පොඩි පුතා... නැගිටිනවා... දැන් දවල් වෙලා...
ඒ අම්මා මාව ඇහැරවන හඬ... අම්මගේ කටහඬට ඇහැරුනත් මම නිදි වගේම ඉඳගෙන කල්පනා කරේ අද දවස කවදද කියල... අද ඔෆිස් යන දවසක්ද? මට එලාර්ම් එකට ඇහැරුනේ නැද්ද? ඒ එක්කම මට මතක්වුනා අද ඉරිදා නේද කියල...
පොඩි පුතා... නැගිටින්නකෝ... බලන්න හතත් වෙලා වෙලාව...
නිදාගන්න දෙන්නකෝ අම්මා... අද ඉරිදනේ... මම එහෙම කියාගෙන අනෙක් පැත්ත හැරුන..
ඉරිදා තමයි ළමයෝ... අද අර මිස්ටර් වනිගසේකරලාගේ ගෙදර එනවා කිව්වනේ අපි දහය වෙද්දී...
කව්ද අම්මා වනිගසේකර කියන්නේ... මම එහෙම කෙනෙක් දන්නේ නෑ... මට නිදාගන්න දෙන්නකෝ ගෙදර ඉන්න දවසෙවත් ...
ඔන්න පොඩි පුතා මගේ කේන්ති අවුස්සගන්න එපා ඉතිං ... තාත්තත් ලැස්ති වෙලා ඉන්නේ... ඇයි මතක නැද්ද ඊයේ රෑ මම කිව්වා ... වරුසවිතාන කපු උන්නැහේ හොයාගෙන ආපු ගෑනු ළමයා බලන්න අපි අද යන්න ඕන කියල...
යන්නම ඕනෙද අම්මා... අම්මට ඉතින් තඩි වරුසවිතානයා කිව්වොත් ඕනෑම දෙයක් විශ්වාසයි...
මිනිස්සුන්ගෙ ඇඟේ පතේ ප්‍රමාණය අල්ලලා විහිළු කරන්න එපා පොඩි පුතා.... අපි ඒ මිනිස්සුන්ට කිව්වා අද එනවා කියලා...
මොන මල කරදරයක්ද අම්මා මේ... ඉපදුන පලියට කසාද බඳින්නම ඕනෙද ? අම්මපා මට ඔය තඩි වරුසවිතානයා අහුවුනොත් අනිනවා හොම්බට හැටක්...
ආයේ ආයේ ඕක කතා කරලා වැඩක් නෑනේ පොඩි පුතා... අපිට ඔයාගේ බරෙන් නිදහස් වෙන්න ඕන... දැන් ඔයාට වයස තිස් තුනක්... ආයෙම මම මුල ඉඳන්ම ඔයාට ඕක පැහැදිලි කරන්න ඕන නෑනේ... අපි ලැස්තිවෙලා ඉන්නේ... ඉක්මනට නැගිටලා ගිහින් ලැස්ති වෙලා එන්න.. අයියත් උදේම කෝල් කරලා ඇහුව අද යනවා නේද කියල...
මොන මල වදයක්ද මන්දා අප්පා... මං වගේ කැත එකෙකුට කෙල්ලෝ කැමති වෙනවද... අනික මට බඳින්න ඕනෑකමකුත් නැතුව... අර අපේ අයිය කියන බුරුවා කරුමෙකට කර ගැහුවා මදිවට මාවත් ඒ වලටම ඇදලා දාන්න ගන්න මහන්සියක්...
මම එහෙම කියාගෙන ඇඳෙන් බැහැල කෙලින්ම ගියේ බාත්රූම් එකට... අම්මා හැඬුම් ස්වරයෙන් මොනවාදෝ දිග හෑල්ලක් කියවනවා ඇහුනට මං ඒකට කන් දුන්නේ නෑ... අයියට බනිනකොට අම්ම කොහොමත් පොඩ්ඩක් ඉමෝෂනල් වෙන එක සාමාන්‍ය දෙයක්...
ඉරිදා දවසෙත් ෆුල් සූට් එකක් ඇඳගෙන ගෙවල්ගානේ යන එක මල වදයක්.. ඔසරියක් ඇඳගෙන බුලත් හෙප්පුවක් අරගෙන එන ගෑනු ළමයෙකුගෙන් හෙප්පුව අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා ඒ ළමයාගේ මුණ බලලා පොඩි හිනාවක් දාන එක පට්ට බෝරින් වැඩක් ... බුලත් හෙප්පුවක් ඇල්ලුවට මං බුලත් කන්නෙත් නෑ... ජීවිතේට බුලත් කාලත් නෑ... කසාද බඳින්න මට ඕනෑකමකුත් නෑ... අම්මගේ තාත්තගේ උවමනාව වෙනුවෙන් එව්වයේ නොගිහිනුත් බෑ... අතට අහුවුන ඇඳුමක් දාගෙන මම කරේ ගමන යන්න ලෑස්තිවුන එක...
ඒක අපේ ගෙදර ඉඳන් පැය එකහමාරක විතර ගමනක්.. යනකල්ම අම්මගෙයි තාත්තගෙයි කතාබහ උනේ මේ බලන්න යන ගෑනු ළමයාගේ වගතුග.. ඒ ළමයාගේ උගත්කම, රස්සාව, හැඩහුරුකම, දෙමාපියන්ගේ උගත්කම්, වත්පොහොසත්කම්, නෑ පරපුර, වගේ මට මෙලෝ වැඩකට නැති මගුල්.. මං ඉතින් බකුසු ස්වරයෙන් හ්ම් හ්ම් ගාගෙන කතාවට ඇහුම්කන් දෙනවා වගේ ගියාට මම ඇත්තටම කරේ මගේ දකුණු කනේ ගහලා තියෙන බ්ලූටූත් එකෙන් සිංදුවක් අහගෙන වාහනේ ඩ්‍රයිව් කරපු එක.. මට කසාද බඳින්න ඕනෑකමකුත් නෑ... මේ බලන්න යන ගෑනු ළමයා බැලුවා කියලා මට එහෙම ඕනෑකමක් ඇතිවෙන්නෙත් නෑ... ඉතිං මට ඔය කියන ළමයාගේ වගතුග ඇති වැඩකටත් නෑ... ඊට වඩා රහයි දකුණු කනට ඇහෙන සිංදුව... මම ඇහුම්කන් දෙන්නේ දකුණු කනෙන් ඇහෙන සිංදුවට මිසක් අම්මගේ අනාගත ලේලිගේ පුරාජේරුවට නෙවෙයි කියලා අම්ම දන්නවනම් මගේ වම් කනත් කුඩු... අම්ම ඉන්නේ වාහනේ පිටිපස්සේ සීට් එකේ වම් පැත්තෙ ... තාත්ත ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ... දකුණු කනේ බ්ලූටූත් එක දෙන්නටම පේන්නේ නෑ... ඒකෙ වාසිය මට...
අපි එහේට යද්දී උදේ දහයට කාලක් වගේ ඇති.. වාහනෙන් බහිද්දිම මගේ ඔලුවට ආවේ ඉක්මනට මෙතැනින් පැනගන්න ඕන කියන සිතුවිල්ල.. ගෙදර ඇතුලට අඩිය තිබ්බ වෙලාවේ ඉඳන් එතනින් පිට වෙනකල් කරන්න ඕන සියලුම චාරිත්‍ර ටික එකක් නෑර මතකයි... අම්මගේ වදේටම විසි තිස් වතාවක් ඔය බුලත් හෙප්පුව පිළිගන්න උනා මිසක් ඒ එක වතාවක්වත් මං ඒ ගෙවල්වලට ගියේ කැමැත්තෙන් නෙවෙයි... ඒ බලන්න ගිය ගෑනු ළමයි බොහොමයක්ම මට කැමති උනත් ඒ ළමයින්ට මම කැමති නෑ කියලා ශේප් වෙන්න මට සිද්දවුනා... ඇත්තටම මට ඒ ගෑනු ළමයි ගැන දුකයි... ඒ එක්කම අනුකම්පාවයි... ඇත්තම කියනවනම්, මම ඒ ගෑනු ළමයින්ට කැමතිද කියලවත් හිතන්න මට ඕනවෙලා නෑ... මේ ලෝකේ උපන්නා කියලා කසාද බඳින්නම ඕනෙද...
