Tuesday, October 14, 2025

වෙඩින් හයර් භාරගනු ලැබේ ..

         


        මේ කතාව මීට අවුරුදු විසි පහකට කලින් කතාවක්.. එවකට මං ලඟ තිබ්බෙ නිසාන් කැලිෆෝනියා වැගන් එකක්.. ඕකට ලඟම යාලුවො කිව්වෙ ෆෝනියා කියල.. එහෙම කියන්න විශේශිතම කාරනය වෙන්න ඇත්තෙ ගනිද්දි තිබ්බ සුදු පාට පේන්ට් එක මකලා මම කහපාටින් පේන්ට් කරපු නිසා වෙන්න ඇති.. මගේ ෆෝනියා මේ වෙද්දිත් ලංකාවෙ කොහේ හරි අස්සක මුල්ලක තාමත් දුවනවා ඇති මගෙ හිතේ..


        ඕං සිකුරාදා දවසක හන්දෑවක ටිකක් විතර දුරින් යාලුවො දෙන්නෙක් එනව මාව හොයාගෙන ගෙදරට.. ඒ කාලෙ සිකුරාදා හවසට ගෙදරදි මාව හමුවෙන එක ඇමතිකෙනෙක් හමුවෙනවට වඩා අමාරු වැඩක් උනාට මෑන්ස්ලා දෙන්නගෙම වාසනාවට ඒ වෙලාවෙ මම ගෙදර හිටිය.. කතාවෙන විදිහට මෑන්ස්ලා හෙට හෙවත් සෙනසුරාදා වේයන්ගොඩ මගුල් ගෙදරක යන්න හිටියාය ඒ යන්න හිටපු වාහනේ අවුලක් වෙලාය පුලුවනිනම් මගේ කාර් එකේ වේයන්ගොඩ ගිහිං බස්සලා එන්න පුලුවනිද කියලා අහන්න තමා මෑන්ස්ලා ඇවිත් තිබ්බෙ.. එදත් අදත් තියෙන ලොකුම දුර්වලකම විදිහට බෑ කියන්න බැරිකම නිසා මාත් ඉතිං හා එන්නං කියලා කීව..

