මේ ලියන්න යන සිද්දියට පාදක වෙච්චි කාල වකවානුවේ අම්බලංගොඩයා රාජකාරි කරේ කතරගම පුරවරයේ. ගොඩයා සඳුදා අලුයම දෙකට අම්බලන්ගොඩ පහුකරන් යන සීටීබී බසයෙන් කතරගම බලා පිටත් වෙලා නැවත ගමරට බලා පැමිණෙන්නේ සිකුරාදා රාත්‍රියේ තමයි. ඔය කියන බස් ගමනාගමනය ගැන කලින් ලියපු බස් කතාබස් පෝස්ටුවේ වැඩිමනක් ලියවුනාට බස් ගමනාගමනය ගැන ගොඩයාගේ මතකයේ තියන කතන්දර බොහොමයි. කතරගම කොළඹ බස් සේවාවේ පුද්ගලික බස් වල මගීන්ට දෙන සැප වැඩි නිසා ගොඩයා රාත්‍රී ගමනට සීටීබී බසයම තෝරාගන්නේ සීටීබී බසයේ සැප පුද්ගලික බසයට වඩා දිව්‍යලෝක සැප ගෙනදෙන්නක් නිසා. දැන් කතරගම කොළඹ බස් ගමනාගමනය ගැන නොදන්නා උදවිය හිතන්න පුළුවනි ඒසී බස් එකක යන්නේ නැතුව සීටීබී බස් එකක යන්න මූ හෙන කුණු ලෝභ පොරක් කියල. ඒත් ඒක එහෙම නොවෙන්නේ කතරගම කොළඹ ඒසී බස් දුවන්නේ නැති නිසා. මීට අවුරුදු දොළහකට දහතුනකට කලින් නම් ඒසී බස් දිව්වා උනාට දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තය අර්ධ සුඛෝපභෝගී බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඒකට එක හේතුවක් වුනේ කතරගම කොළඹ ඒසී බස් ගාස්තුව සාපේක්ෂව ඉහල අගයක් ගැනීම නිසා මගීන් ඒසී බස් භාවිතය අවම කිරීම නිසා ඒසී බස් වලට ආදායම පහල යාම. දෙවැනි හෙතුවවුනේ ලංකාවේ තියන ඒසී බස් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේටත් කලින් නිෂ්පාදනය කරපු පරණම පරණ හුඹස් නිසා කොළඹ සිට කතරගම දක්වා දුරක් ඒසී දාගෙන යන්න තරම් ඒ බස්වල සෞක්‍ය තත්වය යහපත් නොවීම. ඒ හේතු දෙකටම පින්සිද්දවෙන්න දෙදහස් පහ වෙද්දීත් කතරගම කොළඹ ඒසී බස් කරුමාන්තයට කණකොකා හඬලා හමාරයි. ඒ කියන්නේ ගොඩයා කතරගමට ස්ථානමාරුවීම අරන් යද්දී ගොඩයාට තිබ්බ විකල්පය වුනේ කොළඹින් එක සාමාන්‍ය බසයක ගමන් පහසුව සලසාගැනීම පමණයි.
ටික දවසක් මාතරට ඒසී බස් රථයක ගිහින් මාතරින් කතරගම බසයකට ගොඩවීම අත්හදා බැලුවත් මහා රෑ දෙකට තුනට මාතර ටෙලිකොම් ගේට්ටුව ගාවට වෙලා කොළඹින් කතරගම එකක් එනකම් මදුරුවෝ තලන එක තේරුමක් නැහැ කියන එක ගොඩයා තේරුම් ගත්ත. කොළඹින් එන පුද්ගලික බස් රථයක එල්ලෙනවාට වඩා සීටීබී එක එනකම් සිටීමේ වාසි කිහිපයක් ගොඩයාට තිබ්බ කියමුකෝ. පුද්ගලික බස් රථයක වාඩිවෙලා කතරගම යනවා කියන්නේ අම්බලන්ගොඩ ඉඳන් කතරගමට යනකල් අකමැත්තෙන් වුනත් රියදුරා විසින් ක්‍රියාත්මක කරන කැසට් යන්ත්‍රයේ කන් දෙක විදගෙන යන තරමේ සිලි සිලි නාදය පැය හතරක් හෝ පහකට ආසන්න කාලයක් පුරා විඳගන්න ඕන. පුද්ගලික බසයේ තියෙන්නේ තුනේ දෙකේ ආසන නිසා අම්බලන්ගොඩින් ලැබෙන ආසනය බොහෝදුරට තුනේ ආසනයේ එළියේ කෙලවර. ඒ ආසනයේ පැය හතරක් වාඩිවී සිටීම යනු ආසනයේ එල්ලී ඉන්නවා වගේ වැඩක්. මොකද කියනවානම් බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම අවස්ථාවකම ගොඩයා ඇතුළු තුනේ ආසනයේ කෙලවරේ ඉන්නා පිංවතුන් වම් කකුලෙන් හොඳ ගැම්මක් අරගෙන ආසනයෙන් බිමට පතබෑවීම වලක්වාගතයුතුයි. එසේ නොකළහොත් අනිවා පස්චාත් භාගය බිම ඇනෙනවා අනෙනවාමයි. ආන්න ඒ බස් රථය දකුණට වංගුවක් ගන්නා සෑම සියලු අවස්ථා වලදීම ගොඩයාට සිහිවෙනවා ලේලන්ඩ් බස් එකේ තුනේ දෙකේ ආසන හදපු එකාගේ සහ එව්වා ලංකාවේ පාරවල් වල දුවන්න දීපු එවුන්ගේ මවුවරුන්ව. සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා සාමාන්‍ය ගාස්තුවට දුවන බස් රථයකම යනවාට වඩා දාහක් අලකලංචි ඔය කියන බස්වල තියෙනවා කිව්වොත් තමයි හරි. කොන්දාස්තර ළමයාට විසිතිස් වාරයක් කියලත් කැසට් රේඩියෝවේ සද්දේ අඩු නොකරපු වතාවක දෙකක කොන්දොස්තරයා එහා මෙහා වෙනකම් ඉඳලා පිටිපස්සේ බෆල් පෙට්ටියට ශබ්දය ගෙනියන වයර් දෙකෙන් එකක් හීන්සීරුවට කඩා දැමීම වගේ හීන් නූල් අලුගුත්තේරු වැඩත් ගොඩයා නොකරේම නැහැ. එව්වා ඉතින් හොඳින් වටපිට බලලා අහවර වෙලා හැමදෙනාම සුවසේ නිදිසුව වඳිනවාය යන්න තහවුරු කරගෙන සිංදුවක් ඉවර වෙලා අනික් සින්දුව පටන්ගන්න නිහඬ තත්පර කීපයේදී සීරුවට, ක්ෂණිකව, සැක නොසිතෙන ආකාරයෙන් කරන්න ඕන වැඩ ආයුබෝවන්ඩ.
එහෙම විකල්පයක පිහිට පතන්න අවස්තාවක් උදා උනොත් එහෙම මේක තමා ගුරුමුෂ්ටි රහිත ක්‍රියා පිළිවෙල. පළමුව තමුන් වාඩිවී සිටිනා ආසනයට ඉහලින් තිබෙනා ගමන්මලු රඳවනයේ ඇලුමිනියම් බට අතරින් දිවයන බෆල් වයරය හඳුනාගත යුතුයි. සිංදුවක් වාදනය වෙන අතරේ පරණ සීටීබී බසයක සීනුව හඬවන ආකාරයෙන් බෆල් වයරය ඇද දැම්මොත් ඊට සමාන්තරව ශබ්දයේ අඩුවීම පැහැදිලිවම දැනෙනා නිසා ඔය ශබ්දයත් එක්කම කන් සුසර කරගෙන නින්දට ගිය එවුන් කලබල වෙලා ඇහැරෙනවා සංගීත නාදය එකවරම අඩු වෙන නිසා. ඒ එක්කම ඒ බව රියදුරාට සහ කොන්දොස්තර තැනටත් ඇලර්ට් වෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි අගයක්. ඒ කියන්නේ ගුටි කෑමේ සම්භාවිතාවය ඉතාමත් ඉහල අගයක්. ඒ සියල්ලටම විකල්පමය සහ ආරක්ෂාකාරීමය විසඳුමක් වශයෙන් තමා අජිත් මුතුකුමාරණගේ හෝ බස්වල වාදනය වෙන ගීතයක් අහවර වෙලා ඊළඟ ගීතය පටන් ගන්න යෙදෙන නිහඬ සුභ මොහොතින් බෆල් වයරය සියලු වෙර යොදා පහලට ඇද දැමීම කලයුත්තේ. පරණ සීටීබී බස් වල බෙල් ගහල පුරුදු උදවියට ඔව්ව සුළු දේවල්. වයරය ඇද දැමු වහා කිසිවක් නොවුනා හා නොදන්නා ආකාරයෙන් මම බබා මචංලා මම හෙන තද නින්දේ ඉන්නේ ආකාරයෙන් පසුවීමට, රඟපෑමේ කුසලතාවයකින්ද යුක්තවිය යුතුයි. හදිසියෙවත් ඇස් හැර බලන්නේ නම් මේ දැන් ඇහැරුනේ දැන් කොහෙද අප්පා යන ආකාරයෙන් අහල පහල ඉන්න එවුන්ට දැනෙනා පරිදි ජනේලයෙන් එල් පහලිය බැලීමට හැකියාවකින් යුක්තවිය යුතුයි. සියල්ල සාමාකමී අයුරින් විසඳි ඇති වග තහවුරු කරගැනීමෙන් අනතුරුව වයරය කැඩී තිබෙනේ කොතනින්දෝ කියාද හොර බැල්මකින් තහවුරු කරගෙන ඉන්පසු සුවසේ නින්දට යායුතුයි. ඔන්න මෙතන මේක කියවලා ගිහිං බෆල් වයර් කඩලා කොන්දොස්තරගෙන් ඉල්ලන් කාල මෙතන නාහෙන් අඬන්න තියාගන්නවා එහෙම නෙවෙයි.