ජීවිතේම කසාද නොබැඳ ඉන්නවද එහෙම නැතිනම් දැන්ම බඳින්නේ නැද්ද කියල මම තීරණයක් අරගෙන නෑ... ඒත් මාව කසාද බැන්දවීමේ අධික උවමනාව තියෙන්නේ අපේ අම්මට සහ අයියට... තාත්තටත් ඉතිං උවමනාව නැත්තේම නෑ... ඒත් එයා ඔය සම්භන්ධව මට ලොකුවට බලපෑමක් කරේ නෑ... හුඟක් වෙලාවට සිද්දවුනේ කොහේ හරි ඉන්න කපුවෙක් ගේන යෝජනාවක් එක්ක සමථයකට ඇවිල්ලා ඉරිදා දවසක මාව හයර් එකට අරගෙන අම්මයි තාත්තයි ලේලිලා බලන්න යනවා වගේ එකක්... මටත් ඉතින් තිබුනේ අතට අහුවුන එකක් ඇඳගෙන වාහනේ ඩ්‍රයිව් කරගෙන ගිහිං බුලත් හෙප්පුව අරගෙන කොෆී ටේබල් එක උඩින් තියලා විරිත්තලා බොහොම විනීතව හැසිරිලා පහුවදාට " මං ඒ ළමයට කැමති නෑ අම්මා " කියලා කියන එක විතරයි... ඊට පස්සේ සතියක් දෙකක් අම්ම කියන අවලාද අහගෙන ඉන්න එක මගේ ජීවිතේ කොටසක්...
එදත් ඉතින් සුපුරුදු වැඩේ... අම්මලා එයාලගේ පුරාජේරුව කියවනවා... අපි ගියපු ගෙදර වැඩිහිටියන් එයාලගේ පුරාජේරුව කියවනවා... මං ඉතිං දෙපැත්තට විරිත්තමින් විනීතව වාඩි වෙලා ඉන්නව... කෑ ගහලා කියන්න බැරි නිසා කටවහගෙන ඉන්නවා මිසක් " ඔය බුලත් හෙප්පුව අරගෙන ඉක්මනට වරෙන්කෝ මට ඉක්මනට මෙතැනින් මාරු වෙන්න " කියලා කියන්නමයි හිත... ඒත් ඊට කලින් තේ පැන් සංග්‍රහය... හැමතැනම එකම රෙසිපිය.. චොක්ලට් කේක් හෝ බටර් කේක් ... කෙසෙල් ගෙඩි... කිරිටෝපි... කලාතුරකින් දොදොල් මස්කට්... ඊට පස්සේ නිවිච්ච කිරි තේ... මාසය අප්‍රියෙල් මාසය උනානම්, කැවුම්, කොකිස්, අතිරසත් ඔතනට එකතු වෙනව... එකම ඒකාකාරී රටාව... මටනම් එව්වා දකිද්දීත් පිස්සු වගේ...
වරුසවිතානයා අපි යද්දිත් එහේට ඇවිත්.. උන්දෑ කරේ දෙපැත්තේ පුරාජේරුව දෙපැත්තට කියන ගමන් කොෆී ටේබල් එක උඩ තිබ්බ ට්‍රේ එකේ කෑම ජාති එකින් එක ගිල දාපු එක...
ත්‍රී ක්වාටර් එකකට ටී ෂර්ට් එකක් ඇඳපු ප්‍රියමනාප ගෑණු ළමයෙක් මං ඉන්න තැනට ඇවිල්ල මට ආයුබෝවන් කිව්වම තමයි මම මගේ සිතුවිලි දැහැනෙන් මිදෙන්නේ... මමත් නැගිටලා ආයුබෝවන් කිව්වට ඒ ආපු ගෑනු ළමයා සහ ඒ ළමයාගේ බොඩි ලැන්ග්වේජ් එක එක්ක මම ටිකක් විතර පැටලුනා කිව්වොත් තමා ඉතිං හරි... මම බලාගෙන හිටියේ සුපුරුදු ප්රොටෝකෝල් එක... ඔසරිය ... කලාතුරකින් සාරිය... දේව රූපෙකට අන්දලා වගේ රත්තරන් පාට ආභරණ... මූන පුරා පියරු... රතු කරපු තොල්... පිත්තල බුලත් හෙප්පුව... ඒත් මේක වෙනස්... ත්‍රී ක්වාටර් එකක්... ටී ෂර්ට් එකක්... පියරු නෑ... තොල් පාට කරලා නෑ... ආවා ආයුබෝවන් කිව්වා.. හිනාවුනා... ලඟම තිබ්බ කාමරේ දොර රෙද්දෙන් නොපෙනී ගියා... සියල්ලම තත්පර කීපයයි... ඒ තත්පර කීපයට මගේ හිත ටිකක් විතර හෙලවුනා කිව්වොත් ඒක බොරු නෙවෙයි.... එතන වාඩිවෙලා හිටපු ඊළඟ විනාඩි කීපයේම මම උත්සහ කරේ ඒ මුහුණ මොනවගේද කියලා මවාගන්න... ඒක තත්පර කීපයක දර්ශනණයක්. හරියටම දර්ශණය කරගන්න බැරිවුණ රූපයක්, කොහොම නැවත ස්මරණය කරගන්නද... ටිකක් අමාරු වැඩක්...
ඊළඟට තියෙන්නේ තනියම කතාකරන්න වැඩිහිටියන් විසින් සලසා දෙන අවසථාව නිසා මම ඉවසිල්ලෙ හිටියේ ආයෙම ගැහැණු ළමයා කව්ද කියලා හරියටම බලාගන්න.... ඊට කලින් සෑම අවස්ථාවකම ඒ අවස්ථාව මට මල වදයක්.. මේක එහෙම නෙවෙයි... කියන්න බැරි මොකක්දෝ ආශ්වාදයක්... ඒක විස්තර කරන්න බෑ... වචනයෙන් කියන්න බෑ...
දුව.... එන්න මේ අයිය එක්ක ටිකක් එලියට ගිහින් කතා කරන්න...
මම ඉතින් පුරුද්දට වගේ වාඩිවෙලා හිටපු තැනින් නැගිටලා එලියට ගිහිං ගාර්ඩ්න් එකේ තිබ්බ කොන්ක්‍රීට් බංකුව උඩින් වාඩි උනා... කලබල උනා වැඩිදත් මන්දා... වෙනදට වැඩිය කොල්ලා උනන්දුයි කියල අම්මට තේරුනාවත්ද ... වස ලැජ්ජාව.... ත්‍රී ක්වාටර් එක මං ඉන්න දිහාවට ඇවිදන් එනවා දැකලා මම නොදැක්ක ගානට ෆෝන් එක දිහාම බලාගෙන උන්න... එයා ඇවිත් කොන්ක්‍රීට් බංකුවේ ඈතින් වාඩි උනා... ලේඩීස් ෆස්ට් උනාට කතාව පටන් ගන්න ඕන මම... ඒක ඉතින් වඩා පහසුයි...
හායි ... කොහොමද ඉතිං ...
වරදක් නෑ ... ඉන්නවා ඉතිං ...
ඉතිං මං ඔයාගේ නමවත් දන්නේ නෑනේ....
මගේ නමවත් නොදැනද ඉතිං මේ ගමන ආවේ... එයා කිව්වේ අහක බලාගෙන නෝන්ඩියට වගේ හිනාවෙන ගමන් ...
සොරි ඉතිං ... ඇත්තම කියනවනම් මම ඔයාගෙ නම දන්නේ නෑ තමා...
මම අහස්‍යා ...
ලස්සන නමක්....
නම විතරද එතකොට... මම ලස්සන නැද්ද?
ඔයා ලස්සනද නැද්ද කියන්න මට තේරෙන්නේ නෑ... ඔයා හරි ප්‍රියමනාපයි... දැක්කාම ආයෙම බලන්න හිතෙන පෙනුමක් ඔයාට තියෙනවා.. ඒකට කියන්නේ ලස්සන කියලාද කියන්න මම දන්නේ නෑ...
ඒක මාර උත්තරයක්නේ...
මනුස්සයෙක් ලස්සනද කැතද කියල වෙන් කරන්න මට තේරෙන්නේ නෑ... සමහරවිට මගේ මොලේ අඩුපාඩුවක් වෙන්න ඇති...
මොලේනම් අඩුපාඩුවක් තියෙනවා කියලා තේරෙනවා... එහෙම නැත්තං නමවත් දන්නේ නැතුව මනමාලියෝ බලන්න ඒවිද ....
එකටනම් කියන්න මට උත්තරයක් හදාගන්න බැරිවුණා... එකට දෙන්න මම උත්තරයක් හොයවා කියලා දැනිලාද කොහේ එයා ආයෙම හඬ අවදි කළා..
උත්තර හොයන්න මහන්සි වෙන්න එපා හලෝ... ජස්ට් ටේක් ඉට් ඊසි... එයා එහෙම කිව්වේ ලස්සනට හිනාවෙන ගමන්...
