මංතුමා සූටි එකා සන්දියේ ඉස්කෝලෙ ගියේ දේවානන්ද විද්‍යාලෙට.. ඒ කාලෙ ධර්මාශෝකෙ හෝඩිය පංතිය තිබ්බෙ නෑ.. ධර්මාශෝකෙට යන්න ආසා ඕනෑම කෙනෙකුට ඒකට යන්නනම් යන්න තිබ්බෙ ක්‍රම දෙකයි.. එකක් පහ වසර එන්ට්‍රන්ස් එග්සෑම් එක... දෙවැනි එක හය වසර් ශිශ්ත්වය... නෑ නෑ වැරදුනේ නෑ... දැං කාලෙ ශිශ්ත්වය පහ වසරෙ තිබට ඒ කාලෙ ශිශ්ත්ව විභාගෙ තිබ්බෙ හය වසරෙදි... 1977 ඉපදිච්ච අපි තමා හය වසර ශිශ්ත්වයේ අවසාන වින්දිතයන් සැට් එක...
දේවානන්දෙ ඉද්දි මගේ පංතිය තමයි ඒ F පංතිය... එෆ් අකුරේ වචනයක් කියලා ගත්තොත් F අකුරේ හැම වචනාර්ථයකටම කිසීම අසාධාරණයක් නොකරපු සැට් එකක් හිටපු පංතියක් තමයි එෆ් එක... ඒ පංතියේ කොයිතරම් කීකරු සැට් එකක් හිටියාද කියනවනම්, දවසට එකෙක් දෙන්නෙක් අනිවාර්යයෙන්ම වේවැල් පාර කනවාමයි... ලේසියට වේවැල් පාර නොකාපු කීපදෙනාගෙන් මාත් එකෙක්... එන්ට්‍රන්ස් එග්සෑම් එකෙන් ධර්මාශෝකෙට යන්න එෆ් පංතියෙන් සිලෙක්ට් උනේ පස්දෙනෙක් විතරමයි... හැමදාම වගේ පංතියේ 1,2,3,4,5 ස්ථාන ගතපු එවුන් පස්දෙනාම එන්ට්‍රන්ස් එග්සෑම් එකෙන් ධර්මාශෝකෙට එන්න තේරුනා... ඒ නිසා, දේවානන්ද විද්‍යාලයේ පහ වසරේ හොඳම පංතිය විදිහට විරුදාවලිය ලබලා තිබුන F පංතියේ තවදුරටත් ඉන්න තිබුන වාසනාව අපි පස්දෙනාට අහිමිවුනා...
එෆ් පංතියට වැටුන ගුරුවරු බොහෝ දෙනෙක් මිලිටරි ග්‍රේඩ් උදවිය කිව්වොත් තමයි වඩා නිවැරදි... බහුතරයක් පංතියට ආවෙ ආයුද සන්නද්දවමයි... ආයුද ඉතිං බොහෝ වෙලාවට අඩි තුන හතරක් දිග වේවැලක් හෝ කෙවිටක්... ප්‍රයිමරියෙ විදුහල්පති සිරිසේන සරුත් නිතර නිතර එෆ් පංතියට ඉන්ස්පෙක්ශන් ආවා උනාට කවදාවත් කෙවිටක් වේවැලක් ගෙනාවෙ නෑ... ඒ අතිං සිරිසේන සර් දෙයියෙක් කියලා කියන්න කලබල වෙන්න එපා... මොකද කියනවම කෙවිට නැති උනාට සිරිසේන සර් ආවෙ හිස් අතින් නෙවෙයි... සර් අතේ තිබ්බෙ දෙකට නවපු මේන් වයර් එකක්... ඒකෙ රස කොච්චරද කියනවනම්, එක වතාවක් අලුගුත්තේරු වැඩක් කරපු පේලියකටම තලන වෙලාවක මටත් ඒ බෝනස් දිණුම ඇදුනා... අපෙ අප්පෝ ඒකෙ රහ... ඒ පාරවල් දෙක මතක් වෙද්දි අදත් පස්ස පැත්ත ඉක්කා ගහනවා වගේ...
චිත්‍ර කරපු චන්ද්‍රදාස සරුත් කෙවිට එක්ක සෑහෙන්න එක්ස්පීරියන්ස් ගුරුවරයෙක්... චිත්‍ර කියන්නෙ හැම එකාම මොකක් හරි කුරුටු ගාලා ශේප් වෙන විශයක් උනාට ඒ අයිංසක පීරියඩ් එකෙත් හතක් අටක් අනිවාර්යයෙන්ම වේවැල් පාර කෑවා කියමුකෝ... චිත්‍රයක් අඳින්න කිව්වත් ඒකත් අඳින්නෙ නැතුව ඉඳලා ගුටිකන දහයක් පහලොවක් ඉන්න පංතියක් ගැන නිකමට හිතලා බලන්න්කෝ...ආං ඒ ජාතියේ එකක් තමා එෆ් පංතිය... ඒකෙ ඉඳලා එලියට ආවා කියන්නෙ ඉතිං ඩිග්‍රියක් ගැහුවා වගේ තමා...
චිත්‍ර සර් එක්ක ගත්තාම ඊට වඩා ඇග්‍රසිව්ලි ස්ට්‍රයික් කරපු සර් කෙනෙක් හිටිය අපිට.. ඒ තමා බුද්ධාගම සර්... විශයන් විදිහට ගත්තාම චිත්‍ර සහ බුද්ධාගම කියන්නෙ පහ වසර විශය ධාරාවේ තිබ්බ අයිංසකම විශයන් දෙක උනාට එෆ් පංතියේ එවුන් ඒ දෙකේදීත් නැව් ගානට වේවැල්පාර කෑව... ඉතිං ගණිතය , ඉංග්‍රීසි, විද්‍යාව වගේ විශයන් ගැන කවර කුමන කතාද... ඉංග්‍රීසි මිස් පංතියට ඇවිල්ලා ඉගැන්නුවේ ඉංග්‍රීසිද ග්‍රීක්ද කියලා එෆ් එකේ තුන්කාලක් අදටත් දන්නෙ නෑ...
කියන්න අමතකවුනා ... දේවානන්දෙ මිශ්‍ර පාසලක් උනාට ඒ කාලෙ තිබ්බෙ ගෑනු පිරිමි පංති වෙන වෙනම... ඒකෙ තේරුම තමයි ඇම්ඩන්ලා හතලිස් පහක් පනහක් එකම පංතියේ කියන එක ... වේවැලයි , කෙවිටයි අඛන්ඩව සේවය සැලසුවාට ඒ දෙකටම වැඩ වැඩි උනා බොහෝ වෙලාවට රිලීෆ් වැඩ බලන්න ආවෙ සිරිසේන සර්ගෙ මේන් වයර් එක...
බුද්ධාගම සර්ගෙ විශය ඉගැන්වීම එයාටම අනන්‍යයි... සර් ඉස්සෙල්ලම කරේ එදාට නියමිත පාඩම ඉගැන්වීම... පීරියඩ් එකෙන් භාගයක් වගේ යද්දි සර් පාඩම කරලා ඉවර කරනව... එහෙම බැලුවාම මරු කියලා හිතෙනවා උනාට පාඩම එතැනින් ඉවර නෑ... ඊට පස්සෙ තමයි සර් වේවැල අරගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගන්නෙ... කරපු පාඩමෙන් ප්‍රශ්ණයක් බෝර්ඩ් එකේ ලියන සර් ඒකෙ උත්තර අහගෙන පංතිය පුරා යනව කියහංකෝ... සර් නම්කරන කෙනා ප්‍රශ්ණෙට උත්තර සැපයිය යුතුයි... ඒත් ප්‍රසිද්ධියේ නෙවෙයි... උත්තරේ දෙන්න ඕන සර්ගෙ කණට කරලයි... උත්තරේ හරිනම් සරුත් සතුටින් උත්තරේ දුන්නු කෙනත් සතුටින්... උත්තරේ වැරදිනම් සර් සහ වේවැල පමණක් සතුටින්... වැරදි උත්තරේ දීපු එකා අම්බානෙකට දුකෙන්... එක ප්‍රශ්ණයක් අතුලේ විස්සක් තිහක් කනවා කියන එක ඉතිං ඉන්සූරන්ස් එකට වඩා සුවර්...
ඕං දවසක් පාඩම ( මතක විදිහට) නිබ්බුත පද... වෙලාව හතරවෙනි පීරියඩ් එක... වෙනත් විදිහකට කියනවනම් ඉන්ටවල් එකට කලින් පීරියඩ් එක... නිබ්බුත පද ටික පීරියඩ් එක ඇතුලේ පාඩම් කරගැනීමත්, නිබ්බුත පදවලට අදාල සර් අහන ප්‍රශ්ණවලට උත්තර සැපයීමත් අනිවාර්යයි... බෝර්ඩ් එකේ දාල තිබ්බ ප්‍රශ්ණය තමයි නිබ්බුත පද කීවේ කව්ද කියන එක... සර් වටේම නෙලාගෙන මං ඉන්න පේලිය දිහාවටත් ආවා කියමුකෝ... මං ඉන්නෙ වම් පැත්තෙ ඉස්සරහම පේලියේ... පස්දෙනා ඉන්න පේලියේ මම මැද එකා..හේතුව මොකක්ද කියලා අදටත් දන්නෙ නැති උනාට සර් ඉස්සරහ පේලිවලින් ප්‍රශ්ණ ඇහුවෙ බොහොම කලාතුරකින්... ඉස්සරහ පේලියේ එවුන් වේවැල්පාර කෑවෙත් බොහොම කලාතුරකින්... මං ඉතිං ලොතරැයි දිනුම්වලට ගොඩාක් අවාසනාවන්ත පොරක් උනාට එදා මට බුද්ධාගම ලොතරැයිය ඇදුනා කියහංකෝ...