සීටීබී බස් එකේ ගමන ඒ එක කරදරයක්වත් නැතුව සාමාන්‍ය ගාස්තුවට කෙරෙන්නක් නිසා ගොඩයා අවසානයේ සීටීබී එකේ නිත්‍ය සාමාජිකයෙක් වුනා. ඒත් ඒ යද්දී විතරයි. සිකුරාදාට එද්දී ඉතින් ලේලන්ඩ් දසවදේ වින්දින්නම ඕන. ගොඩයා විකල්ප හොයන්න දක්ෂයා නිසා ගොඩයා ඒකටත් හොයාගත්ත විකල්පයක්. ඒ තමා සිකුරාදා රාත්‍රියට කතරගමින් කොළඹ බලා එන සීගිරි එක්ස්ප්‍රස් ටාටා බස්රථය. ටාටා බස් රථය ලේලන්ඩ් බස් රථයට වඩා සෑහෙන සැප පහසුයි කිව්වොත් තමයි හරි. ඒකට ප්‍රධානම හේතු දෙක වෙන්නේ ලේලන්ඩ් බස්රථයේ සයිලන්සරයෙන් නැගෙනා අලි පිඹිනා ගොශාව ටාටාවේ නොමැති වීමත් ටාටාවේ ආසනය ලේලන්ඩ් බසයේ ආසනයට වඩා සැප පහසු වීමත්. රියදුරන්ගේ කොන්දොස්තර වරුන්ගේ හිටන්ම ටාටාවේ ගමනාගමනය ලේලන්ඩ් බසයට වඩා විනයගරුක භාවයක් තිබුනා කියලයි අමබලන්ගොඩයාගේ අදහස.
කතරගම කොළඹ දුවපු ලේලන්ඩ් බස් අටෝරාසියකින් ටාටා බස් තිබ්බේ බොහොම කීපයයි. එයින් එකක් තමා සීගිරි මුදලාලිගේ සීගිරි එක්ස්ප්‍රස්. ඒ කාලේ මතක විදිහට සීගිරි මුදලාලිගේ ඔය කියන ටාටා බස් එක කතරගමින් පිටත්වුනේ රාතී දහයට හෝ එකොළහට වගේ තමා මතක. ඕන් දවසක්දා සිකුරාදාවක රාත්‍රියේ ගොඩයා ගමරට බලා යන්ට හිතාගෙන සීගිරි එක්ස්ප්‍රස් පිටත් වෙන වෙලාව අල්ලලා ගෝල තැන ලව්වා කතරගම බස් නැවතුමට මොටෝවෙන් ගෙනැත් බස්සගත්තා කියමුකෝ. ඔය කියන මොටෝව තමා මනින්නා පෝස්ටුවේ අවසන් ගමන් ගිය මොටෝව. මෙන්න යකඩෝ කොළඹ බෝර්ඩ් එක දාල අජිත් මුතුකුමාරණගේ සින්දුවක් එහෙමත් සද්දෙට සිලි සිලියට වාදනය වෙන ලේලන්ඩ් රාජයෙක් කොළඹ යන්ට ලක ලැහැස්තිය. ඒ කියන්නේ සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන වෙලාවට එදා කොළඹ යන්නේ වෙන බස් එකක්. ඒක දැකපු ගොඩයාගේ ඔලුව ටිකාක් විතර අවුල්වුනා. වෙනදට යන සීගිරි ටාටාව නැති නිසාත් වෙන කරන්නම දෙයක් නැති නිසාත් ගොඩයා ලේලන්ඩ් බසයට ගොඩවෙලා ගෝල තැනට සමු දෙනවා නැවත සඳුදාට හමුවෙන බලාපොරොත්තුවෙන්.