මිට කලින් මනමාලියෝ බලන්න ගිය එක වතාවක්වත් නැති විදිහට මගේ ස්නායු පද්ධතිය කලබල වෙලා කියලා මට දැනුන.. අතේ පයේ වෙනදාට නැති හිරියක් තිබ්බා වගේම වෙනදා නැති මොකක්දෝ ආගන්තුක ගතියකුත් දැනෙමින් තිබුන... මම උත්සහ කළා පුළුවන් උපරිමයෙන් සාමාන්‍ය විදිහට හැසිරෙන්න... අවුරුදු තිස් තුනටම ගෑනු ළමයෙක් ළඟ හෙලවිලා නැති හිත අහස්‍යා ළඟ පොඩ්ඩක් විතර හෙලවුනාදෝත් මන්දා... ඒත් අහස්‍යා කියන ඒ අපූරු ගැහැණු ළමයා මං දිහාවට විවෘත නෑ කියන දැනීමත් ටිකක් විතර දැනුන.. වෙනදට මනමාලියෝ බලන්න ගියාම මට ගතකරගන්න අමාරුම කාල පරාසය උනේ තනියම කතා කරන කොටස... ඒක සෑහෙන බොරින් ඩිස්කෂන් එකක්... අද එහෙම නෑ... මම ඒ ඇසුරට යම්තාක්දුරට ප්‍රියකලා කිව්වොත් තමයි නිවැරදි... කතා බහ ලොකු දුරක ඇදිලා ගියේ නැත්තේ හැම දෙබසක්ම නැවත දෙබසකට අවස්තාවක් නැති වෙන විදිහට අහස්‍යා අවසන් කරපු නිසා... එල්ලී එල්ලීම යන්න බැරි නිසා මමත් අහස්‍යාව මහන්සි කරන්න ගියේ නෑ... එහෙම කරන එක ඩීසන්ට් නෑ ...
විනාඩි විස්සකට තිහකට විතර පස්සේ "අපි එහෙනම් යමු නේද පුතා" කියාගෙන තාත්තා අහස්‍යාගේ ගෙදරින් එලියට බැස්ස නිසා ඒ ප්‍රයිවට් ඩිස්කෂන් එක එතැනින් ඉවරවුනා ... තාත්තා එලියට බහින්න ඇත්තෙ මම ලොකුවට ඔය වැඩේට ඉන්ට්‍රෙස්ට් නෑ කියලා දන්න නිසා වෙන්න ඇති... කොන්ක්‍රීට් බංකුව උඩ වාඩිවෙලා හිටියට අන්තිම වෙද්දී අපි දෙන්නම හිටියේ අපි දෙන්නගේ ෆෝන් දෙක දිහා බලාගෙන... අහස්‍යා එක්ක කතා කරන්න ආසාව තිබ්බත් ඒ කතාව දිගටම කරගෙන යන්න අහස්‍යාගෙන් ලොකු උනන්දුවක් තිබ්බේ නෑ... බහුතරයක් ගෑණු ළමයි අහපු ප්‍රශ්ණ එකක්වත් අහස්‍යා මගෙන් ඇහුවෙත් නෑ... ඉගෙනගත්තු ඉස්කෝලේ, ඉගෙනගත්තු කැම්පස් එක, වැඩකර තැන, අධ්‍යාපන සුදුසුකම්, රැකියාවේ අනාගත බලාපොරොත්තු, ජීවිතේ අනාගත බලාපොරොත්තු, පිස්සු ප්‍රශ්ණ එකක්වත් අහස්‍යා මගෙන් ඇහුවේ නෑ... අහන්න ඕනෑකමක් තිබුනා කියලා මම හිතුවෙත් නෑ...
එතනින් එහා ගෙදර එනකල්ම අම්මගෙයි තාත්තගෙයි සාකච්චාව උනේ අහස්‍යාගේ සහ එයාගේ පවුලේ විස්තර... ඕනෑකමක් නෑ වගේ පෙන්නුවට මං හිටියේ සියල්ලම හොඳින් ඇහුම්කන් දෙන ගමන්... වෙනදට එන ගමනේත් දකුණු කනේ බ්ලූටූත් එක ගහගෙන සිංදු ඇහුවට මේ වතාවේ සිංදු ඇහුනේ නෑ...
---------------------------------------------------
මං හිටියේ ඔෆිස් එකේ වැඩ ගොඩක හිරවෙලා... හෑන්ඩ් ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා බැලින්නම් කෝල් එක ගෙදරින්...
හෙලෝ ...
ආ පුතා... ඔයා බිසීද ?
බිසීනම් තමා අම්මා... කියන්න.. හදිසි පණිවිඩයක්ද...
ඔව් පුතා.... අර මිසිස් වනිගසේකර කෝල් කරා...
වනිගසේකර කිව්වේ ? මං එහෙම කිව්වේ උනන්දුවක් නෑ වගේ අම්මට පෙන්නන්න.. මිසිස් වනිගසේකර කිව්වම ඒ අහස්‍යා වනිගසේකරගේ අම්ම වෙන්න ඕන කියලා මට අමුතුවෙන් කියන්න ඕන නෑ...
ඇයි ළමයෝ අපි ඊයේ ගිය ගෙදර මිසිස් වනිගසේකර මතක නැද්ද...
ආ ඉතිං ... මොකද කීවේ ... මට වැඩ තියෙනවා අම්ම... මම එහෙම කිව්වේ ලොකු උනන්දුවක් නැති විදිහට...
කොහෙද ඉතිං අපි ඊයේ දවසෙම ඔයාගෙන් අහලත් ඔයාගෙන් උත්තරයක් ගන්න බැරිවුනානේ... අන්න... ඒ දරුවා ඔයාට කමතියිලු... අද හවස තුනට විතර එයාගේ ඔෆිස් එකට එන්න කිව්වලු එයාව හම්බවෙන්න...
මට ඕවට වෙලාවක් නෑ අම්මා...
එහෙම කියන එක හරි නෑනේ පුතා... ඔය කැමති උනා නොවුනා ගිහිං එන්න... අන්න මම ඒ දරුවාගේ ඔෆිස් එකේ එඩ්රස් එක ඔයාගේ වට්ස්ඇප් එකට එව්වා... මට ඒක එවලා තිබුනේ මිසිස් වනිගසේකර...
බලමු අම්මා... බොහෝදුරට මට යන්න වෙන එකක් නෑ... තියන්නම් ... බායි අම්මා...
අම්මා ආයෙම දිගටම ෆෝන් එකේ එලිලා ඉන්න හැදුවත් මම ෆෝන් එක කට් කරා... බිත්ති ඔරලෝසුව දිහා බැලුවාම වෙලාව දවල් එකයි තිහයි... මම ඊළඟට කරේ අම්මා එවපු වට්ස්ඇප් මැසේජ් එකෙන් අහස්‍යාගේ ඔෆිස් එකේ එඩ්රස් එක අරගෙන එතනට යන්න කොච්චර වෙලාවක් යනවද කියල බලපු එක... ට්‍රැෆික් එකත් එක්ක එතනට යන්න විනාඩි හතලිස් පහක් ඉල්ලනවා... තුනට එතනට යන්නනම් මම ඔෆිස් එකෙන් දෙකටවත් පිටත් වෙන්න ඕන... කරමින් හිටපු සියලූම වැඩ නවත්තලා දාපු මම කරේ රාජකාරී පරිඝණකට නිෂ්ක්‍රීය කරලා දාලා හෆ්ඩේ ෆෝම් එකක් පුරවන්න පටන් ගතපු එක... පුදුම උනන්දුවක්... ඒ ප්‍රියමනාප මූන, ඒ ප්‍රියමනාප හිනාව, දකින්න යන්න නොහිතෙන්නේ කාටද ඉතිං ...
-----------------------------------------------------------------------------------
මම අහස්‍යාගේ ඔෆිස් එකට යද්දී තුනට දහයයි... මම කෙලින්ම ගියේ රිසෙප්ෂන් එකට...
ගුඩ් ආෆ්ටර්නූන් ස... හවූ මේ අයි හෙල්ප් යූ...
ගුඩ් ඇෆ්ටර්නූන්...
අයි ඇම් හියර් ටු සී මිස් අහස්‍යා වනිගසේකර...
මේ අයි නෝ යුවර් නේම් ප්ලීස් ?
අයි ඇම් කවීෂ ...
රිසෙප්ෂන් එකේ හිටපු ගැහැණු ළමයා ඉන්ටර්කොම් හරහා අහස්‍යා අමතන හඬ ඇහෙන අතරේ මම හිටියේ අහස්‍යාගේ කාර්‍යාලය ඔබ මොබ ඇහැ යවන ගමන්...
ස... අහස්‍යා මැඩම් කියනවා එයා කවීෂ කියලා කෙනෙක් දන්නේ නෑ කියලා... මොකක් සම්භන්ධවද අහනවා මුණගැහෙන්න ආවේ...