හ්ම්... කියනවා බලන්න ... නිබ්බුත පද කිව්වෙ කව්ද ?
මංතුමා උත්තර නෑ...
කියනවා අයිසෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ...
පිස්සුවක් තියෙයි... නිබ්බුත පද කිව්වෙ කිසා ගෝතමිය කියලා දන්නවා උනාට මං දෙයි එව්වට උත්තර...
මොකද ඕයි ගල් බිල්ලා වගේ බලන් ඉන්නේ... උත්තර දෙනවා...
ඉස්සරහ පේලියේ එකෙක් කන්න ලෑස්ති වෙද්දි පස්සෙ පේලිවලින් එන සිරික්කිය වෙනමම එකක්... එව්වට සැලෙන පොරක්ද මම... මම දෙයි උත්තර...
මොකද ඕයි වෙලා තියෙන්නෙ... තමුසෙ ලෙඩිංද...
මට ඉතිං ඉහෙන් බහින අසනීපයක් නෑ... ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නය බුද්ධාගම සර්ට කියලා පලක් නෑ නෙවෙයි කියලා බෑ...
මොකද ඕයි මේ යෝදයට වෙලා තියෙන්නෙ... බලන්වකෝ... ගල් බිල්ලා වගේ ගොලු වෙලානෙ... තමුසෙට මොකක් හරි අපහසුතාවයක්ද?
අපහසුතාවයන් තද කරගෙන ඉඳලා කලිසමේ කැත කරගත්තු එවුන් ඉන්න ප්‍රසිද්ධ ස්ටාන්ස් එක ඒක නිසා සර් සැක කරන්නෙ මටත් එහෙම එකක් කියලා උනාට මට එහෙම එකක් නෑ... මම ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න ඕන නෑ... එච්චරයි...
අයිසෙ බලනවා මේ යෝදයගෙ පස්ස පැත්තෙන් ගඳක්වත් එනවද කියල... සර් එහෙම කියන්නෙ මගේ පස්ස පැත්තට එබෙන ගමන්... මගේ දෙපැත්තෙම ඉන්න එවුන් දෙන්න මගේ පස්ස පැත්තට එබීලා හොඳ හුස්මකුත් ඇදලා බලනව ගඳක්වත් ආග්‍රාහනය වෙනවද බලන්න...
නෑනෙ ඕයි... කියනවා තමුසෙට අසනීපයක්ද...
මං මීක් නෑ... ගල්ගැහීලා ඉන්නවා ඇරෙන්න මගෙන් කිසීම ප්‍රතිචාරයක් නෑ... මුලු පංතියම සිනා සාගරයයි...
උතතර දෙනවා... කව්ද නිබ්බුත පද කිව්වෙ... කව්ද නිබ්බුත පද කිව්වෙ... අයෙසේ දන්නේ නැත්තම් දන්නේ නෑ කියනවා...
මම උත්තර නෑ... මම බිල්ලා සේ බෝර්ඩ් එක දිහා බලාගෙන ඉන්නව... ඒ අතරේ බුද්ධාගම සර්ගෙ ඉවසීම ඉවර උනා... සර්ගෙ අතේ තිබ්බ වේවැල ඉහල ගිහිං පහල ආව තුන් පාරක් මගේ පිට හරහා... අපෙ අප්පෝ ඒකෙ සනීපෙ... ප්‍රශ්නෙ බැරිවුන එවුන්ට සාමාන්‍යෙන් වේවැල්පාර එකයි... ඒත් මට තුනයි...
පල එලියට... සර් මගේ අතින් ඇදගෙන ඇවිත් පංතියෙන් එලියටත් තල්ලු කරලා දැම්ම... පංතිය සිනා සාගරයයි... මිලිටරි ග්‍රේඩ් වේවැල් පාරවල් තුනක් කාපු පිට පුපුරු ගහනවා උනාට මට ඒ වේවැල් පාරවල් තුන හෙන ජයග්‍රාහී වේවැල් පාරවල් තුනක්... පංතියෙන් එලියට දාපුගමන්ම සර් ආයෙම ප්‍රශ්ණෙට උත්තර අහගෙන වෝර්ඩ් රවුන්ඩ් යන්න පටන් ගත්ත... මමත් ගල්භීතවෙලා කටේ හිර කරගෙන හිටපු ඇස්ට්‍රා ගාලා සීනි දාපු රසම රස පාන් කෑල්ල හීනියට විකලා ජුබුස් ගාලා ගිලලා දැම්ම...