ලේලන්ඩ් එක ඇතුලේ හඳුන්කූරු කීයක්නම් පත්තු කරලාද කියනවානම් හඳුකුරු දුමට එහා සීට් එකේ ඉන්න එකාගේ මූන පෙන්නේ නැති තරමයි. කෙටියෙන් කියනවනම් නුවර එලිය පැත්තේ මී දුම බාලා හා සමානයි. වයිවාරන පාට වලින් පත්තු වෙන විදුලි බුබුළු වලින් මවන ආලෝකයත් හඳුන්කුරු සුවඳත් ඒකාබද්ධ වෙලා මවන වටපිටාව එක්ක මගීන්ට දැනෙන්නෙම බස් රථයක් ඇතුලේ ඉන්නවට වඩා කතරගම දේවාලේ ඇතුලේ ඉන්නවා හා සමාන හැඟීමක්. ඔන්න බස් රාජයා කොළඹ යන්න පිටත් වෙන්න සුදානම කියමුකෝ. රියදුරු දෑතට දෙවි රැකවරණයි කියලා හිතාගෙනාදෝ රියදුරු තැන සුක්කානම වට කීපයක් අතගාලා උම්ම එකක් එහෙමත් දීල ඕන් ලේලන්ඩ් රාජයා පනගන්වුවා. ඊළඟට ඉතින් ජර බරාන්.. ජර බරාන් .. සද්දෙට විනාඩි කිහිපයක් මහා සද්දෙන් රේස් කරගෙන සිටීම තමා සාමාන්‍ය ස්භාවය. බස්වල තියෙන බ්රේක් පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක වෙන්න ඔය කියන රේස් කිරිල්ල අනිවාර්යෙන් කරන්නම ඕන වුනත් සද්දේ තමා අවුල. ඔය කියන සද්දෙට කතරගම අවට වැඩ වාසය කරනා දෙවි දේවතාවරුන්ගේ නින්ද පැයකට වතාවක් කැඩෙන නිසා දවල් දවසේ නිදිමතේ දෙවි දේවතාවරු බැතිමතුන්ගේ කන්නලවු වලට කොහොම ඇහුම්කන් දෙන්නද කියන එක ගොඩයාට හෙන ප්‍රශ්නයක්. ඕන් රියදුරු තැන ඇන්ජිම එහෙමත් ටිකක් රේස් කොරලා අකමැත්තෙන් ක්ලච් එක පාගලා දැම්ම කියමුකෝ පලවෙනි ගියර් එකට. ඔය ලේලන්ඩ් යන්තරේ රියදුරාලා ක්ලච් එක පාගලා දමන එකම සහ අවසන් ගියරය පලවෙනි ගියරය පමණක් නිසා ඒ පලවෙනි ගියරයටත් ඔය උන්දෑලා ක්ලච් එක පාන්නේ භාගෙට. ආන් එතකොට තමා ගියර් පොල්ල බ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්දක්හ් සද්දෙකුත් දාගෙන පලවෙනි ගියර් එකට වැටෙන්නේ. ආන් එතකොට ලේලන්ඩ් රාජයා මදක් ඉදිරියට තල්ලු වී නවතිනවා රියදුරු තැන විසින් ක්ලච් රාජයා මුදාහරිනකල් ඉදිරියට යාමේ සුදානම සහිතව. එතනින් එහා ඉතින් ක්ලච් එක යනු ගියර් මාරු කිරීමේදී යුතුකමට වගේ කකුල තියන භාණ්ඩයක් මිස අත්‍යවශ්‍ය උපාංගයක් නොවෙයි ඔය උන්දැලාට. පරණ සීටීබී ඩයිබර්ලා නම් ඔය කියන ක්ලච් එක පාන්නේ කාලට හෝ කාල් භාගෙට. එව්වයේ ඩයිබර්ලාට තියෙන පලවෙනි ප්රශ්නය තමා ක්ලච් එක පාගන්න කලින් ගියර් පොල්ල සොයා ගැනීම. මොකද එව්වයේ ගියර් පොල්ල තියෙන්නේ රියදුරු ආසනයට පස්සෙන් උඩට ඇවිත් ඉස්සරහට නැවීලා නිසා ඒ ගියර් පොල්ල කොයි වෙලාවෙත් ඉන්නේ දෙපැත්තට ඔලුව වන වනා බෑ බෑ කියනා ආකාරයෙන්. එව්වා පලවෙනි ගියරයට වැටෙද්දී ගියර් පෙට්ටියෙන් ඇහෙන්නේ යකඩ පෙරලෙන සල බලං සද්දයක්. හරියට අලවංගු දෙකක් තුනක් එකට ගහනවා වගේ සද්දයක්. දැන් ඉතින් අලවංගු කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති උදවිය මූන බෙරිකරගන්න ඕන නෑ ... සිංහල ශබ්ද කෝෂ හොයන්න ඕන නෑ .. අලවංගුව කියන්නේ ඒ ඒ පලාත්වල "යකඩ ඉන්න " , " ගල් ඉන්න " කියල හඳුන්වන මෙවුව එකට තමා..