රිසෙප්ෂන් එකේ ගැහැණු ළමයාගේ උත්තරයෙන් මම නිරුත්තර උනා කිව්වොත් තමයි හරි... මම මොහොතකට නැවතිලා හිතුවා ඊළඟට මම කවුරු කියල හඳුන්වනවද කියල... යාලුවෙක්.. බෝයි ෆ්‍රෙන්ඩ්... වෙන්ඩ හස්බන්ඩ්... ඥාති කෙනෙක්.... ම්හ්... එකකවත් ගැලපෙන්නේ නෑ.... ඔලුවට හරිහමන් උත්තරයක් එන්නෙත් නෑ..
මිස් මේ මගේ බිස්නස් කාර්ඩ් එක... ඔයාට පුලුවනිද මේ කාර්ඩ් එක මිස් අහස්‍යාට පාස් කරන්න... එතකොට එයාට මතක් වෙයි... මම එහෙම කිව්වේ මගේ බිස්නස් කාර්ඩ් එක රිසෙප්ෂන් කවුන්ටර් එක උඩින් තියන ගමන්...
ස ටිකක් වාඩිවෙලා ඉන්න.. මම මිස් අහස්‍යාට කාර්ඩ් එක දෙන්නම්...
මම රිසෙප්ෂන් ඒරියා එකේ තිබ්බ සැප පුටුවකට බරවුනා... මගේ ඇස් දෙක බලන් හිටියේ අහස්‍යා දැන් එයි දැන් එයි කියල...
ඔයා මොකද මෙහෙ කරන්නේ...
ඒ සද්දෙට මම ගැස්සුනත් එක්ක... අහස්‍යා ඇවිත් තිබුනේ මම වාඩිවෙලා හිටපු තැනට පිටිපස්සෙන් තිබ්බ දොරකින්... එයා හිටියේ පුදුම වෙච්ච බැල්මකින් මා දිහා බලාගෙන .. මමත් ප්‍රශ්නාර්ථ සහිත බැල්මකින් අහස්‍යා දිහා බලන් හිටිය... ජිවිතේ පලවෙනි වතාවට ගෑනු ළමයෙක් ඉස්සරහ ලැජ්ජා සහගත හැඟීමක් මට දැනුන...
ඔයා මොකද මෙහෙ කරන්නේ ? නැවතත් අහස්‍යාගෙන් එමම ප්‍රශ්ණය ... මම එවර පිළිතුරු දිය යුතුමයි...
ඇයි ඔයානේ මට එන්න කියල තිබ්බේ...
මම ? අහස්‍යා මං දිහා බලාගෙන හිටියේ පුදුම වෙච්ච බැල්මකින්...
ඔව්නේ.. ඔයාගේ අම්මා අපේ අම්මට කෝල් කරලා තමයි කියලා තිබුනේ...
කම් ඔන් මාම්.... හව් ඩිඩ් යූ ඩු දිස් ටු මී ...
අහස්‍යා එහෙම කියාගත්තේ කේන්තියෙන් පුපුරන ගමන් එයාටම...
සොරි කවීෂ... මට විනාඩි පහක් දෙන්න... මම ෂෝර්ට් ලීව් එකක් දාලා එන්නම්...
ඉට්ස් ඕකේ අහස්‍යා... ඔයා මට එන්න කිව්වේ නැත්තම් මම යන්නම්.. මයි මාම් මයිඩ් බී කොන්ෆියුස් විත් ද මෙසේජ් අයි ගෙස්..... ඔයාට ඩිස්ටර්බ් කරාට සමාවෙන්න...
මම ජිවිතේ කවදාවත් එහෙම ලජ්ජාවකට පත්වෙලා නෑ... ඒත් අහස්‍යා ඉස්සරහ මගේ කඩා වැටීම නොපෙන්වා ඉන්න මම උපරීම උත්සහ කළා...
නෑ කවීෂ ... ඉන්න... මම ෂෝර්ට් ලීව් එකක් දාලා එන්නම්... ඔයා මෙතනට ආපු එකට මම ඔයාගෙ කාලයට ගරු කරන්න ඕන අම්මලා මොන පිස්සුව කරත්... එයාලටනම් ඇත්තටම පිස්සු ...
එහෙම කියාගෙන අහස්‍යා කේන්තියෙන් පුපුරමින් ආපු දොරෙන්ම නොපෙනී ගියා.. මම ආයෙම මෝඩයෙක් වගේ ඔහේ බලන් හිටිය... ඈත වීදුරුවකින් පේන මගේම ප්‍රතිබිම්බය දිහා බලාගෙන මම මමම ගැන අනුකම්පා හිතුව... කොහොම හිටපු කොල්ලෙක්ද මේ ... ඇයි මම මේ ගමන ආවේ? මම ඇතුලේ අහස්‍යාට ලෝභකමක් කැමැත්තක් ඇති වෙලාද? අහස්‍යා මට එන්න කියලා නැත්තම් ඇයි මම තවත් මෙතන ඉන්නේ ? හිතේ සිතුවිලි විශ්ලේෂණය කර කරා ඉන්නේ නැතුව අහස්‍යා එන්න කලින් මෙතැනින් පිටව යා යුතුයි... එහෙම හිතලා ඒ තීරණයක් අරගෙන මම වාඩිවෙලා උන්නු තැනින් නැගිට්ටේ එතනින් පිටවෙන්න...
යමු කවීෂ...
මට ඕනවුනේ තවත් අහස්‍යාට කරදරයක් නොවී එතනින් පිටවෙලා යන්න.. ඒත් ඒ වෙද්දී අහස්‍යා හෑන්ඩ් බෑග් එකත් කරේ එල්ලගෙන ආපහු ඇවිත්.... අහස්‍යාත් මට සමාන්තරව මම යන දිහාවට ඇවිදන් ආව... අහස්‍යා හිටියෙත් කේන්තියෙන් කියලා මට දැනුනා.. ඒත් මම හිටියෙත් ඊට වඩා පැටලිලා... මගේ අම්ම මාව රැවටුවාද, අහස්‍යාගේ අම්මා අපි හැමදෙනාම රැවටුවාද ? එහෙමත් නැතිනම් මට එන්න කියලා පසුව අහස්‍යාගේ හිත වෙනස් වුනාද කියන ප්‍රශ්ණ තුන ඇතුලේ මම හිටියේ අතරමන් වෙලා... ඒ ගැන හිත හිතා කාර් එක නවත්තලා තිබබ තැනට ඇවිදන් ආවට කොහේ යන්නද, මොකක් කරන්නද කියල පැහැදිලි අදහසක් මා ළඟ තිබුනේ නෑ...
කාර් එක ළඟ නතරවුණ මට අදහසක් තිබුනේ නෑ ඊළඟට කරන්න ඕන දේ ගැන.. අනාරාධිතව අහස්‍යාට කාර් එකේ දොර අරිනවාද ... එහෙම කරන එක හරිද... දොර ඇරලා කාර් එකට නගින්න කිව්වොත් අහස්‍යා මම ගැන මොනවා හිතාවිද ... අහස්‍යා කාර් එකට නැග්ගොත් ඊළඟට මම එයාව එක්ක යන්නේ කොහෙටද ... කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහින් මොනවහරි බොන ගමන් කතා කරනවද... කිසිසේත්ම පැමිණීම බලාපොරොත්තු නොවුන, කිසිසේත්ම හමුවීමට බලාපොරොත්තු නොවුන කෙනෙකුගේ ආරාධනාවක් අහස්‍යා කොහොම භාර ගනීවිද ... අහස්‍යාට වාහනයට ගොඩවීමට ආරාධනා කිරීම කොයිතරම් ආචාරශීලීද ... එයා ඒක කොයි විදිහට භාර ගනීවිද ... ඔලුව ඇතුලේ ප්‍රශ්ණ ගොඩක්... එකකටවත් පැහැදිලි උත්තර නෑ... අවුරුදු තිස් තුනක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කොල්ලෙක්... ගෑණු ළමයෙක් ඉස්සරහා අසරණ වෙලා ඉන්න තරම්...
දැන් මම වාහනේට නගින්න එපාද මෝඩයෝ...
ඒ වෙද්දී තමයි මට තේරුනේ මම වාහනේ ළඟ විනාඩියක් විතර මනෝ පාරක් ගහලා කියල..
සොරි අහස්‍යා...
මම රිමොර්ට් එකෙන් වාහනේ අන්ලොක් කරා... අහස්‍යා වාහනේට ගොඩවෙනකල් හිටපු මම කාර් එක වටෙන් දුවල ගිහින් ඩ්‍රයිවින් සීට් එකට ගොඩවෙලා කාර් එක ස්ටාර්ට් කරා.....