        උදේ පහමාර වෙද්දි ගෙදරට වරෙං කියලා කිව්වාම ටිකක් විතර අමුත්තක් දැනුනට ඔන්නොහේ නොදන්න එවුන් නොවෙන නිසා මාත් පහුවදා පාන්දර අතට අහුවෙච්ච එකක් ඇඳගෙන යනවා අරුන් දෙන්නව වේයන්ගොඩට බස්සන්න.. මේ කියන මිත්රයාගෙ ගෙදරට ගියාම තමයි මට වැඩේ තේරෙන්නෙ.. බැලින්නම් ගෙදර ඔක්කොම මගුල් ගෙදර යන්න ලෑස්ති වෙලා.. ගමෙන් භාගයක් වගේ ඉන්නව ගෙදර මිදුලෙ හොඳට ඇඳපැලඳගෙන.. ලේලන්ඩ් කොටේකුත් ඈතින් නවත්තලා තියෙනවත් පේනව..මාත් ඉතිං කාර් එක යාලුවගේ ගේ ලඟ නවත්තලා එතන හිටපු දන්න කියන මනුස්සයෙක් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා මුට්ටිය දාලා පාරට ඇවිල්ලා බැලින්නම් මේං මගේ කාලිෆෝනියා එකේ සුදු පාට ක්රේප් පටි ඇදලා ඉස්සරහින් සුදු පාට මල් පොකුරකුත් ගහල.. බැලින්නම් වේයන්ගොඩට බස්සලා එන්න කියපු මගේ යාලු එකාගෙ වෙඩිමලු එදා.. මට එන්න කියලා තියෙන්නෙ මගුල් කාර් එක විදිහට යන්න.. ඒ කියන්නෙ මම කාලා තියෙන්නෙ දාර ලණුවක්.. දැං ඉතිං මොකෑ කරන්නෙ කියලා ඔන්නොහේ මනමාලයයි දෙවැනි එකාවයි දාගෙන මම එතැනින් පිටත්වුනා.. රතිඤ්ඤා එහෙමත් පත්තු කරා පිටත් වෙද්දි.. මනමාලයා කිව්වට උගේ විසේසයක් නෑ.. නිකම් කලිසමක් සහ කමීසයක් පමණයි.. දෙවැනි මනමාලයත් එමමයි.. කෝට්බෝට් ඩිකියෙ...කේන්තිය දාගන්න අහක් නැති නිසා මම ඉස්සෙල්ලම කරේ උගේ ගෙදරින් මීටර් සීයක් දෙසීයක් විතර ඉස්සරහට ඇවිල්ලා අයිනෙන් නවත්තලා දෙන්නටම කන්වල ඇඟිලි ගහගන්න සිංහලෙන් අමතපු එක.. ඕං එතකොට තමයි කියැවෙන්නෙ මගුල් කාර් එකක් ඕන නෑ කියල හිතලා ලේලන්ඩ් එකේම මනමාලිව කැන්දාගෙන එනවා කියලා හිතාගෙන හිටියාට ඉතිං මගේම ලඟම මිත්රයෙක් මාව වැඩේට කැඳවන්න සුපිරි ප්ලෑන් එක දුන්නා කියලා. එතැනින් එහා මට ඉතිං මුං දෙන්නව මග දාලා යන්නත් බෑ.. ඒත් කහපාට ගාපු කැලිෆෝර්නියා එකකින් මගුල් ගමනක් යන්නත් බෑ.. මට ඒ වෙලාවෙ ඔලුවට ආවෙ අපේ බාප්පගෙ B11 කාර් එක.. ඒක සුදු පාටයි.. ඉස්සෙල්ලම කරේ මගේ කාර් එකේ තිබ්බ සුදු පාට ක්‍රේප් පටියි මල් පොකුරුයි ඔක්කොම ගලවලා ඩිකියට ඔබපු එක.. ඊලඟට මනමාල ඩබල එක්ක බාප්පලාගෙ ගෙදරට.. අරුන් දෙන්නව මගින් බස්සලා මල් පොකුරු කෝට් බෝට් ඔක්කොම එතන තියලා බාප්පලාගෙ ගෙදරට ගිහිං මගේ ෆෝනියව එහේ දාලා බාප්පගෙ බී 11 එක අරගෙන එන්න බාප්පට සෑහෙන්න බොරු ප්රමාණයක් කියන්න උනා.. වරුවෙන් ගේනවා ගෙනිච්චා වගේම සුදෝ කියලා පොරොන්දු වෙලා වදෙන් පොරෙන් බාප්පගෙ කාර් කටුව අරගෙන එනකොට මනමාල ඩබල ඉන්නවා කෝට් බෝට් මල් පොකුරු අතිං කටිං එල්ලගෙන බෝක්කුවක් උඩ.. මම නාවනං උන් තාමත් එතන කියලා හිතෙද්දි අදත් පනයන්න හිනා..