ඔන්න ලේලන්ඩ් රාජයා කතරගම බස් නැවතුමෙන් පාර දාන්න හෙමි හෙමිහිට අද්දනවා කියමුකෝ. ඔන්න ඒ අතරේ ඊළඟට කොළඹ යන බස් යන්තරේ කොළඹ යන බස් නවත්තන සියඹලා ගහ යටට සැපත් වෙනවා හෙමි හෙමිහිට. ඔය කියන බස් සියල්ලකටම පොදු කාරණය තමා රථ ගාලෙන් පිටත් වෙලා මහ පාරට දාලත් විනාඩි කීපයක් යම්දෝ නොයම්දෝ ගානට ඉස්සරහට පස්සට පද්ද පද්දා තියාගෙන සිටීම සහ ඊට සමගාමීව කොන්දොස්තර තැන විසින් " කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.. යන්න හදන්නේ...කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ..කොළඹේ.." කියලා බෙරිහන් දීම. ඒ අස්සේ රියදුරු තැනත් අලි එලවන නලාව කීප වාරයක් ශබ්ද කරවලා බස්රථය වෙත සැමගේම අවධානය ලබාගන්නවා. ඔන්න ඔය අතරේ ගොඩයා ජනේලයෙන් අමාරුවෙන් ඔලුව දාලා බලනවා ඊළඟට කොළඹ යන්නේ කුමන බස් රථයද කියන කුතුහලය හතේ තියන නිසා. මෙන්න බොලේ සීගිරි මුදලාලිගේ සීගිරි එකස්ප්‍රස් සියඹලා ගහ යට. ඔන්න ගොඩයාට උන්හිටිතැන් අමතක වෙන වෙලාව. පැය හතරක් ලේලන්ඩ් කරච්චලේ විඳිනවට වඩා පැයක් පරක්කු වෙලා හරි කනක් ඇහිලා ගෙදර යන්න චෑන්ස් එකක් පෙනි පෙනී ඒ චෑන්ස් එක අතාරින එක මෝඩකමක් කියල සෙනිකවම ගොඩයාගේ අක්මාවට වටහෙනවා. ඔන්න ඒ ගමන ගොඩයා දනි පනි ගාගෙන ආසනයෙන් නැගිටලා ලේලන්ඩ් රාජයාගේ පස්සා දොරෙන් බිමට පැනගන්නවා බස් රථය සැර දමා ඉගිලෙන්න ඔන්න මෙන්න තියෙද්දී. බස් රථයෙන් බැසගත්තු ගොඩයා කෙලින්ම දුවන්නේ සීගිරි එක්ස්ප්‍රස් වෙත. ඔන්න ගොඩයා ජයග්‍රාහී ලෙස සීගිරි එක්ස්ප්‍රස් ටාටාවේ මැදට වෙන්න තියන වම් පැත්තේ ආසනයක හරිබරි ගැහෙනවා ලෝක මරාලෙකින් බේරුනා නේදෝ කියන ජයග්‍රාහී සිතිවිල්ලත් එක්කම.
සීගිරි එක්ස්ප්‍රස් බොහොම විනීතයි, හැදියාවකින් යුක්තයි, කන් විදගෙන යන සයිලන්සර් ශබ්දයෙන් තොරයි, දෙකන් පූට්ටු වෙන සිලි සිලි ශබ්දය පමණක් ඇසෙන කැසට් ශබ්දයෙන් තොරයි, අලි එලවන නලාවකින් තොරයි, ආසනය ලිස්සන සුළු නොවෙයි, නින්දට භාධා රහිතයි, හැබැයි එකම එක ප්‍රශ්නයක් සහිතයි.. ඒ ප්රශ්නය නම් සීගිරි එක්ස්ප්‍රස් වයසයි.. ලංකාවේ පලවෙනි වතාවට සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ පලවෙනි කැසට් පටය වෙච්චි සහ ඊට ඉස්සරින්දා වෙළඳපොළට නිකුත් වෙච්චි "සුදු හංසියේ " කැසට් පටය බොහොම කන්කළු නාදයෙන් බසය පුරා සංගීතවත් වෙනවා. ගොඩයා බොහොම ආසාවෙන් අහන්න බලාන හිටපු " සුදු හංසියේ " සිංදු ටිකත් පලවෙනි