සිත් දැහැනේ වෙලී තිබුනු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ
ඔබ රහසේ කියා දුන්නු ආදරයද මේ
වාහනේ ස්ටාර්ට් වුන සැනෙන්ම ප්ලේ වෙන්න ගත්තේ මම එද්දී අහමින් ආපු අමරදේව මාස්ටර්ගේ "ගිමන් හරින දියඹ දිගේ " ගීතයේ ඉතුරු ටික.. මම හනික කරේ වාහනේ සීඩී ප්ලේයර් එක අක්‍රීය කරලා දාපු එක...
කොල්ලගේ මියුසික් ටේස්ට් එකනම් නරක නෑ... අහස්‍යා එහෙම කිව්වේ එයාටම කියාගන්න විදිහට... මට ඉතින් කිසිවකට උත්තර නෑ... මම හිටියේ නැට්ට ළඟටම පැටලිලා...
අයි ඇම් රියලි සොරි අහස්‍යා... මට තේරෙන්නේ නෑ ඔයාගේ අම්ම දුන්නු මෙසේජ් එකක් අපේ අම්මා වැරදියට ගත්තද එහෙම නැතිනම් දෙන්නගෙන් එක්කෙනෙක් ඕනෑකමින් මේක කරාද කියල...
ඉට්ස් ඔකේ කවීෂ ... ඔයා සොරි කියන්න ඕන නෑ... දෙන්නගෙන් කවුරු උනත් කරේ ලොකු වරදක්...
ඔයාට තිබ්බේ මට ආපු අතක් බලාගෙන යන්න කියලා මේක අමතක කරලා දාන්න... ඔයාගේ රෙස්පොන්ස් එකෙන්ම මට තේරෙනවනේ මේ හමුවීම අපි දෙන්නටම තේරුමක් නැති එකක් කියල...
ඔනස්ලි කවීෂ, මට මගේ අම්මව සැකයි මේ වැඩේට... ඒකයි මම ෂෝර්ට් ලීව් දාලා ආවෙ ඔයාට ගරු කිරීමක් විදිහට... මම මේකට කැමති උනත් අකමැති උනත් මට බෑ මගේ ඔෆිස් එකට මාව හොයාගෙන ආපු මනුස්සයෙක්ව බල්ලෙක් වගේ එළවලා දාන්න... මම හිතනවා ඔයත් යමක් කතා කරලා විසඳගන්න පුළුවන් බුද්ධි මට්ටමේ මනුස්සයෙක් කියල...
හරි... දැන් මම මොකද කරන්න ඕන... ඇත්තටම මට අදහසක් නෑ මම ඔයාව කාර් එකේ දාගෙන කොහේ යන්නද කියල...
අයි රියලි ඇප්රිශියෙට් යුවර් ඔනස්ටි කවීෂ... ඔයාට පුලුවනිද මාව හෝමාගමින් බස්සගෙන යන්න... ඒත් ඔයා ආපහු ඔෆිස් එකට යන්නේ නැතිනම් විතරයි...
අයියෝ සිම්පල්නේ... මං හාෆ්ඩේ දාල ආවෙ අහස්‍යා... මම ඉතිං කොහොමත් යන්නෙ හෝමාගම පහුකරගෙන... හැබැයි ඉතිං ට්‍රැෆික් එකනම් කන්න වෙනවා...
ඒ දුක ඉතිං ස්ටාෆ් ට්‍රාන්ස්පෝර්ට් එකේ ගියත් විඳින්න වෙනවනේ කවීෂ.... අපේ අම්මා කරත් ඔයාගේ අම්මා කරත් අපි දෙන්නගෙම කාලය අපරාදේ මේ මගුල් නිසා...
මට ඉතිං සොරි කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ අහස්‍යා...
ජනාකීර්ණ වීදියේ මගේ වාහනේ අඩියෙන් අඩිය ඉස්සරහට ඇදෙද්දී අපි අතර ඇතිවුනේ දැඩි නිහඬ භාවයක්... මොලේ ගැටගහලා කල්පනා කරත් අහස්‍යා එක්ක කතාකරන්න පුළුවන් අපි දෙන්නටම පොදු වෙච්ච මාතෘකාවක් සොයා ගන්න මට බැරිවුනා... නිහඬ භාවය දරාගන්න බැරිම තැනදෝ කොහේ අහස්‍යා හඬ අවධි කළා...
කවීෂ ඊයේ අපේ ගෙදර ආවේ ඇත්තටම කැමැත්තෙන්ද අම්මලාගේ බල කිරීමටද ? කමක් නෑ නේද මං එහෙම ඇහුවට...
ඇත්තම කියනවනම් අහස්‍යා ඒ ගමන සීයට සීයක්ම අපේ අම්මගේ අවශ්‍යතාවයක්... සොරි ඉතිං එහෙම කියන්න උනාට... ඒත්...
ඒත් කිව්වේ...
නෑ... ඒක දැන් වැඩක් නෑ...
අහස්‍යාට මැරී කරන්න ඕනෑකමක් තියනවා කියලා මම හිතන්නෙත් නෑ... මම හරි නේද..
අහස්‍යා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පොඩි වෙලාවක් ගත්ත... මුහුණෙන් කියැවෙන දේ කියවගන්න මට ඕනෑකම තිබුනත් ආගන්තුක ගැහැණු ළමයෙකුගේ මුහුණට එබිලා ඒ මුහුණෙන් කියැවෙන දේ කියවන එක ආචාරශීලී නෑ...
ඇත්තම කියනවනම් කවීෂ... මට මැරි කරන්න ඕනෑකම තිබුන... ඒත් දැන් ඒ ඕනෑකම නෑ...
අයි ගොට් ඉට් .... මම වගේ කැත එකෙකුට අහස්‍යා වගේ කෙනෙක් කැමති වෙන්නේ නෑ....
අනේ නෑ කවීෂ ... එහෙම එකක් නෙවෙයි...
යූ ඩෝන්ට් හැව් ටු එක්ස්ප්ලේන් යුවර්සෙල්ෆ් ....
නෑ කවීෂ... එහෙම එකක් නෙවෙයි... ඇත්තම කියනවනම් මම ඉන්නේ එෆෙයාර් එකක් බ්‍රේක් වෙලා තාම සිහි එලවගන්න බැරුව... ඉතිං මම ඔයාට අමුතුවෙන් එක්ස්ප්ලේන් කරන්න ඕන නෑනේ මේ විවාහ යෝජනා එක්ක මගේ තියෙන කැමැත්ත... ඒක ඔයාගේ පෙනුමේ වරදක්වත් , ඔයාගේ වරදක්වත් නෙවෙයි...
අයි ඇම් සොරි අහස්‍යා... එක්ස්ට්‍රීම්ලි සොරි... යූ හැඩ් ටු ටෙල් මී යෙස්ටර්ඩේ ...
ඉට්ස් ඔකේ කවීෂ.... ජස්ට් ෆොර්ගෙට් අබවුට් ඉට්... ඒක නෙවෙයි... ඉතිං කියන්නකෝ... ඔයාට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා කී දෙනෙක් විතර ඉඳලා තියෙනවද ?
ආර් යූ කිඩින්... යූ වෝන්ට් බිලීව් මයි අන්සර්...
ඕකේ .. ලේට් මී ගෙස්... ටෙන්... ට්වෙල්... ෆිෆ්ටීන්...
ද රියල් අන්සර් ඉස් සීරෝ...
ඔන්න ඔන්න ඉතිං කොල්ලා බොරු කියනව... හැන්ඩ්සම් කොල්ලෙකුට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා හිටියේ නෑ කිව්වම විශ්වාස කරන්න පුලුවනිද ... ඕක කිව්වා කියලා ප්‍රශ්නයක් නෑ මෝඩයෝ... මම ඕක පත්තරේ දාන්නේ නෑ....
ඇත්තමයි අහස්‍යා... මට කවදාවත් ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉඳලා නෑ...
සීරියස්ලි... ඔයා ඒ තරම් බෝරින්ග් කැරැක්ටර් එකක්ද.... ඕර් යූ ආර් ඉන්ට්‍රෙස්ටින් සම්තින්ග් එල්ස් ... අයි මීන්....
අහස්‍යා එහෙම කියලා අත් දෙකෙන් මූන වහගත්ත...
ඩෝන්ට් මිස් ඉන්ටර්ප්‍රිට් ප්ලීස්... අයි ඇම් අ හෙල්දි ස්ට්‍රේට් ගයි .. මට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඕන කියලා දැනීලා නෑ මේ වෙනකල්... මේත් මේ අම්මලාගේ ඕනෑකමට මිසක්, මම කසාද බඳිනවද, දැම්ම බඳින්නේ නැද්ද, එහෙමත් නැතිනම් ජීවිත කාලයටම බඳින්නේ නැද්ද කියල මම තීරණය කරලා නෑ... මම හිතන්නෙ වයස තිස් තුනක් කියන්නේ බඳින්න වයසක් නෙවෙයි කියලයි...