        ඉන් පස්සෙ ඉතිං බාප්පගෙ වන්ඩියෙන් කෙලින්ම අම්බලන්ගොඩ සිට වේයන්ගොඩට.. ඒ කාලෙ හයිවේ නෑ.. ගාලු පාරෙ තමා ඉතිම්.. ඊලඟට මනමාලිගෙ ගෙදරට කිලෝමීටර් පහක් විතර දුරින් කාර් එක නවත්තලා අර ගලවපු ක්රේප් පටියි මල් පොකුරුයි බප්පගෙ කාර් එකේ එල්ලනව.. මනමාල ඩබල පාර අයිනෙ ඉඳන් කෝට් බෝට් දානව.. හැබැයි සූටි ප්රශ්ණයක්.. තුන්දෙනාගෙන් එකෙක්වත් දන්නෙ කියහංකෝ ටයි ගැටේ ගහන්න.. දන්න කියන හැම විදිහකටම ට්රයි කරලත් බැරිම තැම අපි තීරණය කරනවා විදේශ ආධාර පතන්න.. එතැන් පටන් එතැනින් පාරෙ යන හැම කෙනෙකුගෙන්ම අහනවා ටයි ගැටේ ගහන විදිහ.. ඒත් ඉතිං ම්හ්.. අන්තිමේ මට ඈතින් පේනවා ගෙදරක ගෑල්ලමයෙක් මිදුල අතු ගානව.. මං ඉතිං කෝකටත් කියලා අරුන් දෙන්නව කාර් එකේ දාගෙනම ඒ ගෙදර ලඟ නවත්තලා ඒ ගෑල්ලමයගෙන් ආධාර පතනව.. ඉස්සෙල්ලම ඉතිං භයෙන් බිරාන්ත උනාට පස්සෙ සම්පූරං සිද්ධිය කීවාම ඒ ගෑල්ලමයා ටයි ගැටේ ගහලා දෙන්න එකඟ වෙනව.. ඕං කොහොමින් කොහොම හරි ටයි ගැටේ ගහලා දීලා අපිට ප්ලේන්ටියකුත් හදලා දෙනවා ඒ ගෙදර මිනිස්සු..

        ගමෙන් ආපු ලේනඩ් කොටෙත් ඟාති වරිගයා එක්ක එතනට ආවාම ඕං මම අරුන් දෙන්නවත් දාගෙන මගුලට සෙන්දු වෙනව.. මගේ පොරොන්දුව මගුලට බස්සන එක විතරයි උනාට ඉතිං මට හිතෙනව අලුත බැඳපු එවුන් දෙන්නව ලේනඩ් එකේ ගමට ගේන්න අරින එක මගේ මනුස්සකමට හරි නෑ කියලා.. වරුවෙන් ගෙනත් දෙනවා කියලා ඉල්ලන් ආපු බාප්පගෙ කාර් එක ආපහු වෙලාවට දෙන්න ඕන කියන කාරනය ඇරුනාම වෙනත් ප්‍රශ්ණ නැති නිසා මමත් ඔන්නොහේ පොල් වත්තක් අයිනෙන් ඇලර්ට් එකක් දාගෙන ඉඳලා හවස මංගල ජෝඩුවත් අරගෙන ආයෙම ගමේ එනව..

බාප්පගෙන් ගුටි නොකා බේරෙන්න ඉතිං දාහක් බේගල් කියන්න උනා.. ඒත් ඉතිං ඕං ඔයයිගෙ B11 එක වෙඩින් හයර් එකක් ගියා මේං හයර් එක කියල දාහෙ කොල දෙකක් මිට මෙලෙව්වාම උදහසින් ටිකක් විතර බේරුනා.. මෑන්ස්ගෙ පස්ට පරන B11 එක වෙඩින් හයර් එකක් ගියා කිව්වම මෑන්ස්ට පස්සෙ හෙන සතුටුයි.. පස්සෙන් පහුත් කිව්ව තව වෙඩින් හයර් එහෙම ආවොත් ගන්න කියලත්.... පැස්ටොල් ටික විතරක් ගහපං කියලා ගිහිපු ගමනක මොන හයර්ද බං.. අනික ඒ කාලෙත් B11 එකක ආවොත් මනමාලිත් මට තවුසෙ එක්ක එන්න බෑ කියන තරමට B11 එක අවුට් ඔෆ් ෆැශන්. ඒ කියලා ඉතිං ඒ දාහෙ කොල දෙකත් මට අතිං කයිට් කියලා බාප්පට කොහොම කියන්නද.. ඕං ඔහොමයි අතිං කයිට් වෙන්න යාලුවෝ අපිව ඇන්දුවේ..
( බලපිටියෙ ඉස්පිරිතාලෙට අරන් යන්නෙ කියලා ලෙඩෙක් වාහනේට දම්මගෙන උපක්‍රමශීලිව කලුබෝවිලට බස්සගතපු යාලුවෙකුත් ඉන්නව ඉතිං.. එව්වනං ඉතිං හද්දා කපටිකම්..)