වතාවට අහගෙන ඉන්න ගමන් ගොඩයා ටාටාවේ ආසනයේ සුවය වින්දනය කරගෙන බොහොම නිවිච්ච හිතකින් වාඩිගෙන ඉන්නවා. ඔන්න පැයකින් ටාටාව පිටත්වුනා කියමුකෝ. කිසීම ප්‍රශ්නයක් නැහැ සියලු සැප ඒ හා සමානයි. රෑට කතරගමින් කොළඹ පිටත්වෙන බස් රථ තිස්සමහාරාමයේ රෑ කඩය ළඟ පැය භාගයක් නවත්වාගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්. ඔන්න ඔය කියන රෑ කඩයේ තමා මනින්නා පෝස්ටුවේ උන්නු මනින්නාට කොත්තුවක් කන්න සලස්වලා ගොඩයා පැට්‍රොල් හොයන්න යන්නේ. ගොඩයා ආසනයේ ආශ්වාදය විඳගෙන අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ අහනවා සියලු වින්දනයන් අඩුත් නැතිව වැඩිත් නැතිව බසයේ ගොඩවූ වෙලාවේ හා සමානවමයි. කෙටියෙන් කියනවනම් ලේලන්ඩ් මරාලෙන් බේරිලා ටාටාවේ ගොඩ වීමට ලැබීමත් ඊට අතුරුපලයක් වශයෙන් ඊට පෙරදා වෙළඳපොළට නිකුත් වූ "සුදු හංසියේ " කැසට් පටයේ ගීත ටික විඳගන්නට ලැබීමත් සමගම ගොඩයාගේ හිතේ ඇතිවෙන ඩබල් බෝනස් සිතිවිල්ල කොයිතරම්ද කියනවානම් අම්බලන්ගොඩින් නොබැහ කොළඹ යන්නට තරම් හිතේ සන්තෘප්තිය උපරිමයි. ඒත් ඉතින් යන්නේ අම්බලන්ගොඩට නිසාත්, අම්බලන්ගොඩ පහුකරන් කොළඹ යාම මන්දබුද්ධික වැඩක් නිසාත්, ටිකට් අරං තියෙන්නේ අම්බලන්ගොඩට නිසාත්, ගෙවල් තියෙන්නේ අම්බලන්ගොඩ නිසාත්, අම්බලන්ගොඩින් බැසගැනීම අනිවාර්ය වෙන්නේ එහෙම කොළඹ ගියොත් ආයේ අම්බලන්ගොඩට ඇරලවන්න අජිත් බණ්ඩාරවත්, සීගිරි මුදලාලිවත් ඉදිරිපත් වෙන්නේ නැති වග ගොඩයා දන්නා නිසා.
ඔන්න සීගිරි එක්ස්ප්‍රස් තිස්සමහාරාමෙන් පිටත් වුනා කියමුකෝ. වැඩම උනොත් එතන හිටන් විනාඩි තිහක් ඉදිරියට ධාවනයවුනු සීගිරි එක්ස්ප්‍රස් මෙන්න බොලේ ඝන මුකලානක් මැද්දේ එකපාරටම ලැයිට් ගියා කියමුකෝ. දැන් කොහොමෙයි හත්තිලව්වේ ලැයිට් නැතුව මේ මහා රෑ කොළඹ යන්නේ. ඩයිබර් උන්නැහේ සහ කොන්දොස්තර සුසංයෝගය විසින් දන්නා කියන සෙල්ලං සියල්ලම දාලා අහවර වෙලා අනතුරුව ඒ සුභ ආරංචිය මගීන් වෙත දැනුම් දෙනවා. ඒ ආරංචියට අනුව හදිසියේ විදුලි බලය ඇනහිටීම නිසා සීගිරි එක්ස්ප්‍රස් කොළඹ යන්නේ නැහැලු. ඒ කියන්නේ මගීන් සියල්ල අනාත සාගරේලු. ඒ කාලේ ස්මාර්ට් ෆෝන් තිබ්බේ නැති නිසා ඊළඟ බස් එක එනකල් බුකිය පැත්තේ රවුමක් ගහන්නත් විදිහකුත් නෑ. රෑට නින්ද යන්නේ නැති එකෙක් එක්ක මැසෙන්ජර් චැටක් දාන්න විදියකුත් නෑ. මුකලානක් මැද්දේ ලැයිට් කපපු සීගිරි එක්ස්ප්‍රස් පාර අයිනේ කළුවරේ අලියෙක් තිබ්බා