ඇයි එහෙම කියන්නේ...
මිනිස්සු කසාද බඳින්න ඕන ඒ කොමිට්මන්ට් එකට තමුන් දැන් සුදුසුයි කියලා තමුන්ට කොන්වින්ස් උනාම... එහෙම නේද...
පැහැදිලි මදියි කවීෂ ..
මිනිස්සු කසාද බඳින්න ඕන දැන් තනිකඩ ලයිෆ් එක එන්ජෝයි කරා ඇති මට දැන් පාට්නර් කෙනෙක් එක්ක සෙට්ල් වෙන්න ඕන කියල දැනුනාම... මිනිස්සු කසාද බඳින්න ඕන මට දැන් දරුවෙකුගේ හුරතලයක් බලන්න ඕන කියලා දැනුනාම... වෙනත් විදිහකින් කියනවනම්, මිනිස්සු කසාද බඳින්න ඕන, මම දැන් ආතල් ගත්තා ඇති, දැන් මට එක තැනකට වෙලා පාට්නර් කෙනෙක් එක්ක මැරේජ් ලයිෆ් එකක් එන්ජෝයි කරන්න ඕන කියල දැනුනාම... එහෙම නැතුව දෙමාපියන් කියන නිසාවත්, වයස කියන ඉලක්කම් නිසාවත් , රටේ ලෝකේ මිනිස්සු සතුටු කරන්නවත්, සංස්කෘතිය සදාචාරය ආරක්ෂා කරන්නවත් නෙවෙයි...
ඔයා මාර දාර්ශනිකයිනේ බැලුවාම... සොරි ඉතින් මම කලින් ඔයාට මෝඩයා කිව්වට...
හූ කෙයාර්ස්... හඃ හඃ හා...
දැන් මේ ඔයා මහා විසාලෙට විස්තර කරපු දර්ශණයයි , තව එකම එක කාරණයකුයි එකිනෙකට ගැලපෙන්නේ නෑනේ කවීෂ...
අයි ඩෝන්ට් ගෙට් ඉට්...
මෙහෙමනේ... දැන් ඔයාම කියනවා ඊයේ ඔයා අපේ ගෙදර ආවේ අම්මලාගේ බලකිරීමට කියල... හරි... අපි හිතමුකෝ ඒක ඇත්ත කියලා... දැන් එතකොට ඔයා අද මගේ ඔෆිස් එකට ආවේත්, අම්ම කිව්වද නොගියොත් රෑට ගෙදරින් ඩිනර් නෑ කියල...
අහස්‍යා ඒ ප්‍රශ්නේ අහලා හිනා මුහුණක් මවාගෙන මං දිහා බලාන හිටිය... උත්තර දීලත් බැරි නොදීත් බැරි ප්‍රශ්ණයක්... උත්තර දුන්නත් ප්‍රයෝජනයක් නැති ප්‍රශ්ණයක්... ඒ ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරේ හිත හිතා මම හෙමි හෙමිහිට ට්‍රැෆික් එකේ ඉස්සරහට වාහනය ධාවනය කළා...
ඉට්ස් ඔකේ කවීෂ... යූ ඩෝන්ට් හැව් ටු ආන්සර්....
නෑ අහස්‍යා... අම්මා ඔයාගේ ඔෆිස් එකට යන්න කිව්වා කියලා කිව්වා තමයි... ඒත් මම ඒ ගමන ආවේ මගේ කැමැත්තෙන්...
එතකොට... මීට කලින්.... ම් ම් ම් ම් .... එක්කෝ ඕන නෑ.... අයි ශුඩ්න්ට් ආස්ක් ක්වෙක්ෂන්ස් ...
ඉට්ස් ඕකේ අහස්‍යා... ජස්ට් ආස්ක් වට් එවර් යූ වෝන්ට්...
එතකොට මීට කලින් ඔයා ඊයේ වගේ ප්රෝපෝසලස් බලන්න ගිහිං නැද්ද ?
අපෝ ගිහිං තියෙනවා... විස්සක් තිහක් විතර බලන්න ගිහිං ඇති.. මම ඉතිං කවුන්ට් කරලා නෑ...
එතකොට කවීෂ.... ඔයා ඒ හැම එක්කෙනාගේම ඔෆිස් එකට ගිහිං තියෙනවද අද වගේ...
යූ වෝන්ට් බිලීව් ඉට්... දිස් ඉස් ද ෆස්ට් ටයිම් අයි එවර් ඩිඩ් දිස් කයින්ඩ් ඔෆ් ක්‍රේසි තින්ග්...
ඒ උත්තරෙන් අහස්‍යා මදකට නිහඬ වුනා... අපි අතර ඇහුනේ වාහනේ ඒසී එකේ ෆෑන් එකේ සද්දේ විතරයි... මටත් ඒ නිහඬ බව බිඳින්න ඕනෑකමක් තිබුනේ නෑ... වෙනත් විදිහකින් කියනවනම් මට එතනින් එහා කතා කරන්න ඕන මොනවද කියල තේරුනේ නෑ... මම අඩියෙන් අඩිය වාහනේ ඉදිරියට අරගෙන ගියා...
සොරි කවීෂ... මම මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නෑ... මොනවා උනත් අපේ අම්මා කරපු දේ හරිම වැරදියි..
ඉට්ස් ඕකේ අහස්‍යා... වුඩ් යූ මයින්ඩ් ඉෆ් අයි ආසක් සම්තින්ග්...
ෂුවර්...
වට් හැපන්ඩ් ටු යුවර් එෆෙයාර්...
අයි නෝ... ඉට්ස් හයිලි පර්සනල්....
යූ ඩෝන්ට් හැව් ටු ආන්සර් ඉට් ඉෆ් යූ ඩෝන්ට් වෝන්ට් ටු ෂෙයාර් ...
නෑ කවීෂ කමක් නෑ... ඒක අවුරුදු අටක එෆෙයාර් එකක්... ඇත්තම කිව්වොත් එයාලගේ ගෙදරින් මට අකමැතිවුනා ... අපි සාමාන්‍ය මධ්‍යම පාංතික මිනිස්සු... එයාලා වලව්කාරයෝ... දැන් අවුරුද්දකට වැඩියි අපි බ්‍රේකප් වෙලා... එයාට හයියක් තිබ්බේ නෑ ගෙදරට පිටුපාන්න...
සොරිටු හියර් දැට් අහස්‍යා... ඔය ගැන මගේ කොමෙන්ට් එකට දුන්නොත් ඔයා එකට කැමති වෙන එකක් නෑ...
අනේ නෑ... දැන් ඒක ඉතිහාසය විතරයි... මට තාම මගේ හිත එකතැනකට පිහිටුවාගන්න බැරිකම මිසක්, මම දැන් ඒ ගැන හිතන්නෙ නෑ...
පංති බේදය කියන්නේ මේ ලෝකේ තියන අවලස්සනම කතාවක් අහස්‍යා... අපි ඔක්කොම මිනිස්සු... ගැලපෙන්න ඕන පන්තිය නෙවෙයි මිනිස්සුන්ගෙ සිතුම් පැතුම්... මිනිස්සුන්ගෙ පන්තිය තීරණය වෙන්නේ මිනිස්සු හිතන පතන කරන කියන විදිහ අනුව මිසක් ඉන්න ගෙදරවත්, පාවිච්චි කරන වාහනයවත් , තියෙන මිල මුදල් ඉඩකඩම් අනුවවත් නෙවෙයි... බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනුස්සයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ උපතින් කුලයෙන් නෙවෙයි ක්‍රියාවෙන් කියලයි...
ඔයා දන්නා දේවල් කවීෂ... බණ දහමුත් දන්නවා එහෙනම්...
උපත, මිල මුදල්, උගත්මක්, රැකියා තානාන්තර වගේ දේවල් වලින් මිනිස්සුනේ ගුණාත්මක භාවය තීරණය වෙන්නේ නෑ අහස්‍යා.... ඒක තීරණය වෙන්නේ මිනිස්සුන්ගෙ ජීවිතවලට එකතුවෙලා තියෙන ගුණධර්ම මත.... බුඩිස්ට් ෆිලොසොෆි එක හරියට ෆලෝ කරොත් මිනිස්සුන්ට එයාලගේ ජීවිතවලට එකතුකරගන්න ගොඩාක් ගුණධර්ම තියෙනවා... වැඩේ කියන්නේ මිනිස්සු උප්පැන්නෙට බෞද්ධ උනාට බුඩිසම් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ... ප්‍රැක්ටිස් කරන්නෙත් නෑ...