Wednesday, October 1, 2025

ගිගිරි නගින බෙලුකටු

 😠


මේක අසූව දශකයේ මැදභාගයේ කතාවක්..

        එවකට මම දේවානන්ද විද්යාලයේ එක වසරේ හෝ දෙක වසරේ කියලයි මතක.. එකේ දෙකේ ඇච්චො බැච්චො උනාම ඉතිං ඒ ඉස්කෝලෙම අයියලා අක්කලා ඉන්නවනම් එයාලගෙන් සූටි පහේ ආරක්ශාවක් රැකවරණයක් ලැබෙන එක ස්භාවිකයි නෙව.. මටනම් ඉතිං ඒ ඉස්කෝලෙ අයියලා අක්කලා ඉල්ලෙ.. මොකෙක්වත් නැති නිසා ඉතිං බල්ලො පූසොත් ටොකු ඇනලා යන ලෙවල් එකෙන් මම අඥාතයි කුජීතයි.. එහෙම උනා කියලා අනාතම කියලමත් නෑ ඉතිං.. කාගෙන්වත් ගුටි නොකා ඉන්න ඕන නිසා අපේ සීය පොලිසියේ කියලා හරි ශේප් කාර්ඩ් එක ගහගන්නව.. සීයලා දෙන්නම මට වයස අවුරුද්දක් වෙද්දිම මියපරලොව ගිහිපු නිසා ඒ දෙන්නා සුදුද කලුද කියලත් මම දන්නෙ ෆොටෝ කෑල්ලකින් විතරක් වෙච්චි.. ඒත් ඉතිං එව්ව ඉස්කෝලෙ කොල්ලො දන්නෙ නෑ.. තාත්ත පොලිසියේ කියන්න බෑ තාත්ත හැමදාම උදේට වැඩට යන ගමන් මාව ඉස්කෝලෙ ලඟට ඇරලවන නිසා..

        ඕං ඔය විදිහේ වාතාවරණයක් යටතේ අමාරුම කාරයන් හතලිහක් හතලිස් පහක් ඉන්න පංතියක ඉන්ටවල් එක කියන්නෙම පංතියේ ඉන්න එවුන්ගෙ අයියලා අක්කලා තමුන්ගෙ මල්ලිලා බලන්න එන වෙලාව.. එවකට මම හිටපු එෆ් පංතියේ හිටියෙ කොල්ලොම විතරයි.. අපරාදෙ කියන්න බෑ හෝඩියේ ඉඳන් පහ වසරට ගිය දේවානන්දෙ යාලුවොත් අද වෙද්දි රට හැමතැනමත් ලෝකෙ හැමතැනමත් ඉන්නව අඩු නැතුව..
        
        මෑන්ස්ගෙ නම හසන්ත.. හසන්ත කිව්වට හසන්තමත් නෙවෙයි.. ඊට ආසන්න නමක්.. ඇත්ත නම ලියන එක හරි නැති නිසා එව්ව මෙහිලා ලියලා බෑ.. හසන්තගෙ අක්කත් ඒ ඉස්කෝලෙමයි.. මතකෙ හැටියට අපිට වඩා අවුරුදු හතක් අටක්වත් වැඩිමල් ඇති.. ඒ අක්කා මල්ලිට කොච්වර ආදරේද කියනවනම් ඉන්ටවල් එකට පංතියට ඇවිත් මල්ලිට කවලා පොවලා නාවලා කොන්ඩා පීරලා පවුඩර් දලා සූ දාන්නත් එක්කං ගිහිං තමයි ආයෙ එයාගෙ පංතියට යන්නෙ.. අපිව බලන්නනම් ඉතිං එන්න බල්ලෙක් පූසෙක්වත් නැති නිසා අපි ඉතිම් ඒ ලොකු එවුන්ගෙ ලොකු සීන් බලාගෙන පාඩුවේ ඉන්නව.. ඉන්නවා කිව්වට ඉන්න වෙනව..