හා සමානයි. කට්ට කළුවරේ තරු එළියෙන් යාන්තමට එකිනෙකා පෙනෙන මිනිස්සු තිහක් හතළිහක් ගොළුවන් සේ ඈත ක්ෂිතිජය දිහෑ බලාන ඉන්නවා ඊළඟට කතරගමින් කොළඹ යන අභිමානී ටුවර්ස් ක්ෂිතිජයෙන් මතුවෙනකල්. ඩයිබර් පාර අයිනේ ඇන තියාන මිනිස්සුන්ගෙන් කුණු කතා දාහක් අහගෙන වාඩිවෙලා ඉන්න අතරේ කොන්දොස්තර මගීන්ගෙන් කුණු කතා අටෝරාසියක් අහගෙන ටිකට් වල සල්ලි බේරනවා. නොකියා වන් වන් සීරෝ ෆෝන් තියන උන්දැලා විඩින් විඩේ උන්ගේ ෆෝන් ටෝච් එක ගහලා අවට ආලෝකමත් කරනවා අපිට ලැයිට් තියනවා කියන්න වගේ. ඔන්න එහෙම පැයක් හමාරක් සහයෝගෙන් මදුරුවෝ තලද්දී අභිමානී ටුවර්ස් ලේලන්ඩ් යන්තරය ඇවිත් නවත්වනවා අලි එලවන නලාව හඬවාගෙනම. එතැන් පටන් ගමන බොහොම අභිමානයෙන් මොකද කියනවනම් බස් රථයේ නම " අභිමානී" නිසා. එත් කියන්න ලැජ්ජයි ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඇලුමිනියම් පොල්ලක එල්ලිලා හිටගෙන. ආන්න එව්වට තමා කියන්නේ දෙන දෙයියෝ පස්සෙන් එලෝලා ඇවිත් බඩ පුරා දෙනවා කියලා. එතැන් පටන් සියලු ලේලන්ඩ් වද වේදනා විඳගෙන ගොඩයා කරපු මෝඩකමේ ආනිසංස තමුන් වෙතම අනුමෝදන් කරගන්න ගමන් ලේලන්ඩ් පොල්ලේ එල්ලීගෙන හිතේ අමාරුව සමනය කරගන්න උත්සහ කරනවා. කහවේ හංදියෙන් මගියෙක් බැසීම නිමිතිකොටගෙන ගොඩයා වෙත අසුන් ගැනීමේ වාසනාව පෑදුනත් ගොඩයා එය ප්‍රතික්ෂේප කරන්නේ තව නොබෝ වෙලාවකින් හෙවත් විනාඩි දහයක් වගේ කාලයකින් අම්බලන්ගොඩ බස් නැවතුමෙන් බසයෙන් බැසගන්න පුළුවන් නිසා. ඒත් ගොඩයාගේ අවාසනාව එතනින් ඉවර නැහැ කියල ගොඩයාට දැනෙන්නේ අම්බලන්ගොඩ පෙනි පෙනී මාදම්පාගම ඉශාන් හෝටලෙන් තේ බොන්න අභිමානී රියදුරා තීරණය කරන නිසා. බසයේ ඉන්න මගීන් බොහොමයක් තේ බොන්න බැස යන නිසා ගොඩයා හිස් වෙච්චි ආසනේක වාඩි ගන්නවා තවත් විනාඩි පහළොවක් හිටගෙන ඉඳීම තේරුමක් නැති නිසා.
දෙයියෝ දීලා දීලා අහවර වෙලා ඒත් ඉවර නෑ තව තියෙනවා කියන කාරණය ගොඩයා ආයෙත් තේරුම් ගන්නේ ගොඩයා නින්දෙන් ඇහැරෙද්දි අභිමානී අලුත්ගමට ඔන්න මෙන්න කියල වැටහෙද්දී. ඒ කියන්නේ අභිමානී අම්බලන්ගොඩ පහු කරද්දී ගොඩයා ඉඳලා තියෙන්නේ මර නින්දේ.. ෆේක් ඊට් ටිල් යූ මේක් ඉට් කියන සිද්ධාන්තයට හිස නමාගෙන බහින තැන මගෑරුනා උනාට ඒ වග කාටත් අඟවන්නේ නැතුව අලුත්ගමින් බහිද්දී කොන්දොස්තර අහනව " නින්ද ගියා නෙහ් මහත්තයා " කියල. කිඹුලා කනවා ඉවසන්න පුළුවන්ලු .. ඒත් කොහිල කටු අනෙනවාලු ඉවසන්න බැරි..