අහස්‍යා හිටියේ පුදුම වෙච්ච බැල්මකින් මා දිහා බලාගෙන... මම ඒ ටික කිව්වේ ඉස්සරහ නිමක් නැතුව පේන ට්‍රැෆික් එක දිහා බලාගෙන උනාට මගේ ස්ටේට්මන්ට් එක ටිකක් විතර සීරියස් වැඩි උනාද කියලත් මට හිතුන..
සොරි... ඇඩ්වාන්ස් වැඩිද මන්දා....
නෑ කවීෂ... ඔයා හරියටම හරි... ඇත්තම කියනවනම් මාව තෝරාගන්න බැරි තරම් ආදරයක් නැති මනුස්සයෙක්ව නැතිවුනා කියලා දුකක් නෑ ... ඒත් අවුරුදු අටක් තිස්සේ ගොඩ ගහපු බලාපොරොත්තු සුන්වුණ නිසා මම ඉන්නේ හිත හදාගන්න බැරුව..
අවුරුදු අටක් කියන්නේ සෙල්ලම් කාලයක් නෙවෙයිනේ අහස්‍යා... ඔයාලා අතර කොයිතරම්නම් දේවල් සිද්ද වෙන්න ඇතිද... ඔයාලා කොයිතරම්නම් දවල් කතා කරන්න ඇතිද... මම ලව් කරලා නෑ තමයි... ඒත් ඔයාගේ මානසික මට්ටම මට තේරුම් ගන්න පුළුවනි...
වරදවා වටහාගන්න එපා කවීෂ... වෙන කෙනෙක්ව මැරී කරලා සාම්ප්‍රධායික මනමාලියෙක් විදිහට හනිමූන් යන්න බැරි තරම් දෙයක් අපි අතර සිද්දවෙලා නෑ...
හඃ හඃ හා... මගේ භාෂාවෙන් මම ඔව්වට කියන්නේ බුල්ශිට් කියල ... අපේ මේ සංස්කෘතික සමාජ රාමුව පට්ට ගෝත්‍රිකයි අහස්‍යා... පිරිමි හොයන්නේ තමුන් එක්ක ජීවිත කාලෙම එකට ඉන්න පාට්නර් කෙනෙක් නෙවෙයි... උන් හොයන්නේ ලව්, කෙයාරින්, රෝමෑන්ස් නෙවෙයි... උන් හොයන්නේ බඳින කෙල්ලගේ වර්ජිනිටි එක... මටනම් ඔව්වා මහා විහිළු අහස්‍යා... කසාද බඳින්න ඕනෙනම්, අයිති කරගන්න ලෝභ හිතෙන තරම් ආදරයක් තියෙනවනම්, ජීවිතේම එකට ඉන්නවා කියලා විශ්වාසයක් තියෙනවනම්, මොකටද අප්පේ ඒ ගෑණු මනුස්සයාගේ වර්ජිනිටි එක හොයන්නේ... හනිමූන් එකෙන් පස්සේ අර මනුස්සයා වර්ජින් නෙවෙයි කියලා දැනගත්තොත් , අර කලින් තිබ්බ ලව්, රෝමෑන්ස්, කෙයාරින් නැති වෙනවද... එහෙම නැති වෙනවනම් එතන කොහෙද අහස්‍යා කසාද බැඳලා අයිතිය තහවුරු කරගන්න තරම් ෆීලින්ග් එකක් තිබිලා තියෙන්නේ... එහෙම තත්වයක් උඩ, ඒ වගේ ඩිස්පෝසබල් තැනක ගත කරන කසාද ජීවිතේ හදිසියෙවත් මනුස්සයා අකාලේ මළොත්, අර ගෑණු මනුස්සයා ජීවිත කාලෙම තනිකඩව ඉන්න ඕන කියලත් අපේ ගෝත්‍රික පිරිමි බලාපොරොත්තු වෙනවා... අපේ රටේ මිනිස්සු රිලේෂන්ශිප්ස් කියන එව්වා අල්ලාගෙන තියෙන්නේ වැරදි තැනින් කියලයි මගේ පුද්ගලික අදහස...
අහස්‍යා මං දිහා බලන් හිටියේ ආර් යූ සීරියස් කියන වගේ බැල්මකින්... මම මදකට ඇස්දෙක පාරෙන් ඉවතට අරගෙන අහස්‍යා දිහා හොඳින් බැලුව... අහස්‍යා හිටියේ නිරුත්තර වෙලා... එතන තිබ්බේ පුදුම වෙච්ච ස්භාවයේ බැල්මක්...
මම හෙන පණ්ඩිතයි නේද... හඃ හඃ හා....
අයි ඇම් ස්පීච්ලස් කවීෂ... යූ ආර් ඇන් ඉන්ට්‍රෙස්ටින් කැරැක්ටර්... දැට්ස් වට් අයි හැව් ලර්න්ඩ්...
ඇම් අයි ? හඃ... ඔයා මාව මුරුංග ඇත්තෙ තියනවා නේ...
නෑ කවීෂ... මම පිරිමියෙකුගේ කටින් ඔය ටික අහපු පලවෙනි වතාව මේක...
ඩෝන්ට් ටේක් ඉට් සීරියස් අහස්‍යා.... මම ඉතිං නිකමට කිව්වේ...
අහස්‍යා මද වෙලාවකට කල්පනාවකට වැටුන.. ට්‍රැෆික් එක පොඩ්ඩක් තුරුල් වෙලා තිබ්බ නිසා වාහනේ වේගය මදක් වැඩිවෙලා තිබ්බේ.. පාරට දෙන අවධානයත් එක්ක මගේ අවධානය අහස්‍යාගෙන් මිදුන... යාලුවෙකුත් නොවෙන, සහෝදරියකුත් නොවෙන, ඥාතියෙකුත් නොවෙන, ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නොවෙන, අසල්වැසියෙකුත් නොවෙන , දන්නා කෙනෙකුත් නොවෙන, නොදන්නා කෙනෙකුත් නොවෙන, ගැහැණු ළමයෙක් මගේ වාහනේ ඉස්සරහ සීට් එකට ගොඩ වෙච්ච පලවෙනි අවස්ථාව. ඉස්සරින්දා අහස්‍යාව බලන්න ගිය වෙලාවේ ඉඳන් හිතටත් මොකදෝ අමුත්තක් වෙලා කියලා දැනෙනවා උනත් ඒ මොකක්ද කියල තෝරලා බේරලා ලිහලා ගන්න තරම් පැහැදිලි අවබෝධයක් මට තිබ්බේ නෑ... ඒත් එක මීට කලින් කවදාවත් විඳලා නැති ෆීලින්ග් එකක් කියලා නම් වටහාගන්න මගේ බුද්ධිය ප්‍රමාණවත්... කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් ඒ ෆීලින්ග් එක ගෙනාපු ගැහැණු ළමයා ආයේ හමු නොවෙන්නම වෙන් මගෙන් වෙන් වෙන්න තව තිබ්බේ බොහොම ටික වෙලාවයි... ඒ වෙද්දී අපි හිටියේ හෝමාගමට කිට්ටු කරල ...
එනිවේ... ඩෝන්ට් ටේක් ඉට් සීරියස්... මටත් සමහර වෙලාවට කතා කරගෙන යද්දී කියන්න ඕන එකයි එපා එකයි දෙකම අමතක වෙනව... සොරි ඉතින් මම කියපු දේවල්වල කොතන හරි ඔයාට හිත රිදෙන දෙයක් කියවුනානම්...
අනේ නෑ කවීෂ... මම මේ හිතුවේ ඔයා කියපු දීවල් ගැන...
එනිවේ... මම ඔයාව ගෙදරින්ම බස්සන්නද ... එහෙමත් නැත්තම්.... ම් ම් ම් ම්....
නෑ කවීෂ... මාව හයිලෙවල් එකෙන් බස්සන්න... මම ට්‍රයිෂෝ එකක් අරගෙන ඉතුරු ටික යන්නම්...
ඔයාගේ කැමැත්තක් ඉතිං...
මම එහෙම කිව්වට ඔයා අමනාප නෑ නේද...
පිස්සුද අහස්‍යා... මට තේරෙනව... මම ඔයාව දාන්න ඔයාගේ ගෙදරට ගියොත් ඔයාගේ අම්ම තව තවත් මේ ගැන ඔයාට ෆෝස් කරනවා... ඔයා අකමැති දෙයක් වෙනුවෙන් ඔයාව අපහසුතාවයට පත්කරන්න මට උවමනා නෑ ... අනික ඔයා කියනවනම් ඔයාව මගින් දාලා යන්න කියලා ... මම කොහොමද ඔයාව බලෙන් මේ කාර් එකේ දාගෙන යන්නේ එතනින් එහාට...