        ඕං දවසක් සුපුරුදු විදිහට ඉන්ටවල් එක උදාවුනා.. ඒක මහා භයානක දවසක්.. සිද්දිය අද මතක් වෙද්දිත් කකුල් දෙක හිරි වැටීලා ගිහිං මහා භයානක හැඟීමක් ඔලුවට එනව.. හසන්තගෙ අක්කයි යාලුවෝ දෙන්නෙකුයි ඇවිත් ඕං හසන්තයාට කවනවා පොවනවා අතගානවා කොන්ඩෙ පීරනවා එක හුරතලයයි.. අක්ක අපිට වඩා හතකින් අටකින් වැඩිමහල් නිසාද වෙන්න ඇති ඉතිං හුරතලේ.. ඕං ඉතිං කවලා පොවලා නාවලා පුයර දාලා කොන්ඩෙ පීරලා අක්කලා සැට් එක හසන්තයාව සූ දන්නත් එක්කම් ගියා කියමුකෝ.. ඉන්ටවල් එක ඉතිං ලොකු වෙලාවක් නැති නිසා අපිට ඉතිං හසන්තයා ගැනත් ලොකුවට නිනව්වක් නෑ.. හැමදාම සිද්දවෙන බේබි සිටිං නිසා අක්කලා ඇවිත් හසන්තයාට කවන පොවන එක අපිට ලොකු මැජිකුත් නෙවෙයි.. ඕං එක පාරටම ඉන්ටවල් ඉවරවෙන බෙල් එක වදිනව.. ඒ එක්කම ඇච්චි බැච්චො යන ටොයිලට් එක පැත්තෙන් ඉස්කෝලෙම උලු බිමට වැටෙන සද්දෙට පොඩි එකෙක් කෑ ගහනව.. ස්ටාෆ් රූම් එකේ හිටපු ගුරුවරුයි ලොකු අයියලා වගේකුයි ඒ සද්දෙට ඒ පැත්තට දුහනව.. අපිට ඉතිං දුවන්න කියලා අතක් නෑ.. බිල්ලෙක් ඇවිත් ඉස්කෝලෙ ලමයි අල්ලන් යන්න හදනවාවත්ද කියලා හිතුනට ඉතිං බිල්ලෙකුට උනත් ගෝනියක ඉස්කෝලෙකම ඉන්න ලමයි දාගෙන යන්න බැරි නිසා කුතුහලය ඇරුනාම මටත් ඉතිං ලොකුවට භයක් දැනුනෙ නෑ.. කරෝල වාඩියක වැඩට උනත් අරං යන්නෙ අත පය හතර ටිකක් ලොකුවට මහතට තියෙන එවුන් නිසා මං වගේ කෙංචි නාට්ටෙකුට බිල්ලෙකුගෙන් උනත් ලොකුවට අවධානමක් නෑ..