අපෙ අප්පෝ දැනුන සනීපෙ... එච්චර වෙලා ගල්භීතවෙලා හිටියෙ කටේ රසම රස පාං කෑල්ලක් පුරවගෙන කියලා කාටවත් නෝන්ඩි නෑ... හතරවෙනි පීරියඩ් එක කෙලවරේ අම්බානෙකට හද්දා බඩගින්නේ ඉන්න එකෙකුට ඇස්ට්‍රා ගාලා සීනි දාපු පාන් කෑල්ලක් කියන්නෙ සෝමාලියාව දාපු රෝස්පාන් ගෙඩියකටත් වඩා වටින රසම රස කෑමක්... අද උනත් ඒ ගැන කල්පනා කරද්දි මට හිතෙන්නෙම එදා බුද්ධාගම සර් පරාදයි... මං දිනුම් කියලාමයි... උගන්නන වෙලාවේ කාලා මාට්ටු වෙලා නෝන්ඩි වෙලා කිච වෙලා බුද්ධාගම සර්ගෙන් වේවැල්පාරත් කාලා ඉන්ටවල් එක ඉවර වෙනකල් සිරිසේන සර්ගෙ ඔෆිස් එකේ දන ගහගෙන ඉඳලා, අවසානයේ සිරිසේන සර්ගෙ මේන් වයර් සංග්‍රහයත් භුක්ති විඳිනවාට වඩා ප්‍රශ්ණෙට උත්තරේ බැරුව වේවැල්පාරක් කන එක, ආර්ථික අතින්, දේශපාලනික අතින්, සමාජයීය අතින්, අධ්‍යාත්මික අතින්, ඇතුලු මෙකී නොකී හැම අතින්ම වාසිදායකයි... එක වේවැල්පාරක රිස්ක් එකක් අරගෙන තුනක් කන්න උනත් වෙන්න ගිය සංතෑසියට වඩා ඒ වේවැල්පාර් තුන එකෙන්ම මට වාසි ඩීල් එකක්... ඒකයි මම කියන්නෙ මිනිස්සු උනාම අවාසි වෙන තැනදීත් වැඩිම වාසිය වෙන අවාසිය තෝරාගන්න තරමට Business Minded වෙන්න ඕන කියල...
නියමයි. 😂🤣🙏👌
ReplyDeleteමේකත් කියවලා, අමාරිස් උන්නැහේගෙ පෝස්ට් එකත් කියෙව්වා.😊
ස්තුතියි බස්සා..
Deleteහිනාව ඉස්පොල්ලේ ගියා බං....
ReplyDelete---කොළොම්පුරේ අසංග-----
මොකෑ ඇනෝ වෙලා..
Deleteබුක් දාගම වගේද පාං කෑල්ල
ReplyDeleteඅනික නිබ්බුත පද ඉතිං කාට උනත් කියන්න බැරියැ.
අනේද කියන්නෙ..
Deleteඅමු ජඩ ගුරුහොරු!
ReplyDeleteනොදකින්!
රැලටම තලන එන හරි නෑ රසික.. සමහරුනම් අමු ජඩ හොරු තමා..
Deleteහපොයි , මම මගේ බ්ලොගේ ලියල තියනව වගේ ගහන ගුරුවරු මට පෙන්නන්න බැහැ. මගේ සාතිශය සංවේගය. ලංකාවේ ගොඩක් පන්තිවල ගහල හදපු නිසා වෙන්න ඕනේ මිනිස්සු තීරණයක් ගන්න වුනත් බය. ගොඩයා කරල තියෙන්නේ ඒ ප්‍රවාහයට විරුද්ධව යන එක. සැලියුට්
ReplyDeleteඔය වරදටම මම ඉන්ග්‍රීසි මිස්ගෙනුත් කාලා තියෙනවා අජිත් අයියෙ... කොච්වර ගුටි කෑවත් උගන්වන වෙලාවෙ කන එන නවත්තගන්නම බැරිවුනා..
Deleteඉන්ටවල් එකට කන්න දීපු කෑම එක 4වෙනි පීරියඩ් එක ඉවරවෙන්න කලින් දෙසා බාලා ඉටෝල් එකේ දූවිලි නාපු උන් අපි 😁
ReplyDeleteඅපූරුවට ඒසී එකට වෙලා ඉන්න පුලුවන්කම තියෙදි දැනුත් දැනුත් දූවිලි නානවා උඹ...
Deleteඒ කියන්නේ මේක තමයි මන් දැකපු ජරාම පන්තිය..🤣
ReplyDeleteඑහෙම තමා ගුරුවරුත් කීවෙ..
Delete