තෑන්ක්ස් කවීෂ මාව තේරුම් ගත්තට...
යූ ආර් වෙල්කම් අහස්‍යා... ඔන්න එහෙනම් ඔයා බහින්න ඕන තැන ලඟයි... ඔයාලගේ ගෙවල් පැත්තට හැරෙන තැනින් දැම්මාම ඇති නේද...
ඇති කවීෂ... ඉට්ස් මෝර්දෑන් ඉනෆ්...
මම වාහනේ හයිලෙවල් එකේ අයින් කරලා නැවැත්තුව... ගතවෙච්ච අවුරුදු තිස් තුනටම ඒ තරම් හිස් හැඟීමක් මට දැනිලා තිබුනේ නෑ... අයිති කරගන්න තිබුන යමක් ඊළඟ තත්පරේ සදහටම අහිමි වෙනවා කියන දැනීමක් දැනෙනවා උනාට මම ඒක අහස්‍යාට පෙන්නන්න ගියේ නෑ... වෙනදට වාහනේට නැගපු වෙලාවේ ඉඳන් ට්‍රැෆික් එකට වෛර කරන මට ඒ මොහොතේ දැනුනේ අනේ තව ටිකක් ට්‍රැෆික් තිබුනානම් කියලා වගේ හැඟීමක්... පැයක් හමාරක් හිත පුරා විඳගනිපු ඒ ආශ්වාදශීලී හමුවීමේ අන්තිම තත්පර කීපය ගතවෙමින් තිබුන...
එහෙනම් කවීෂ... මම බහින්නම්....
අහස්‍යා පලවෙනි වතාවට මගේ ඇස් දෙක දිහා බලලා කියද්දී මට දැනුනේ කියාගන්න බැරි හිතේ අමාරුවක්... අමතකවෙයි කියලා භයටදෝ මන්දා ඒ මුණ දිහා, ඒ ඇස් දෙක දිහා, මම ලොකු ලෝභකමින් බලාගෙන හිටිය...
මම අපේ අම්මට කියන්නම් මම ඔයාට කැමති නෑ කියල... ඊට පස්සේ ඔයාට මේ සම්භන්ධයෙන් ඔයාගේ ගෙදරින් කරදරයක් වෙන එකක් නෑ.... එහෙම හොඳයි නේද අහස්‍යා...
අහස්‍යා මුකුත්ම නොකියා මං දිහා බලන් හිටිය... ඇත්තම කියනවනම් මට ඒ වෙද්දී අහස්‍යා වෙනුවෙන් කරන්න තිබ්බේ එච්චරයි... කලින් වතාවල උනා වගේ අම්මගෙන් සතියක් දෙකක් බැනුම් අහන එක මට සිම්පල් දෙයක්...
එහෙනම් කවීෂ මම යන්නම්...
මම කවදාවත් ගැහැණු ළමයෙකුගේ ඔලුව අතගාල තිබ්බේ නෑ... මම මගේ වම් අත අහස්‍යාගේ හිස් මුදුනෙන් තිබ්බේ ඕනකමින්මද එහෙමත් නැත්තම් ඒක සිද්දවුනේ අනිච්චානුගතවද කියල මට පැහැදිලි නෑ...
හා එහෙනම්... පරෙස්සමෙන් යන්න... තෙරුවන් සරණයි...
අහස්‍යා තවත් තත්පර කීපයක් මං දිහා බලන් ඉඳල මුකුත්ම නොකියා කාර් එකෙන් බැහැල ගිහින් අයිනේ නවත්තල තිබ්බ ත්‍රී වීල් එකට ගොඩවුනා... ත්‍රී වීල් එක අතුරු පාරට හැරෙන්න ඇරලා මම වාහනේ පාරට අරගෙන ඉදිරියට ධාවනය කලේ ඕනෑවට එපාවට වගේ...
නිල් කටරොඩු නිල නැහැවුනු
මල්බර මුදු සුව රැඳවුනු
තොල් පෙති කන් පළඳාලන ආදරයද මේ
නුඹ රහසේ කියදුන්නු ආදරයද මේ
අමරදේව මාස්ටර්ගේ සිංදුවේ ඉතිරි ටික වාදනය වෙද්දි මම හිස්ම හිස් වෙච්ච මනසකින් හයිලෙවල් පාර දිගේ වාහනේ පැදෙව්ව... හිතේ ඉතුරු වෙලා තිබ්බේ දුකක්ද, කලකිරීමක්ද, එහෙමත් නැතිනම් ඒ දෙකමද කියලා තෝරාබේර ගන්න මානසික තත්වයක් මට ඉතුරු වෙලා තිබ්බේ නෑ... ඒත් ඒ වගේ මානසික තත්වයක් මම ඊට කලින් කවදාවත් අත්දැකලා තිබුනේ නෑ...
-----------------------------------------------------------------------------------
බලන්න ගිය මනමාලියෙකුට අකමැතියි කිව්වයින් පස්සේ අම්මගේ ප්‍රතිචාරය සතියක් දෙකක් යනකල් අවලාද කියන එක සහ එයාගේ දුක කියන එක... වෙනදට මම අම්ම එක්ක ඒ සම්භන්ධව එකට එක කියෙව්වට අද මම අම්මට ප්‍රතිචාර දක්වන්න ගියේ නෑ... මොකද කියනවනම්, ජීවිතේ පලවෙනි වතාවට බැඳීමකට තියෙන ලෝභකම මම පැය කිහිපයකට කලින් අත්විදපු නිසා... අම්මගේ චෝදනා වේදනා සියල්ලම උත්තර නොදී අහගෙන ඉඳලා මම ඇඳට වැටෙද්දී රෑ නමයයි තිහ වගේ වෙන්න ඇති... සාලේ ඔරලෝසුවේ රෑ එක වදිද්දිත් මම හිටියේ ඇහැරිලා... ඒ වෙද්දීත් නින්ද මගේ අහලකවත් තිබ්බේ නෑ... කල්පනා කරේ මොනවද නොකරේ මොනවද කියල පැහැදිලිතාවයක් නැතත් මම හිටියේ ලොකු මනෝ පාරක...
මගේ මනොපාර බිඳෙන්නේ හදිසියේම සෙල් ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගතපු නිසා... මම ෆෝන් එක අතට ගත්තේ රෑ එකහමාරට කෝල් කරන්නේ කව්ද කියන කුතුහලය නිසා මිසක් දවල් වෙලාවක උනානම් මම හිටියේ ෆෝන් එක අන්සර් කරන්න පුළුවන් තරමේ මනෝභාවයක නෙවෙයි... ඒක නොදන්නා අංකයක්...
හෙලෝ...
හෙලෝ...
එහා පැත්තෙන් ඇහෙන්නේ ගැහැණු කටහඬක්...
කවීෂ...
ඔව්... කතා කරනවා..
කටහඬ අඳුරන්න පුලුවනිද ...
අහස්‍යා... ඔයා ... මේ වෙලාවේ ...
හ්ම්... හිතන්නේ නැති වෙලාවට හිතන්නෙ නැති මිනිස්සු අපේ ජීවිත ඇතුලට එනවා කවීෂ... සමහර වෙලාවට එයාලට යන්න දෙන්න අපිට ලෝභ හිතෙනවා... මේ විශ්වයේ සියලූම බැඳීම් අනිත්‍යයි තමයි... ඒත් ඒ වග දැන දැනත් අපි සමහර බැඳීම්වලට නැවත නැවතත් බැඳෙනවා...
මට දෙන්න උත්තරයක් හොයාගන්න බැරිවුණා... වෙන්න යන්නේ මොකක්ද කියලා අදහසක් නෑ... මේක නින්දත් නොනින්දත් අතර පේන මනෝ විකාරයක්ද එහෙමත් නැතිනම් හැබෑවක්මද කියලා තහවුරු කරගන්න බැරුව මම හිටියේ ලොකු පැටලිල්ලක..
හෙටත් එනවද මාව ගන්න ඔෆිස් එක ගාවින්... ෂෝර්ට් ලිව් නම් නෑ... ඔෆ් වෙන්න වෙන්නේ හතරහමාරට... අපි කතා කරමු...
පපුව වේගෙන් ගැහෙනවා වගේ කියලා මට දැනුන... මම පපුව අතගාලා බැලුවෙ හර්දය වස්තුව ගැහෙන්නේ පපුව ඇතුළෙද එලියෙද කියල තහවුරු කරගන්න ඕන නිසා...
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩසි සඳට
රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා
රටා මවනවා
-----නිමි----