        ඕං ටික වෙලාවකින් ගූරුවර ගුරුවරියන් ගොඩාක් වටවෙලා හිටපු ටොයිලට් එක ඇතුලෙන් හසන්තයාව උස්සන් එන්නෙ පිරිමි ගුරුවරයෙක්.. හසන්තයාගෙ අක්කත් යාලුවො ටිකත් අඬ අඬා ඒ පස්සෙන් දුහනව.. අපේ පංතියේ හිටපු, කට ඇරියොත් බොරු කියන සකලසිරී කියන්නෙ හසන්තයට ටොයිලට් එක ඇතුලෙ ඉඳලා නයෙක් ගහලා කියල.. හද හදා හොල්මන් කතා කියන ප්‍රසන්නයා කියන්නෙ දවල් බැදුම් කාලා ටොයිලට් ගිහිං එකේ හිටපු යකා හසන්තයට ගහල කියලා.. තව එකෙක් කිව්වෙ ටොයිලට් එකට උඩින් තියන දෙල් ගහේ ගෙඩියක් හසන්තයාගෙ ඔලුවට වැටීලා කියල.. තව එකෙක් කීවෙ හසන්තයාට පපුවෙ හිලක් නිසා ඒකට අමාරු වෙලා කියල.. ඔය වගේ දාහක් විය හැකි දෑ ඇහෙන් දැක්කා වගේ කියන විස්සක් තිහක් කොල්ලො විවිධාකාර මත පල කරද්දි අපේ පංතිභාර ටීචර් ඇවිත් වෙලා තියෙන දේ අපිට නොකියාම හසන්තයාගෙ පොත් බෑග් එක අරගෙන යනව.. ඕං එතැන් පටං අර කලින් කයි කතන්දර කීව එවුන්ගෙන්ම එකෙක් කියනවා හසන්තයා ඉස්පිරිතාලෙ ගෙනියද්දි මැරිලලු.. ඉස්කෝලෙන් ගෙනියද්දිත් මැරීලා කියලත් තව එකෙක් කියනව.. ඒ අස්සෙ අද ඉස්කෝලෙ ඇවිත් තියෙන්නෙ ඊයෙ මැරිච්ව හසන්තයාගෙ හොල්මන කියලත් ප්‍රසන්නයා කියනව.. උගේ මාස ගනන් කියලත් ඉවර නොවෙන හොල්මන් කතා වටවෙලා අහන් ඉන්න අපිට ඉතිං ඒකත් ඇත්තවත්ද කියලත් හිතෙනව..

        හසන්තයාගෙ ඇත්ත නම මේකෙ කොමෙන්ට්වල ලියලා මාව උසාවිනම් යවන්න එපා යාලුලා ඕං.. කරගන්න පුලුවන්කම තියාගෙන තමුන්ගෙ වැඩේ අනුන් ලව්වා කරගන්න ගියාම ඉතිම් හසන්තයාට වෙච්චි දේ වෙන්න තියන සම්භාවිතාවය වැඩියි.. ආදරේ වැඩිකමට දරුවන්ගෙ සහෝදරයන්ගෙ යාලුවන්ගෙ සරීරකෘත්යයත් කරවලා දෙන්න ගියාම එව්වගෙ භයානක ප්‍රථිපලවලට මූන දෙන්න සිද්ද වෙනව ඉතිම් අකමැත්තෙන් උනත්..

    එදාම ඉතිං විස්තරේ හොයාගන්න බැරිවුනාට ඉතිම් පහුවදා ඉස්කෝලෙ යද්දි සිද්දිය ගැන රොයිටර් වාර්ථා පංතිය පුරාම.. වෙච්ච සිද්දිය රඟපාලා පෙන්නපු එවුනුත් හිටියා ඉතිං.. වෙලා තිබ්බෙ ඇඟ හිරිවැටෙන සීන් එකක්.. හසන්තයා මාසෙකින් විතර ඉස්කෝලෙ ආවා ඉතිම් මුකුත් නොවුන ගානට.. වෙලා තිබ්බ සීන් කෝන් එක මේන් මේකයි..

        ඉන්ටවල් ඉවරයි කියලා බෙල් එක ගහපු ගමන් හසන්තයාගෙ අක්කන්ඩි පංතියට යන්න තියන හදිසියට හසන්තයාගෙ කලිසමේ සිප් එක උඩට ඇදලා.. ඒත් ඉතිං සසර කරපු කරුමෙකට හසන්තයා ඒ වෙලාවෙ ඉඳලා තියෙන්නෙ සූ දාන ගමන්.. ගිගිරි නගින බෙලුකටු නේද පිංවත.. ඒ කෑල්ල ලියද්දිත් මේ දැනුත් මගේ කකුල් හිරි වැටෙනව.