇනෝ කොමෙන්ට් එකක්වත් දමනවානම් හෙන සතුටුය..