ඕන් ඊළඟට අලුත්ගම බස් නැවතුම ඉස්සරහ ගාලු පැත්තට යන බස් නවත්තන නැවතුමේ ආයෙත් ගොඩයා සාගත මල්ල එල්ලගෙන ඉන්නවා කොළඹ පැත්තෙන් බස් එකක් මතු වෙනකල්. විනාඩි විස්සක් තිහක් යද්දී එතනට එන මාතර බස් රථයේ කොන්දොස්තර ගොඩයා දිහෑ අමුතු බැල්මක් දාන්නේ වාඩි ගන්න ඕනෑතරම් ආසන තියෙද්දී මේ යෝදයා හිටගෙන යන්නේ මොකදෑ කියන ප්‍රශ්නයට උත්තර නැති නිසා. වෙච්ච සංතෑසි අටෝරාසියක් මදිවට ආයේ ආසනයක හරිබරි ගැහීම මාතර යාම දක්වා දික්වෙයිදෝ කියන භයට ගොඩයා අම්බලංගොඩ දක්වාම වීරියෙන් හිටගෙන යනවා. දෙයියනේ කියල ගොඩයා අම්බලන්ගොඩින් බහිද්දී පාන්දර හයාමාරයි. හැම සතියකම ඉරිදා රාත්‍රියටත් සිකුරාදා රාත්‍රියටත් ගොඩයාව කතරගම බස් එකට ගෙදරින් අරන් එන සහ කතරගම බස් එකෙන් බැස්සාම ගෙදර ඇරලවන ත්‍රිරෝද රථ සගයා ගැමුණු ඔරලෝසු කනුව ඉස්සරහ ත්‍රීවීල් පාර්ක් එකේ බුලත් විටක් හපමින් හයර් එකක් එනකම් බලාන ඉන්නවා ඒ වෙද්දීත්. ගොඩයා හිතේ අමාරුව තදකරගෙන ගිහින් ගැමුණුගේ ත්‍රීරෝද රථයේ අසුන් ගන්නවා..
අද මොකෝ කොළඹ පැත්තෙන්...
නෑ ගැමුණු මට ඔෆිස් එකේ වැඩකට කොළඹ යන්න උනා.. ඒ හින්ද ඇඹිලිපිටි පාරේ කොළඹ ගිහිං ගෙදර එන්න උනේ..
ඒක මිසක්... මං ඒත් කතරගම බස් කීපයක්ම බැලුවත් එක්ක..
සියල්ල අවසානයේ, තිස් දෙකෝටි අනූනවලක්ෂ අනූනවදහස් නවසිය අනූනවයක් දෙවි දේවතාවුන් අහක බලපු දවසක ගණ දෙවියෝ විතරක් ඉදිරිපත්වෙලා ගොඩයාව ගොඩ දැම්ම.
අද සුපර් ස්ටාර්ලා එක්ක බැලුවාම පලවෙනි සුපර් ස්ටාර් වෙච්චි අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ මිහිරාවියේ ගීතය බොහොම සාර්ථක නිර්මාණයක් කියලයි අම්බලන්ගොඩගේ අදහස. පරිප්පු නැවක් බාගෙන හරි එදා ඒ ගීතය අහල ලබපු වින්දනය අදත් අම්බලන්ගොඩයාගේ හිතේ අමරණීයයි. ඇසෙන පළමු වතාවෙම මතකයේ පැලපදියම් වෙන ගීත වර්තමානයේ කළුනික තරම් විරලයි. ඒ අතින් අජිත් බණ්ඩාරගේ සුදු හංසියේ ගීතය නව පරපුරේ ගායකයකුගෙන් බිහිවෙච්ච වන් ෂොට් හිට් එකක් කියලයි ගොඩයාගේ අදහස. ඇහෙද්දී මේ අහවලාගේ හඬ කියන්න තරම් අනන්‍යතාවයක් තිබ්බ අජිත් බණ්ඩාර අද වෙද්දී නොඇසෙනා ගායකයෙක් වීම සිංහල සංගීතයේ අවාසනාව වෙන්න ඇති. සිංදුව කොයිතරං හිතේ පැලපදියම් වුනත් අදත් කලාතුරකින් හරි ඔය ගීතය ඇහෙද්දී ගොඩයාට මතකයට එන්නේ අජිත් බණ්ඩාර නෙවෙයි සීගිරි එක්ස්ප්‍රස්.. මොකද ගොඩයාගේ හිත ඇතුලේ ඔය ගීතයේ අයිතිය තියෙන්නේ සීගිරි එක්ස්ප්‍රස් බස් රථයට මිසක් අජිත් බණ්ඩාරට නොවෙන නිසා..
කොමෙන්ටුවක් දාගෙන යමු..
සුදු හංසියේ මිහිරාවියේ ගීතය මෙතැනින් අහන්න
පින්තුරය ගත්තෙ මෙතැනින්
http://www.clipartpanda.com/categories/choke-20clipart

සුදු හංසියේ මිහිරාවියේ..
සුදු හංසියේ මිහිරාවියේ..
මා අත දවටා.. ඔබේ බඳ වටා..
මා වෙත තව තව..ඔබ ලං කරගෙන..
නිර්මල හදවත.. මුමුණන රිද්මය..
අහන්න කීවා..
මතකද දවසක්දා..